Chapter 13 : I'm fine

113 22 69
                                    

" නැගිටපන් !!!!!! "

මහ හයියෙන් ඇහුන කෑගැහිල්ලක් එක්ක දූවීලි පොලොව උඩ වැටිලා හිටිය ජිනී අමාරුවෙන් ඇස් දෙක ඇරියා.

" ව..වතුර "

ජිනී අමාරුවෙන් මුමුනද්දි සොක්ජින් ඒක නෑහුන ගානට ජිනීගේ ඉස්සරහින් දනගහපු සොක්ජින් අවුල් වෙලා තිබුනු ජිනීගේ කොන්ඩෙන් ජිනීගේ ඔලුව ඉස්සුවා.

" නැගිටපන් !!!! මට ආයේ කියන්න තියන්න එපා !!! "

ජිනීගේ වෙලාවකට ඇරෙන තවත් වෙලාවකට වැහෙන ඇස් දිහා බලාගෙන සොක්ජින් ආපහු පාරක් කෑගැහුවා.

" හ්‍යුන්ග් පිස්සෙක් වගේ හැසිරෙන්න එපා ! "

සොක්ජින්ව පැත්තකට කරපු නම්ජූන් ජිනී ඉස්සරහින් වාඩි වෙලා ජිනීට නැගිටින්න උදව් කරා.

" මේක බොන්න "

ජිනී අමාරුවෙන් ඔලුව උස්සලා නම්ජූන් දිහා බලද්දි කම්මුල් වල වල ගැහෙන විදියට හිනාවුන නම්ජූන් එයාගේ අතේ තිබුන බෝතලේ මූඩිය ඇරලා ජිනීගේ අත් දෙක උඩින් තිබ්බා.

ජිනී අතට හම්බුන වතුර බෝතලේ බීගෙන බීගෙන යද්දි සොක්ජින් නොඉවසිල්ලෙන් ඒ දිහා බලන් හිටියා.

" හ්‍යුන්ග් මෙයාට බෙහෙත් දම්මවන්න ඕන "

නම්ජූන් කියද්දි සොක්ජින් ඇස් රෝල් කරලා කාමරෙන් එලියට ගියා.

" මිස් යේනා. ඔයාට නැගිටගන්න පුලුවන්ද ? "

නම්ජූන් ජිනීගෙන් අහනකොට ජිනී අමාරුවෙන් ඔලුව දෙපැත්තට වැනුවා.

" ඔලුව ටිකක් තුවාල වෙලා තියෙන්නේ. බෙහෙත් දැම්මම හරියයි. "

නම්ජූන් එහෙම කියලා සිහියත් අසිහියත් අතර වැටිලා ඉන්න ජිනීව තමන්ගේ අත් අතරට ගත්තා.

" නම්ජූන් මොකක්ද ඔය කරන්න හදන්නේ ? "

සොක්ජින් ආයෙමත් පාරක් කෑගහනකොට නම්ජූන් සොක්ජින් දිහා රවලා බැලුවා.

" මෙතන තියාගෙන බෙහෙත් දම්මවන්න බෑනේ හ්‍යුන්ග් "

නම්ජූන් කියද්දි සොක්ජින්ගෙ ඇස් දෙක තිබුනේ නම්ජූන්ගේ අත් දෙක උඩ ඉන්න ජිනී ගාව.

🅙🅞🅤🅡🅝🅐🅛🅘🅢🅣 Where stories live. Discover now