08.

176 38 16
                                    

"හොයපන්...මොන ලෝකෙන් හරි ඌව හොයාගෙන මගේ කකුල් දෙක ළගට අරන් වරෙන්..."

මේ වන විට පැමිණ හිටිය හැම අමුත්තෙක්ම වගේ කැප්ටන් කිම්ගේ බංගලාවෙන් පිට වෙලා ගිහින් කිම්ගේ සමීපතම මිතුරන් කිහිප දෙනෙක් විතරක් බංගලාවේ ඉතිරි වෙලා .

කිම් බංගලාව හරිම ඝොෂාකාරියි . බංගලාවේ ආලින්දයේ එහා කෙළවරටත් මෙහා කෙළවරටත් මාරුවෙන් මාරුවට ඇවිදන් යන කැප්ටන්ගේ මුහුණෙ ඇදිලා තිබුනේ බියක් කළබලයක් . මේ තරම් කාලයක් බිය යන වචනය පවා විහිලුවක් පමණක් වුන ගාම්භීර ඔහුගේ මේ මොහොතේ දකින්න ලැබුනේ මින් පෙර කිසිවෙක් නොදුටු පෞරුෂයක් . ඒ ඇස් වල තිබුනේ අධික බියක් ..

"බලපන් අහස ...අද පුර හද පායන දවසක්...arghhhh..කොහොමද අමතක උනේ...බැරි වෙලාවත් ඌ මුහුදු සීමාවට ගියොත් අපි ඔක්කොම ඉවරයි ..."

"කොහෙන්හරි ටේහ්‍යුන්ග්ව හොයන් වරෙන්...තනියම ඌට වැඩිදුරක් යන්න බැහැ ."

**

සුක්කානම දිගේ වමට දකුණට මගේ වෙව්ලන අත් ඔහේ ගමන් කරද්දී ඉදිරියෙන් පේන මහ පාර වෙනුවට මගේ දෑස් සැරින් සැරේට ගමන් කළේ මගේ අනෙක් පස අසුනේ ඉදන් තාමත් දෑස් පියාගෙන ඉන්න අහිංසකයා ළගට . සීතල නීල් දෑස් පියවිලා . තැලීම් සීරුම් සළකුණු සිරුර පුරාම . ඔහුව දකින වාරයක් පාසා දැනෙන අපුව පිච්චෙන්නාක් මෙන් දැනෙන වේදනාව . ඒ හැගීම හරිම අපහසුයි ගෝල්ඩි .

රෝහලෙන් ගෝල්ඩිව අරගන්න කලින් මේරි කියපු විදිහට කිම්ට සැක නොහිතෙන්න නැවතත් බංගලාවට ගිය අපි කැප්ටන් කිම්ට සමුදුන්නා . මං හිතනවා ඔහු සැක කළේ නැහැ අපිව . ඉන්පසුව මේරි මට ඇගේ වාහනය ලබාදුන්නේ ගෝල්ඩිව ආරක්ෂිත තැනකට අරන් යන්න කියලා . ඇයව මුණ නොගැහෙන්න මට මගේ ගෝල්ඩිව මේ අපායෙන් ගලවගන්න සමහරවිට බැරි වේවි .

ඉවරයක් නැතුව ඇද හැලෙන අනෝර වැස්සෙම අපේ වාහනය මුහුදු සීමාවට ඇදුනා . කදවුරට ආසන්නයේම තිබුන මගේ කුඩා නිවස ඇරෙන්නට ගෝල්ඩි වෙනුවෙන් වෙන ආරක්ෂිත ස්ථානයක් මගේ මතකයට ආවේ නැහැ . මගේ ඇස් පේන මානයක හිටියොත් මම දන්නවනේ ඔයා ආරක්ෂිතව ඉන්නවා කියලා . මගේ පණ හරි දීලා මට පුලුවන් එතකොට ඔයාව පරිස්සම් කරන්න .

Our Destiny Where stories live. Discover now