හුදෙක් ලියන්නාගෙ මනඃකල්පිත අදහසකින් අකුරු කෙරූ කෙටි කතාවකි.
🤍🍂දකුනු අතේ රැදුනු කිරි වීදුරුවත් එක්ක වම් අතේ තියෙන බෙහෙත් පෙති ටික දිහා බලාගෙන මං වාඩි උනේ ලී ගෙදර ඉස්සරහ තියෙන බංකුව උඩ..
චෙරි ගහක් යට තියෙන බංකුව උඩ වාඩිවෙලා හිස් හැඟීමකින් මං වටපිට බැලුවෙ හිමිදිරියෙ වටපිටාවෙ තියෙන ලස්සනින්වත් හිත පුරවගන්න කියලා හිතාගෙන..
ලාවට වැටෙන පිනි නිසා ඇගට දැනෙන අයිස් සීතල අඩු කරගන්න මං බෙහෙත් පෙති ටික උකුල උඩ තියාගෙන අත් දෙකෙන්ම උනුම උනු කිරි වීදුරුව අල්ලන් හිටියා.. මාරුවෙන් මාරුවට වීදුරුවෙ එක අතක් තියාගෙන අනිත් අත බෙල්ලට තියාගෙන මං උනුසුම් උනා..
"දරුවෝ.....!!!"
"මං මෙහේ අත්තම්මෙ.."
වචනයක් කතා කරනකොටත් උගුරට පිහියෙන් අනිනවා වගේ වේදනාවෙන් මං වචන ටික ගැට ගහන් උත්තර දුන්නා. මටයි කියලා කිසිම ලේ නෑකමක් නොතිබුනු ඒ ආච්චි අම්මා ඇදන් ඉඳපු චීත්තෙන් අත්දෙක පිහ පිහ හිනාවෙවී මගේ ලඟට ආවා..
"කෝ ඉතින්.. සුදු මැනික කිරි එක බීලා නැනේ.. මේන් බලන්නකො.. දැන් ඔය බෙහෙත් ටිකට හුලං වදිනවනෙ.. කෝ කෝ විගහට බොන්න ඉක්මනට සනීප වෙන්න"
"අත්තම්මේ.. අත්තම්මට පේන්නෙ මං මොන්ටිසෝරි යන පොඩි දරුවෙක් වගේද? ඇයි ඔය ලස්සන වචන දාලා බොරු කියන්නෙ.. ලස්සන වචන කියන්නෙම්.. ම.. කැහ්.. කැහ්.... රැවටීමක්ක්කැහ්.. කැහ්... විතර~~"
"අනේ දරුවෝ... අමාරුවෙන් කතා කරන්න එපා.. මට මේවා බලන් ඉන්න බැ දෙයියනේ.. ඉන්න මං රෙදි කෑල්ලක් අරන් එන්නම් කට පිහගන්න"
බිමට නැවිලා කැහැපු මගේ කටින් රතු පාට බිංදු බිංදු වැලි පොලොවට වැටෙනකොට මං ඒ දිහා බලාගෙන හිටියා.. මං ඇදන් හිටපු ගවුමෙ ඔඩොක්කුවේ ලේ පැල්ලම මං අතින් පිහලා ඒ අතින්ම මගේ කටත් පිහිදගත්තා.. බංකුව වටේටම වැටිලා තියෙන රතුපාට චෙරි ගෙඩි!!!
ගහේ තියෙනකොට රතු පාටට දිලිසෙන චෙරි ගෙඩි.. කවදාහරි බිම වැටිලා පොඩිපට්ටම් වෙලා යනවා..
සමහරක් ඒවා කුනු වෙලා යනවා...
YOU ARE READING
•|| 𝗖𝗛𝗘𝗥𝗥𝗬 🤍 ||• (𝖔𝖓𝖊𝖘𝖍𝖔𝖙) ▮✶✶ Completed ✶✶✅
Short Story"මගේ චෙරි ගෙඩිය... ආදරෙයි මං ලෝකයක් තරම්" "මමත්... මට වෛර කරන්න එපා... ප්ලීස්" 11/03/2024