CHAPTER 37 🌸

3.9K 396 128
                                    

" උද්‍යාන.. කොල්ලෝ... අනේ බන් උඹ නැගිට්ටද.. "

" සුවී... අනේ බන් උඹට කොහොමද "

" ශවී බබා එයාට ටිකක් ඉන්න දෙන්න අමාරු ඇති කතා කරන්න එකපාරට.. "

මම අමාරුවෙන් ඇස් ඇරියා..ජායාවක් වගේ යන්තමින් පෙනුන මගේ මූනට එබිලා ඉන්න දෙන්නව මම කට හඩින් අදුන ගත්තත් මට තාම එයාලව පැහැදිලිව පෙනුනේ නෑ.. මට කතා කරන්න කටහඩ පිට වුනෙත් නෑ.. මට මගේ ඇගේ කිසිම දෙයක් දැනුනේ නෑ..අඩුම තරමේ මම මේ ජීවත් වෙලා ඉන්නවද කියන එකවත් මම පිලිගන්නේ නෑ අර දෙන්නගේ කටහඩවල් ඇහුනේ නැත්නම්..

" විදුර ගිහින් ඩොක්ටට කියන්නකෝ ටග්ගාලා.. "

මට ඇහුනා විතරයි..මම ඇස් දෙක කීප වාරයක්ම ඇරල වහලා මගේ පෙනුම ගන්න උත්සහ කරා..

" කෝ බලන්න අපේ කොල්ලා... පුතා ඔයාට මාව පේනවද.. ඔලුව වනලා උත්තර දෙන්න පුලුවන්නම් "

මම පේන්නේ නෑ කියන්න දෙපැත්තට ඔලුවට වැනුවා...

" ඔයාට මම අල්ලන තැන් දැනෙනවද "

මම නෑ කියන්න ඔලුව වැනුවා..

" පුතාලා මේ පුතාගේ ෆැමිලි එකෙන් කවුරුහරි ආවම මාව හම්බෙන්න කියන්න.. "

" අනේ ඩොක්ටර් යාලුවට කොහොමද කියන්නකෝ ප්ලීස් "

" ම්ම්ම්...තාම මෙයා ඉන්නේ සීරියස් කන්ඩිශන් එකක.. මෙයාගේ බ්ලඩ් ලොස්ට් එක නිසා දැන් මෙයාට සිහිය ආවත් මෙයාගේ ශරීරයේ ක්‍රියාකාරිත්වය අඩාලයි..ඒ කියන්නේ මෙයා තාම ඉන්නේ අවදානම් තත්වයක.. මට සරලවම කියන්න පුලුවන් මෙච්චරයි පුතාලා.. මෙයාව ගොඩක් ලගින් බලන්න..පුංචිම වෙනසත් ටග්ගාලා මට කියන්න "

" හරි ඩොක්ටර් "

මට ඒ හැමදේම පැහැදිලිවම ඇහුනා..ඇයි මම මැරුනේ නැත්තේ..මට ඒකවත් උරුම නැද්ද.. මට දැනුනේ කලකිරීමක්...

" සුවී ඔයාට මාව ඇහෙන නිසා මම ඔයාට කියන්නම් විස්තර.. හරිද..

ම්ම්ම් ඔයා දැන් මාස තුනක් තිස්සේ ලොකු නින්දකනේ හිටියේ.. ඔයා අපිව අතෑරලා යන්න හැදුවට අපි ඔයාව එහෙම යවන්නේ නෑ ලේසියෙන්..ඒ නිසා මාව දාලා නෑ අපිව දාල යන්න හිතන්නවත් එපා..

I LOVE YOU,STUPID! Where stories live. Discover now