මං නාලක සර්ට හිනාවෙලා එතනින් එන්න ආවෙ ලොකු ප්ලෑන් එකක් හිතේ තියාගෙන. මං සර්ට කිව්වෙ බොරුවක් , නෝර්මලි මං කරන්න බලාපොරොත්තු වෙන දේවල් කිසිම කෙනෙක්ට කලින් කියන්නෙ නෑ . මං මේ විදින්න හදන ඊතලේ මං විදින්නෙ හරිම ඒම් එක නොදැන......!!!මගෙ ඉලක්කෙ උනේ නාගල වලව්ව ගැන දැනගන්න. ඇයි ඒ මිනිස්සු ඒ වලව්ව දාලා ගියේ කියන්න ....!!!
අනික කවුද ඔය කියන වලව්වෙ පොඩි හාමු.... ??
මොකක්වෙලාද ඒ කෙනා මැරුණෙ... ??
කියල දැනගන්න එක තමයි මගෙ අරමුණ උනේ......!!!
අනික් වැදගත්ම දේ තමයි මං මේ කේස් එක ගැන චෙක් කරපු ෆයිල් ඔක්කොගෙම වගේ හිටියෙ පිරිමි විතරයි. මට ලොකු සැකයක් තිබ්බ මේ ඔක්කොම උන්ට මොකක්මහරි සම්බන්ධයක් මේ වලව්වත් එක්ක ඇති කියල. එහෙම උනොත් මේ කොටි අවතාරෙ ඇයි මේ වලව්ව පස්සෙ පන්නන්නෙ කියල මට හොයන්න වෙනව.....!!!
මුලින් දේවා ගැන සැකයක් තිබ්බත් දේවාගෙ නම මේ මර්ඩර්ස් සම්බන්ධ කිසිම තැනක සඳහන්වෙලා නෑ. ඒත් කොටියට බය නැති මේ ගමේ ඉන්න එකම මිනිහත් දේවා නිසා දේවා ගැන හොයන්නෙ නැතුව ඉන්නත් බෑ......
මං පොලිස් නිළධාරීයෙක්....!! මට පෞද්ගලික ජීවිතයයි රාජකාරී ජීවිතයයි පටලවගන්න බෑ. මං හැමදේම හොයන්න ඕනෙ , වලව්ව හෝ දේවා හරි මේකට සම්බන්ධ මොකාව හරි මං අනිවාර්යයෙන්ම හොයාගන්න ඕනෙ......!!
ඒවගේම ඒ හෙවිල්ලෙන් මේ කොටියව සදහටම ඉවර කරල දාන්න මට පුළුවන් වෙයි කියල මං විශ්වාස කරනව.....!!!
මං ඩියුටි ඕෆ් වෙලා ගෙදර ආවෙ ලොකු ප්ලෑන් එකක් ඔලුවෙ තියාගෙන. ආපු ගමන් සපත්තු දෙක විතරක් ගළවල දාලා කෝටස් එකට පහළින් තියෙන කුඹුරු යාය දිගේ ටිකක් ඉස්සරහට ගියා......
කොළඹ ගෙන්ඳගම් පොළොව වගේ නෙවෙයි ලාවට පින්න බාලා තියෙන ළපටි තණකොළ මගෙ නිරුවත් කකුල් දෙකට පෑගෙද්දි දැනුනෙ පුදුම සීතලක් , ඒ සීතල හරිම සනීපයි. ඒ සනීපදායක හීතලට පුළුවන් උනා මගෙ මුලු ඇඟම නිමන්න. සපත්තු වලටම මැදිල තිබ්බ මගෙ කකුල් හරි ආසාවෙන් ඒ තණකොළ උඩ ඇවිද්ද......!!!