" පැටියෝ .. පැටියෝ .. ඇහැරෙන්න.. පැටියෝ "එය සෑම උදෑසනකම ඇසෙන දෙයයි. නමුත් මේ සතිය පුරාම එය ඔහුව උද්යෝගිමත් කළේය.
ඉතින් නිදිමත සමඟ සටන් වැදී යීබෝ බලෙන්ම දෑස් විවෘත කළේය. නමුත් ඒවා විවෘත කළ මොහොතේදීම ඔහු බලාපොරොත්තු වූ කෙනා ඔහු ඉදිරියේ නොසිටින විට යීබෝ මුහුණ බෙරි කර ගත්තේය. පලායමින් තිබුන ඈලි මෑලි ගතිය නැවත පැමිණියේය. ඔහු නිදා සිටි සෝෆා එකට අත මිටවාගෙන ගසන්නට විය.
*කැහ් කැහ් *
ඒ හුරුපුරුදු කටහඬ උගුරෙන් ශබ්දයක් කරන විට යීබෝගේ සියලු දඟ ක්‍රියාවන් නතර විය. රවුම් දෑස් විශාල කරගෙන ඔහු සෝෆා එකෙන් බිමට පැන්නේය. බිමට පයින් ගසා තිබූ කුෂන් එකින් එක අහුලා සෝෆා
එක මතින් තැබුවේය. කොයිවෙලේ එහි පැමිණියේදවත් නොදැන සිටි බෙඩ් ශීට් එකක් බිමෙන් අහුලාගෙන එය නමා (රෝල්කොට ) සෝෆා එක මතින් තැබුවේය.
කොන්ද කෙලින් කරගෙන කකුල් ලන් කරගෙන කලල මතින් අත් තබාගෙන යීබෝ වාඩිවුනේ සුවච කීකරු දරුවෙකු ලෙසය. මුව පොව්වෙක් සේ අහිංසක ව පෙනුන ඔහුගේ රවුම් දෑස් ඉදිරියේ සිටි මිනිසා වෙතට ගියේ හෙතෙම කිරි වීදුරුවක් අතට ගෙන එන විටයි.
චාන් නම් කවදත් මෙන් කඩවසම්ය. කඩවසම් හැඩි දැඩි පිරිමියෙක් ඒප්‍රනයක් ඇඳගෙන සීතල ආඩම්බර මුහුණකින් බලා සිටින විට ඊට වඩා සරාගී විය හැකි දර්ශනයක් තවත් නැත.
" තැන්කිවු ගාගා "
හරි මිහිරි ලෙස යීබෝ ඔහු අතින් තැබූ කිරි වීදුරුව අතට ගත්තේය. නමුත් චාන් නම් හැසිරුනේ ඔහු ඒ වීදුරුව හිස් අවකාශයට දික් කළ ලෙසය. කිරි බොන තරඟයක යෙදී ඇති ලෙස කිර වීදුර එක හුස්මට ගිල දමන ඒ රෝස පාට තොල්පෙති මගහැරිය චාන් ආයෙත් මුළුතැන්ගය දෙසට ඇවිද ගියේය.
යීබෝ මුලු වීදුරුවම එක උගුරට බීවේය. වීදුරුව පහත් කරන විට ඔහු බලාපොරොත්තු වූවා ලෙසම කිරි රැවුලක් සෑදී තිබුණේය. නමුත් ඊළඟ මොහොතේ ඔහුගේ තොල් නැවත බෙරි වූයේ චාන් පෙනෙන්නටවත් නැති විටය.
කට පිහින්නට කෙනෙකුත් නැති නම් කිරි රැවුලක් තිබීමේ අර්ථය කුමක්ද ? යීබෝ කෝපයෙන් බිමට පයින් ගසා ඔහුගේ කට සෝපාවේ පිසුවේය.
YOU ARE READING
චන්ගා සුරදූතයෙක් නෙවෙයි...!!!
Fanficසර්ව සම්පුර්ණ මිනිස්සු මේ ලෝකේ ඇත්තටම නැද්ද? ඒත් යීබෝගේ ගාගා නම් හරිම සර්ව සම්පුර්ණයයිනේ. හරියට නිකන් පිස්සු fanfiction එකක එන මනක්කල්පිත චරිතයක් වගේ. ඒ කියන්නේ යීබෝගේ ගාගා මේ ලෝකේ කෙනෙක් නෙවෙයි ද? සුරදූතයෙක් වත් ද? ⚠️️ Zhanyi Fanfiction එකක් ⚠️️ ම...