“💜️💚 ඔබෙන් තොර ලෝකයක් කොයින්දෝ ..💜️💚
“ ප්‍රේමිය නුඹයි මා හදවිල සනසවන “.....💜️💚
26 කොටස
••••••••••••••
සුදු නැන්දගෙ කීමට අපි ඒ නැන්දා ගෙයි බාප්පා ගෙයි ගෙදර ගියා ..
“ කොහොමද නංගි අම්මෝ අද අපේ කොල්ලො දෙන්නම ඇවිත්.
කොහොමද දුවේ හොදින් ඉන්නවා ද?.”“ වරදක් නැහැ නැන්දෙ”
“ ඩිංගක් මහත් වෙලද මන්දා මේ ලමයා .
කියලා ආව නම් මොකද වෙන්නෙ එහෙනම් කටට රසට මම ලොකු පුතාට කෑම ඩිංගක් හදනවනෙ.“කෑම කන්න බැහැ නැන්දෙ ඉක්මනින්ම යන්න ඕනා .
බාප්පලගෙ ගෙදරත් ගිහින් තේත් බීලා ආවෙ ..”“ ආ ඔය එයාලා මෙහෙටත් එන්නෙ .”
“ බලන්නකෝ අක්කෙ ලොකු පුතාලා නිකන්වත් කියලා ආවෙ නැහැනෙ.
එහෙනම් අපි දෙගොල්ලොම බත් ටිකක් ලැස්ති කරනවනෙ.”“ ඒකනෙ නංගි ..මේ සුදු නංගි නිකන්වත් කිව්වෙ නැහැනෙ “
ලොකු අයියගේ බාප්පලත් අර නැන්දලගෙ ගෙදර ආවා.
අපි එහෙන් ආවෙ තේ එහෙම බීලා පොඩි වෙලාවක් කතා කරලා ඉඳල . දැන් මේ ඕපාදූපවතී නැන්දා ගෙ ගෙදරිනුත් තේ බීලා කතා කරමින් ඉන්නෙ .“ ඉතින් කොහොමද පුතේ දැන් නිවාඩුද මේ ටිකේ . පොඩි පුතා නිවඩුද..”
“ මට නම් නිවාඩු නැහැ නැන්දෙ මම අද විතරයි ඕෆ්.
අයියා ට නම් මේ දවස් දෙකේ නිවාඩු ..”“ දැන් යුද්ධය ඉවර වෙලා නිසා හිතේ බයක් නැතිව පාරෙ යන්න පුලුවන් .
ලොකු දෙයක් ඒක ඉවර වෙච්ච එක.” ඒ බාප්පා කිව්වා .“ මයෙ අප්පේ ස්වල්ප ගින්දරක්ද අපි වින්දෙ ඉතින් පහුගිය කාලයේ ..”
ඒ ඕපාදූපවතී එහෙම කියනකොට සුදු නැන්දා ඒකට උත්තර දුන්නා.“ ඒක නම් ඇත්ත අක්කෙ .අපි විඳින්න ඕන ලොකුම දුක වින්දනෙ..”
“ මම නම් ඕවා මතක් කරන්න වත් කැමති නැහැ නැන්දෙ. මොකටද ආපහු හිතට ඒ බර ගන්නෙ ..” ලොකු අයියා ඒ කතාව ශේප් කරා.
“ වෙඩින් එක ඉවර වෙලා මෙහෙ ආවට පස්සෙ මේ ආවමයි නේද අර ලමයා ඈ සුදු නංගි ”