විනාඩියෙන් විනාඩියට පස් පාරක් විතර කෑගැහුව alarm එකත් off කරලාබැරි බැරි ගාතෙ ඇඳන් නැගිට්ට ඉනෙෂ්කා මේ ලෑස්ති වෙන්නෙ කැම්පස් හොස්ටල් එකට යන්න. යන්තන් අට වෙද්දි ලෑස්ති වෙලා පාරට දිව්ව හින්දා උදේට කන්නත් අමතකයි කෙල්ලට.ඇයි ඉතින් ඉරිදා කියන්නෙම බස් අඩු දවසක්නෙ.ප්‍රයිවට් බස් අඩු උනාට සැපට දුකට සනී වගේ ctb බස් නම් හැමදාම වැඩ. ඒත් ඉතින් අටයි දහයට විතර එන ctb බස් එක මිස් උනොත් ආයෙ පැයක් බලන් ඉන්න එපැයි ඊලඟ එක එනකන්.
සෙනගත් අඩු හින්දා හොඳට ජනේලයක් අයිනෙ සීට් එකක ඉඳගෙන යන ගමන් කොයි කඩෙන්ද උදේට කන්නෙ කියල මේකි මේ කල්පනා කරන්නෙ. ඒ ගැන ටවුමට ගිහින්ම හිතනවා කියල මේකි තමන්ගෙ පරම පිවිතුරු ප්‍රේමය උන පෝන් එක අතට ගත්තා. ඊට පස්සෙ බස් එක ගිහින් ස්ටෑන්ඩ් එකේ නවත්තනකන්ම ඒකට මූණ ඔබාගෙන තමා ඉන්නෙ ටිකට් ගන්න වෙලාව ඇරෙන්න.
අර තැඹිලි පාට background එකේ සුදුපාට w අකුරක් තියෙන ඇප් එක දාගෙනනෙ ඉන්නෙ. පුදූම පිස්සුවක් තියෙන්නෙ ඒකෙ තියෙන කතා කියවන්න මේකිට. කෙල්ලගෙ එකම විනෝදෙනෙ කතාවල ඉන්න කොල්ලො දෙන්නා සෙට් වෙනකන් බලන් ඉන්න එක.
කොහොමහරි වැඩිය කවුරුත් කියවල නැති කතාවක් සෙට්වෙලා මේ දවස් ටිකේම ඒක කියව කියව හිටියෙ මෙයා.ඇයි ඉතින් ඒකෙ කැරැක්ටර් එකක් ඉන්නවනෙ මෙයාගෙ නම තියෙන. හැබැයි එයා කොල්ලෙක් මෙයා කෙල්ලෙක්. කොහොමින් කොහොමහරි අන්තිම චැපියයි epilogue එකයි කියවන්න ඉතුරු වෙද්දි බස් එක ස්ටෑන්ඩ් එකෙන් නැවැත්තුවා. ඉනෙෂ්කා බස් එකෙන් බැහැලා පාර පැනලා අලුතෙන් දාපු P&S එකට රිංගුවා.උදේම වැඩිය පැණිරහ කන්න බැරි හින්දා ඩෙසර්ට් ටික දිහා දුක මූණකින් බලන් ඉඳලා අන්තිමේට ෆිෂ් පේස්ට්‍රි දෙකක් අරන් ළඟ මේසෙක ඉඳගෙන කාලා සල්ලි ගෙවලා එලියට
බැස්සා.මේකි ඇස් කොනෙන් වගේ දැක්කා 122 අවිස්සාවේල්ල - කොළඹ බස් එකක් පාරට දානවා. බස් එකත් ලස්සන හින්දා ඒකෙම යන්න හිතිලා කහ ඉර ළඟටවත් යන්නැතුව එතනින්ම පාර පැන්නා. හදිස්සියනෙ හදිස්සියනෙ ඉතින්.ළඟපාත හිටපු මිනිස්සුන්ට කියන්න උනේ අපිට විශාල ශබ්දයක් ඇසුනා කියල තමා
YOU ARE READING
ඉනා (Non-Fanfic) (On Hold)
Fantasyකෙල්ලෙක් accident එකකින් පස්සෙ එයා කියව කියව හිටපු කතාවක චරිතයක් උනොත් මොනවා වෙයිද? ඒකත් මේන් කපල් එකේ ටොප්ගෙ ළඟම යාලුවෙක් වෙලා. ප්‍රශ්නෙ තියෙන්නෙ මේ කෙල්ල ඒ ජීවිතේට කොහොම හැඩගැහෙයිද කියල. මොකද කෙල්ල කොල්ලෙක්ගෙ ඇඟකටනෙ ඇවිල්ලා තියෙන්නෙ. ඒ වගේම ඒ කෙල...