ඒ උන ලැජ්ජාකාරී සිද්ධියෙන් පස්සෙ ඇඳේ එහෙ මෙහෙ පෙරලි පෙරලි ජනීෂ්ට දෙහි කප කප හිටපු මට ඉබේම නින්දත් ගිහිල්ලා
ආයෙ එක පාරටම උඩ ගිහින් ඇහැරුනේ කන ලඟින් බෝම්බ ගහනවා වගේ ඩෝං ගාලා සද්දයක් ඇහිලා.
පපුවත් මොකද්ද උනා ඒ බය උන පාර
මං පපුවත් අල්ලන් හරි සිහියට ඇවිල්ලා බලද්දි ආයෙ ඉන්නව අඳුරන්නැති උන් තුන් දෙනෙකුයි අර අළු වලහයිමේක මාර කෙලියක් උනානෙ මුං එක එකා එනවා මට නම කියල අඳුන්වල දෙනවා ටිකක් වෙලා ඉන්නව යනවා
අවුරුදු කුමාරයා තෝරන තරඟෙක ජජ් කෙනෙක් වගේද දන්නෑ පේන්නෙ මාවමං ඉතින් අලුත් උන් තුන්දෙනා දිහා බලන් හිටියා. උන්ගෙ හිතේ උන් ලොකු විහිලුවක් කරල අමෝ අමෝ මාර විහිලුව
මාව ඇහැරවන්න එකෙක් පොලිතින් කවරෙකට හුලං පුම්බල මගෙ කන ලඟට කරල ඒක පුපුරවල
ඕක හිනාවෙන්න තරම් විහිලුවක්ද මේ නිදන් හිටපු සිරිමත් වගේ මාව බය කරල ඇහැරෙව්වා
මං රවාගෙන අර තුන්දෙනා දිහා බලන් හිටියා. මං ආසම නැති වැඩක් තමයි නිදියන් ඉද්දි කවුරුහරි ඇවිල්ලා ඇහැරවන එක. මරුවා නගිනවා ඒ වෙලාවට නම්
"මූ තාමත් ඉස්සර වගේම තමා බන් බලහන්කො ඇහැරෙව්ව හින්දා මට රවන් ඉන්න විදිහ
"මට රවනාආආආආ මුහුනත් අතරේ ඔබ පෙනුනා කොණකින් වාගේ"
එකෙක් එහෙම කියන් මගෙ නිකටින් අල්ලල මූණත් එක්කම හෙලෙව්වා
ඒත් වැඩිවෙලා එහෙම කරන්න උන්නෑ ජනීෂ්කාරයා එක පාරටම අරූගෙ මැණිකකටුවෙන් අල්ලල උගෙ අත මගෙ නිකටෙන් අයින් කරා
"හරි හරි බන් ඔච්චර දඟලන්න ඕන්නෑ මං මූව කන්නෑ"
ඈ ඈ ඒ මොකද මොකද ඒ. මොකද්ද ඒ කතාව
මං පුදුමෙන් බලන් ඉන්නව ඒ අලුත් කොල්ලා දැක්කා
"එව්වා දැන්ම වැඩක් නෑ උබ පස්සෙ දැනගනියි ඒක"
"හාකො හාකො දැන් කියනවද ඔය තුන්දෙනා කව්ද කියල. අද දවසට මේ ප්‍රශ්නෙ අහලම ඇති වෙලා මට"
"අපිට ජනීෂයා සිද්ධිය කිව්වා ඒත් වාවගන්න බෑ බන් උබට මේ වැලි කෙලියෙ ඉඳන් හිටපු අපිව අමතකයි කිව්වහම අහෝ දුකකි ඉරකි තිතකි"
YOU ARE READING
ඉනා (Non-Fanfic) (On Hold)
Fantasyකෙල්ලෙක් accident එකකින් පස්සෙ එයා කියව කියව හිටපු කතාවක චරිතයක් උනොත් මොනවා වෙයිද? ඒකත් මේන් කපල් එකේ ටොප්ගෙ ළඟම යාලුවෙක් වෙලා. ප්‍රශ්නෙ තියෙන්නෙ මේ කෙල්ල ඒ ජීවිතේට කොහොම හැඩගැහෙයිද කියල. මොකද කෙල්ල කොල්ලෙක්ගෙ ඇඟකටනෙ ඇවිල්ලා තියෙන්නෙ. ඒ වගේම ඒ කෙල...