119

135 16 0
                                    

සඳට පෙම් බඳින්නම්... 🖤🌙
119

⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡♥️⚡🖤⚡

නුරායා වටපිට සෝදිසි කරමින්ම ගියේ මුළුතැන්ගෙය වෙතටයි.

නැත! තවත් මේ පීඩනය සිතේ තබාගෙන සිටිය නොහැකිය. ඔහුත් තමාත් නදීෂ්ගෙන් මිදිය යුතුය. ඉතිං ඈ සැරසුණේ නැවත වතාවක් නිර්භීතව නදීෂ්ට විරුද්ධව නැගී සිටීමටයි.

"හෙලෝ.."

ඇය දුරකතනයෙන් ඇමතුවේ මේ මොහොතේ තමාට උදව් ලබාගත හැකි එකම පුද්ගලයා යැයි සිතුණු කෙනා හටයි.

"හෙලෝ, කියන්න නුරායා"

"අක්කේ ඔයා වැඩක් ද? කතා කරන්න පුළුවන්ද මේ වෙලාවේ?" අනෙක් පසින් පිළිතුරු ලැබුණු සැනින් නුරායා විමසුවේ හදිසියෙනි. නැළවි නැළවි කතා කිරීමට වෙලාවක් නොමැත. ඔහු පැමිණියහොත් සියල්ල අවසන්ය. නමුත්, අද දිනය පුරාවටම සිටියේ රදීෂ්ය. නදීෂ් පේන තෙක් මානයක නොවූ නිසයි නුරායා මෙලෙස දුරකතන ඇමතුමක් ලබා ගැනීමට හෝ නිර්භීත වූයේ.

"ආ.. ඔව්. අවුලක් නෑ.. කියන්නකෝ.." මධුමිතා එලෙස පැවසුවෙන් නුරායා කතා කරන්නෙත් රහසින් රහසින් වගේ යැයි ඇයට සිතුණු නිසයි.

"මේකයි අක්කේ.. මට ඔයාගෙන් ලොකු උදව්වක් ඕනේ.. අනේ.. මට තේරෙන්නේ නෑ.. මොනා කරන්නද කියලා..." ඈ හැඬුමට ආසන්න හඬකින් එලෙස පවසද්දී මධුමිතාට නැගුණ ප්‍රශ්නාර්ථයත් සමඟින්ම ඇය නුරායා පවසන දෑ අවධානයෙන් අසා සිටියේ යමක් වටහා ගැනීමටයි.

"නංගි.. නුරායා.. මොකද වුණේ කියන්නකෝ.. ඔයා ඔය අඬනවද?"

"අහන්නකෝ අක්කේ... රදීෂ්.. රදීෂ්..එයා ඉන්නවනේ... එයා.. ඔයා හිතන කෙනා.. නෙවේ.. අක්කේ.. එයා... මේ කිසිම දෙයක් දැනගන්න බැහැ.. හැබැයි මම ඔයාට කිව්වා කියලා... එයා අක්කේ..." නුරායා තව තවත් විස්තර කිරීමට ගියත් එක්වරම මුළුතැන්ගේහි වූ හොඳින් මැද තිබූ කේතලයෙන් ඇය දුටුවේ රදීෂ්ගේ ඡායාවයි. විසල් කරගත් දෙනෙතින්ම ඈ බලා සිටියේ ඔහු දෙසයි. ඔහුට මේ කිසිවක් ඇසුණාද? එසේ නම් ප්‍රශ්නය බරපතලය.

ඔහු තමා දෙසම බලාගෙන එකම ඉරියව්වෙන් සිටින ආකාරය නිසා නුරායාගේ හදවත වේගයෙන් ගැහෙන්නට ගත්තේ දෙතොල් පවා වෙව්ලද්දීය. මීට පෙර ඔහුට හොරෙන් මෙවැනි හොර වැඩක් කර නැත.

Sandata Pem Bandinnam | සඳට පෙම් බඳින්නම් BOOK 02 ✓Where stories live. Discover now