🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸
ප්‍රේමණිය හෝරාවන් ඉතිරි කරන්නෙ මිහිරි නැවුම් මතක විතරයි කියලා කිව්වාට , ඒ ප්‍රේමණිය හොරාවන් අතරෙ හදවතට දරාගන්න බැරි තරම් සංවේදී මතකත් ඉතිරි වෙනවා කියලා ගොඩක් අය හිතන්නෙ නැ. හදවතට දරාගන්න බැරි තරම් මහ ගොඩක් ආදරය ලැබෙනකොට මට හිතුනෙම මගෙ හදවත මේ දැන් කඩාවැටෙයි කියලා . ඒ නිසාම අත් දෙකෙන්ම තදින් පපුව අල්ලගත්තෙ හදවත කඩා වැටෙයි කියලා ලොකු බයක් ඇති වුන නිසා.
නිරුවත් දෙපා වලට පැගෙන සීතල පිනි බිංදු මුලු ශරිරයෙම තියෙන රෝම කූප කෙලින් කරද්දි මම ඉදිරියට ඇවිදන් ගියා. සීතලම සීතල සිසිරයෙදි ගිම්හානයෙ උණුසුම ලෝබ නැතුව ලැබෙනවා වගෙම වසන්තයෙදි සිසිරයෙ සීතලත් , ගිම්හානයෙ උණුසුමත් කිසිම වෙනසක් නැතුවම මට දැනුනේ ඔහුගෙ ඒ ප්‍රේමණිය වැළදගැනිම් නිසා.. ඉතින් මේ ඇවිදන් යන්නෙ ආයෙත් සැරයක් ඒ ප්‍රේමණිය හොරාවන් වල මතකයන් ඔහුත් එක්කම අලුත් කරගන්න..
ඇත්තටම ආදරය කරන්න එක දවසක් විතරක් විශෙෂ වෙන්න ඔනේ නැ. හැමදාම එකවගෙ ආදරය කරන්න , ආදරය ලැබෙන්න තියෙනවා නම් වටින්නෙ ඒක. ඒ වුනාට ප්‍රේමවන්තයන්ගෙ දිනයෙදි ඒ හැමදාම දැනෙන ආදරය ටිකක් වැඩියෙන් දැනෙනවා කියලා මට හිතෙනවා .
උදේ ඉදන් පායලා තිබුණ ඉර කාටත් හොරෙන් කදුවැටිය අතරෙ සැගවිලා යනකොට , මුලු අහසම ලා තැඹිලි පාටෙන් වැහිගෙන ගියේ ප්‍රේමවන්තයින්ට ඔවුන්ගෙ ආදරෙ ගැඹුරුම තැන ස්පර්ශ කරන්න ඉඩ දෙමින්.. හැමදාමත් වගේ ලස්සන පාට පාට මල් පොකුරු වලින් වැහුණු ඒ සාප්පුව ඉදිරිපිට නතර වුන මම මොහොතක් බලන් හිටියෙ , කලබලයෙන් දුවගෙන ඇවිත් රෝස මල් පොකුරු අරගෙන යන ආදරවන්තයින් දිහා. ඔව් , ඒ හැමොගෙම ඇස් වල උතුරන්න ආදරය ලියවිලා තිබුනා .. ඉතින් අද ඒ ඇස් එක්ක , රතු රෝස මල් පොකුරක් ලැබෙන ආදවරන්තියන් ඇත්තටම වාසනාවන්තයි නෙද...
මොහොතක් බලන් හිටපු මම රතු රෝස මල් පොකුරු මැදින් ඉස්සරහට ඇවිදන් ගියේ ඇගිලි තුඩු වලින් ඒ රෝස මල් සියුම්ව ස්පර්ශ කරමින්. ඉතින් මේ තමයි ආදරයෙ කිසිදා නොමැකෙන සංකේතය.. Happy valentine ... මම ඔයාට ගොඩක් ආදරෙයි .. වගෙ වචන ඒ මල් ඇතුලෙ අනිවාර්යයෙන් හැංගිලා ඇති . ඒත් මම තාමත් නිහඩව ඉදිරියට ඇවිදන් යනවා . අවසානයෙ මගෙ ඇස් හැමදාමත් වගෙ නතර වුනෙ සාප්පුව කෙළවරට වන්නට දුඹුරු පැහැ කූඩයක දමා ඇති කුඩා නිල් පැහැති මල් පොකුරු අසල.
YOU ARE READING
Curse Of Love
Romance" හැමෝම රතු රෝස මල් ලග නතර වෙනකොට මේ පුංචි මල් පොකුරු ලඟත් කෙනෙක් නතර වෙන්න ඕනානේ "