" වේලාවසන කිව්වනම් කැට් වෝක් එනවා මං "
තුරුල්ගෙන් ඇස් අහකට ගත්තු මං නහයත් පුම්බන් හිටියෙ කේන්තියට. බිම බලාගෙනම සෝෆා එකේ මගෙන් එහා පැත්තට තට්ටුවක් දාලා එයාට වාඩි වෙන්න කියන ගමන් මං ෆස්ට් ඒඩ් බොක්ස් එක ඇරියා.
" කෑම හදනවා , දොරවල් හයි කරනවා, ඉන්න මිනිස්සුන්ට අල්ලන් තඩි බානවා , ආයෙ බෙහෙතුත් කරනවා .. ඇත්තටම කවුද හලෝ සයාශ් ඔයා ? "
" කට වහගන්නවද නැත්නම් මං ගෝස් ටිකක් ඔබලා කටේ ප්ලාස්ටරයක් ගහලා දාන්නද ? "
මං කැමති නෑ ඕනවට වඩා කතා කරනවට. මං කවුරු එක්ක උනත් වචන දහයකට එහා නිකන් කතා කර කර ඉන්නෙ නෑ උවමනාවකට නැත්නම්. නිදහසේ වැඩේ කරන්න ඕන නිසා මං තුරුල්ට සැර කරා.
" හරි හරි අනේ රෙද්ද.. මේ බලනො මේ.. ම්ම්ම් "
මං මූණ දිහා බලද්දි තොල් කට ඇතුලට තද කරගෙන නිකට දික් කරන් ඉන්නවා කට වහගත්තා කියන්න. අර පිටට පේන්න තියාගෙන ඉන්න ඒන්ජල් මෝඩ් කැලේ දැන්නම් හොදටම ට්රැක් අවුට් සීන් එකක් තියෙන්නෙ.
ඇත්තම කතාව තුරුල් ඒ විදිහට ඉද්දි හරි හුරතල්.. ඇත්තටම බලන් ඉන්න ආසයි. මට කෙල ගිල ගන්නවත් බැරුව ගියා ඇත්තම කතාව කියතොත් උගුර කට වේලිලා වගේ.. මං එයා මෙහෙම මොවිදු ලගවත් හුරතල්වෙනවා දැකලා නෑ. මං මේ හුරතලේට ලෝබයි.. ඒත් සමාවෙන්න තුරුල් මට. අපි දෙන්නගෙ අතරෙ පරතරේ නැතිවෙන්න දෙන්න බෑ මට.. එහෙම උනොත් රිදෙන්නෙ අවසානෙට ඔයාටමයි.
"ස්ස්ස්... "
මං තොල ලග පැලිලා තිබුන තැනක් බලද්දි තුරුල්ට දන්න අල්ලලා කෙදිරිගාන්න ගත්තා..
" රිදෙනවනම් කියනවා මනුස්සයෝ... "
" දැන් ඔයැයිමනෙ මට කිව්වෙ කට වහගන්න කියලා "
අනිත් කවුරු එකක් කතා කරල දින්නත් තුරුල් එක්ක කතා කරල දිනින එක මට කරන්න අමාරු දෙයක් නෙවි කරන්න බැරි දෙයක්. මං සද්ද නොකර මූණ හරව හරව බැලුවෙ තව තුවාලද කියලා .. වෙලාවට තොල ලග පැලිලා විතරයි.
මගෙ වම් අත තුරුල්ගෙ දකුණු කම්මුල දිගේ අරන් ගියපු මම මූණ මගෙ පැක්තට හරව ගත්තෙ මහපටැගිල්ල තොල ලග නතර වෙලා අනිත් ඇගිලි එයාගෙ කන පිටිපස්සෙ නතර වෙද්දි. අපේ මූණු හුස්ම ගෑවෙන නොගෑවෙන පරතරේක තිබුනත් මගෙ ඇස් නතර වෙලා තිබුනෙ තුරුල්ගෙ ලිප්ස් ලග. රෝස පාටයි චූටි බබාල පොඩි කාලෙ වගේ. හරිම හුරතල්.
YOU ARE READING
(නො)පිපි මල් - Blooming Flowers | Completed ✔️
Science Fiction"මට මැරෙන්න පුළුවන් නම් මං මැරිලා යකෝ...මට මං අතින් මැරෙන්න බෑ උඹ නිසා.. උඹව ආයෙම ආත්මෙක මගේ පව්වලට හිරකරන්න බැරි නිසා මට මැරෙන්න බෑ.. උඹ මට දුන්න ලොකුම දඩුවම නෙවිද ඒක ?! " Start - 27 . 02. 2024 End - 11 .09.2024