පලමු කොටස

562 24 18
                                    

ලස්සන මල් කැටයම් මෝස්තර පාට පාට ලයිට් නොනවතින කතාකරන සද්ද ඔක්කොම අස්සෙ ස්ටේජ් එකක් උඩ ෆුල් සූට් ඇදපු කොල්ලෙක් සින්දුවක් කියනවා.. හිනාවෙන සද්ද වැඩිපුරම තිබ්බට අඩපු අය නැතුවම නෙමෙයි.. මේ සින්දුව කියන ලමයත් කදුලු නවත්තගෙන බොහොම අමාරුවෙන් කියන පාටක් තමයි පේන්නෙ...

"සැදී රන් අභරනින්...
රිදී සලු පිළි දරා...
නැගී රිය පෙරහරින්..
පැතූ පෙම් ලොව දවා...
මනාලිය වී ලදේ..
ගියත් ඔබ ඔහු කරා...
මගේ හදවත ඔබේ..
මගේ දිවි ඇති තුරා..."

ඒ වචන ටික ඇහුන තව කොල්ලෙක් ස්ටේජ් එක ලග ඉදන් ටිකක් ඈත තිබ්බ ටේබල් එකක ඉදගෙන වයින් වීදුරුවක් බොනවා.. කොල්ලානන් හරිම හැන්ඩි පාටයි.. ම්ම්.. එක්කො ලස්සනපාටයි.. සෙල්ලක්කාර බැල්මක් තියෙන්නෙ.. ඒ බැල්මෙන්ම අතේ තිබුනු වයින් වීදුරුව උස්සලා ස්ටේජ් එක පැත්තට ඉගිකලේ සින්දුව ලස්සනයි කියන්න වගේ..

හැබැයි ඒත් එක්කම ඒ කට කොනේ මහ නෝන්ඩි හිනාවකුත් ඇදුනා..

"මගුලක් හානවා.. "

ඒ කොල්ලගෙ හිනාවෙ සබ්ටයිටල් එක තමා ඒ...ඇත්ත ඇත්ත මයික් එක බලෙන් උදුරගෙන සින්දුවක් කියන්න ඇවිත් සත්‍ය ප්‍රේමවන්තයෙක් මගුල හානවා..
හැබැයි ඉතින් මුලු වෙඩිමෙම අඩන එකම එකානන් ඌ නෙමෙයි.. තව හැටහුටාමාරක්ම ඉන්නවා.. මොකෝ ඉතින් මේ මනාල මහත්මිය වටේටම බෙදපු එකක්නෙ..  මේකිට ගහපු කොල්ලොයි බල්ලොයි ඔක්කොම මෙතන..
මේ පලාතේ මෙහෙම මගුලක්නන් වෙලා නැතුව ඇති කාලේකින්..

අර වයින් එක බිව්ව හාදයගෙ කලින් කෑල්ලගෙ මගුල තමයි මේ.. විස්වාස කරන්න මේ ඒකගෙ විසි තුන්වෙනි කෑල්ල.. කොල්ලටනන් දුකක් ගෑවිලාවත් නෑ... පොඩි අව්ලකට වගේ තියෙන්නෙ මේ කොල්ලට ගානටම වගේ සෙට් වුන එකම කෙල්ල තමයි මේ.. සෙට් උන වෙලාවට දවසක් උනත් එක දිගට අදින්න පුලුවන් තරමට කෙල්ලව හරියනවා.. වැඩක් නෑ ඉතින් අද මගුලනෙ..

කොහොමහරි බර අත්තක්ම අල්ලගෙනනන් තිබ්බා... බදින මිනිහට ඇතුලට දාගන්නකන් වත් පන තියෙයිද දන් නෑ හැබැයි පොර වල පෙනි පෙනි ඉන්නෙ.. අපිට මොකෝ එකීට හොදනන් හුහ්.. ඔන්න ඔය වගේ දේවල් තමයි කොල්ලගෙ හිතේ කියවුනේ.. ඉස්සරහා තිබ්බ ෆෘට් ප්ලැටර් එකෙන් ඇපල් කෑල්ලකුත් කටේ දාගෙන කොල්ලා නැගිට්ටෙ ඩෙසර්ට් මොනාහරි කන්න..

SECRET NOTES (ON HOLD)Where stories live. Discover now