𝗖𝗛𝗘𝗥𝗥𝗬 - 02

67 9 5
                                    

ඒ අත්තම්මා මගේ දිහා ටිකවෙලාවක් බය වෙලා වගේ බලන් හිටියා..

"එන්නකො දරුවො ගෙට යන්න.. එලියෙ ඉන්න එපා ඔය පින්න අල්ලලා කැස්ස එන්න ඇත්තෙ.. "

"අත්තම්මෙ.. මං මෙහෙ ටික කාලයක් හිටියට කමක් නැද්ද.. මෙ ගෙදර තව කවුරුහරි ඉන්නවද?"

අත්තම්මා හිටියෙ මට රෑට කන්න හදන ගමන්. ඒ පිදෙන කිරි හොඳි සුවද නාස්පුඩු වලින් උඩට අදින ගමන් මං හිටියෙ ඒ පොඩි කුස්සියේ හිරමනයක් උඩ වාඩිවෙලා.

"නැ දරුවෝ.. මං විතරයි මෙ ගෙදර.. ලොකු එකා පිටරට.. පොඩි එකී පැනලා ගියා.. මගෙ ගැන බලන්න එකෙක්වත් නැ දරුවෝ.. මං මෙහෙ තනියම ඉන්නෙ.. මේ දරුවා ඕනතරම් කාලයක් මෙහෙ ඉන්න.. ඉස්සෙල්ලා අපි ලෙඩේ හොඳ කරගමුකො"

"අත්තම්මෙ... මං ගාව බෙහෙත් කොලයක් තියෙනවා.. මං ගන්න තැන් දන්නෙ නැනෙ. මෙහෙ කාටහරි කිව්වොත් ගෙනත් දේවිද?"

"හෙට උදැහනේම බණ්ඩා කොලුවා ඒවි.. මෙ කුරුඳු වගයක් අරන් යන්ට.. ඒ කොල්ලා අතේම යවමු.. ඌ ගෙනත් දේවි"

ටික දවසක් ඉන්නවා කිව්වට මාස දෙක තුන පහුවෙලා යනකන් මට ඒ ගෙදරින් කොහාටවත් යාගන්න බැරි උනා. ඒ අත්තම්මා මගේම ආදරණීය අත්තම්මා වෙද්දි, මං එයාගෙ සුදු මැණික උනා. අත්තම්මා බණ්ඩට කිව්වා මට හැමදාම එළු කිරි බෝතලයක් ගේන්න කිව්වා. කෙනෙක්ගෙ චෙරි ගෙඩිය වෙන එක මට තවදුරටත් අයිති නැති නිසා මං මගේ අත්තම්මගෙ සුදු මැනික උනා.

මයුන්ශ නැති ජීවිතේ මහ කාලකන්නි ජීවිතයක් වෙද්දි මං රැවටුනා කියන එක මට පුන පුනා හැමවෙලේම මගේ ඔලුවට එනවා. එයත් එක්ක ගත කරන්න හැදුව ලස්සන ජීවිතේ මට වෙන කෙනෙක් එක්ක ගත කරන්න උවමනාවක් නෑ.. මේ මාස ටිකේ මගේ හොඳ වෙමින් තිබ්බ ලෙඩේ මං හිතලම වැඩි කරගත්තා.. ඒ ලැබෙන වේදනාවෙන් මං මහ මූසල සතුටක් ලැබුවා...!!

පින්න වැටෙන උදේ පාන්දර එලියට බැහැලා මේ චෙරි ගහ යට තියෙන බංකුව උඩ වාඩිවෙලා ඔහේ බලාගෙන ඉන්න..
පින්නට අහුවෙලා නොනවත්තා බඩබොකු ගලවගෙන යන්න තරම් වේදනාවෙන් එන කැස්ස.. ඒ කැස්සත් එක්ක ලේ කුට්ටි කුට්ටි එන විදිය. මට දැනුනෙ මගේ හදවතේ කෑලි ගැලවි ගැලවි එනවා වගේ..
මං උවමනාවෙන්ම බෙහෙත් හරියාකාරව බිව්වෙ නැ. අත්තම්මගේ ඇවටිල්ල නිසාම වේලක් දෙකක් බිව්වට බෙහෙත් පෙති ටික විසික් කරලා කිරි එක විතරක් බීලා මගෙ බඩ පුරවගන්නවා.. අදත් මං කරේ ඒකමයි.. ජීවිතේ වැඩියෙන්ම ආදරේ කරපු මනුස්සයගෙන් රැවටුන මට දාලා යන්න බැහැයි කියලා වස්තුවක් නෑ. මට දුක අත්තම්මව දාලා යන්න වෙන එක ගැන.

•|| 𝗖𝗛𝗘𝗥𝗥𝗬 🤍 ||• (𝖔𝖓𝖊𝖘𝖍𝖔𝖙) ▮✶✶ Completed ✶✶✅Where stories live. Discover now