Neelaka pov
ජීවිතය කියන්නේ හරි අවිනිශ්චිත දෙයක්.. හැම දෙයක්ම අනිත්‍යයි කියලා අපට හිත සනසගන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද.. ඒත් තමන්ට වටිනම අය හදවතේ ඉඩක් ගත්ත අය අපෙන් ඈතට නොඑන්නම යද්දි එහෙම සැනසීමෙන් සැහැල්ලුවෙන් අතෑරලා ඉන්න පුළුවන් ද... ඒ වේදනාව මැනලා පෙන්නන්න පුළුවන් ද... මගේ ජීවිත කතාවෙත් ඒ වගේ වේදනාවෙන් ලියවුණු එක්තරා සංවේදී කතාවක් තියෙනවා... ඒ වගේම හිත පිරෙන ආදරණීයම කතාවකුත් තියෙනවා... ඉතින් ඔයාලා කැමති ද මගේ කතාව දැනගන්න.. එහෙනම් දිගටම රැදිලා ඉන්න...
No one's pov
"කවී.. චූටි පුතා එක්ක පහළට එන්න බ්‍රෙක්ෆස්ට් ගන්න.. මට හොදටම පරක්කුයි ඔයාටත් අද උදේම ශූට් එකක් කිව්වා නේද.. යන ගමන් චූටි මැණිකව අම්මලගෙ ගෙදරට දීලා යමු.. "
හරි හරි අනේ බෙරිහන් දෙන්න එපා.. අත් දෙකයි තියෙන්නේ හැම වැඩක්ම කරන්න.. නේද මගෙ චූටි මැණික... ම්ම්... උම්මා...
කෝ ඩැඩා අතට යන්න පපාත් හබුන් කනකන්... ඩැඩාට නම් මොකද ඉතින් මම සේරම අත ළගටම දුන්නාම ඒවා පාඩුවෙ ඇද පැළදගෙන තඩි පත්තරයකුත් පෙරලගෙන කකා ඕප දූප හොයනවා.. මං ඉතින් චූටි මැණිකගෙයි මහ මැණිකගෙයි තව ගෙදර තියෙන වැඩයි කරලා මාත් ලෑස්ති වෙද්දී හොද පණ ගිහින්...එහෙම තමයි ඉතින් ගෘහපාලනය අතට ගත්තාම.. ලේසි තනතුරක් නෙමෙයි සුදු මහත්තයා හරිද... මගේම වෙලා වගකීම භාර ගත්තා නම් දැන් ඉතින් කරන එකයි තියෙන්නේ..
ආ එහෙමද ආස මගෙ මහත්තයා.. බලමුකො මං නැති කාලයක් එහෙම ආවොත් මේවා කොහොමද තනියම කර ගන්නෙ කියල..
ඔයා කොහෙ යන්නද මෙයා මාව දාලා.. යන යන පස්සෙන් හෙවණැල්ල වගේ මං එනවනෙ ලෝකෙ කෙළවරට උනත් ඔයාගෙ පස්සෙන්ම.. නේද මගෙ නෙළුම් මල.. ම්ම්ම්.. අපි පපා පිටි පස්සෙන් හදට උනත් යන්න එනවා නේද... හම්මේ මයෙ නෙළුම් මල සූදයි අද... උම්මා...
ඔක්කොම පුතාට විතරයි මට දැන් කුඩම්මගෙ සැලකිලිනෙ.. ම්හුක්.. බැරි වෙලාවත් ඔන්න මං හදිසියේ මළොත් නම් තාත්තටයි පුතාටයි වෙන දේ බලා ගන්න තිබුනා...
මොනවද කවීෂ මේ උදේ පාන්දර කියන මූසල කතා.. හැම වෙලාවෙම ඕකම කියන්නේ.. ඔයා දන්නවනෙ ඔයා නැති ජීවිතයක් මටයි චූටි පුතාටයි නෑ කියලා.. කට තලනවා ආයෙ ඔය වගේ අවකැපෙන කතාවක් කිව්වොත් එහෙම..
YOU ARE READING
බළල් ඇස්
Non-Fictionජීවිතය කියන්නේ හරි අවිනිශ්චිත දෙයක්.. හැම දෙයක්ම අනිත්‍යයි කියලා අපට හිත සනසගන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද.. ඒත් තමන්ට වටිනම අය හදවතේ ඉඩක් ගත්ත අය අපෙන් ඈතට නොඑන්නම යද්දි එහෙම සැනසීමෙන් සැහැල්ලුවෙන් අතෑරලා ඉන්න පුළුවන් ද... ඒ වේදනාව මැනලා පෙන්නන්න ප...