වියරු අහස... 01

23 1 0
                                    

වියරු අහස......

පලවෙනි දිගහැරුම.

නිවසේ කවුරුත්ම නැත.හොදටම අකුනුගසමින් වහින වැස්ස නිසා විදුලියද නොමැත.
වැස්සේ ගිගුරුමත් නවතින පාටක් නැත.
ඉටිපන්දමක් පමනක් දල්වා මම පුටුවට වී ගුලිවී සිටියෙමි.සීතලය.

එක්වරම කව්ද දොරට තට්ටුකරන හඩක් ඇසුනි.ඒ මල ගෙදරක ගිය අම්මලා විය නොහැක.
මම දොර  විවර කලෙමි.
"බුදාම්මෝ මෝහිනී"
මට කෑගැසුනා විය යුතුය. අත ඇති ඉටිපන්දමද බිමට වැටී නිමුනි.
නිවස පුරා ගන අන්දකාරයකි.
එක්වරම පැමිනි ආලෝකයකින් මම ඇයව යලිත් දුටුවෙමි .
"ඉතිපිසෝ භගවා.. "මට කියවෙන්නට විය. ඇය සුදු පැහැති කුර්තා බ්ලව්සයකින් හා කලිසමක් ඇද සිටියාය.ඇගේ අතෙහි අවුරුදක දෙකක දරුවෙකි. දෙදෙනාම හොදහැටි තෙමීගෙනය.
"අනේ මහත්තයෝ අපි දෙන්නට ටිකකට ගෙට එන්න දෙනවද , හොදටම වැස්ස මගෙ දරුවට අසනීපයක් වත් හැදෙයි."
ඇය කීවාය.
මෝහිනී වුවද ඇය අසරනය.මගේ හිතෙහි තිබුන බය අඩු විය.
"හරි එන්න ගෙට"
අම්මා , තාත්තා නංගි කුමක් කියයිදැයි මට සිතුනේ නැත.
මෝහිනී නම් මාගේ පනද බේරාගත යුතුය.
මම ඇයට ගෙට ගොඩ වෙන්නට ඉඩදුනිමි.
ඉටිපන්දම නිවී ගොසිනි.මම කලුවරේම අතපත ගා ගිනිපෙට්ටියක් සොයා ගැනීමට ගියෙමි. අමාරුවෙන් මම යලි ඉටිපන්දමක් දල්වා ගතිමි.

"එන්න වාඩිවෙන්න." මම ඇයට පුටුවට ඒමට මග පෙන්නුවෙමි.අසල වූ මේසයේම ඉටිපන්දම ගැසුවෙමි.
මෝහිනී ලගට යන්න හොදනෑ කරදර කරොත්ලුනේ කේන්ති යනවා කියන්නේ.මම මදක් පසෙකට වී ඇය දෙස බලා සිටියෙමි.
ඇය පුටුවේ වාඩිවී දරුවා ඔඩොක්කුවට ගෙන ඇත.කොන්ඩය තෙමී ඇති නිසාදෝ කඩාදමා ඇත.ඉනටත් වඩා පහලට දික්වූ කොන්ඩය.ඇගටම ඇලී ඇති කුර්තා බ්ලව්සය.
මගේ ඇස් අහකට ගත නොහැකි විය.වශීවූවාක් වැනිය.
මෝහිනී මාව වශී කරගන්න හදන්නේ. මම හිස ගසාදමා අහක බලා ගතිමි.
අදුරට වී ඇය දෙස බලාසිටීම අපූරුය.දරුවෙක් සිටියද ඇගේ රූප ස්වභාවයේ කිසි අඩුවක් නැත.පිරුනු පියයුරු හැඩැති සිහින් ඉග, යලිත් මෝහිනී මා ඇගේ වසගයටපත් කිරීමට උත්සහ කරයි.
ඇගේ කිසි කතාවක්ද නොමැත.
අම්මලාද තවම නැත.
දරුවාද ඔඩොක්කුවේ තබාගෙන ඇයටද නින්ද ගොස් ඇත.
හරී ශෝක් පිට ගෙදරක ඔහොම නිදාගන්නවද. යකෝ මේකි මාර යක්සනියක්නේ .
එක්වරම විදුලිය පැමිනුනි.මට සතුටක් දැනුනි.දැන් මෝහිනීට මම බය නැත.

පුතා මේ කවුද,
මට දොර වහන්නට අමතක වී ඇත.

"අප්පච්චී මන් දන්නේ නෑ"

"එහෙම තනියෙම එන ගෑනුන්ව ගෙට ගන්නවද. මහ ලොකු උපාදි ගත්තට මෙලෝ මොලයක් නෑ. හොරෙක් එහෙමනන් මොනා කරන්නද.මෙලහට මරල බඩුත් අරන් ගිහින්.බල්න්න නිලූ ඔයාගේ පුතා කරලා තියෙන වැඩ . "අප්පච්චිගේ බැනීමේ ඉවරයක් නැත.

"තාත්තා වගේනෙ පුතාත්, හිත උනුවෙන්න ඇති."
අම්මාගේ ඉවසීම මම දැන සිටියෙමි.

තාත්තගේ සදදයට ඇය ඇහැරී ඇත.

"දුව කොහේ ඉදන්ද?"
අම්මා ඇයට සමීප වී ඇසුවාය.

"නෝනා , වැස්ස නිසයි දරුවා තෙමෙන නිසයි ,මට යන්න තැනක් නැති උනා. මේ මහත්තයාට ගොඩක් පින් මාව ගෙට ගත්තට."

ඇති යන්තම් ඇය මෝහිනී නොවෙයි...

කව්ද ඇය...මීලග කොටසින්....

You've reached the end of published parts.

⏰ Last updated: Mar 08 ⏰

Add this story to your Library to get notified about new parts!

වියරු අහස...Where stories live. Discover now