Charater Introduction

267 16 7
                                    

මිතුන් සාකේශ් දිසානායක

පෞද්ගලික බැංකුවක වැඩකරන මිතුන්ට වයස අවුරුදු 23යි.. ඒලෙවල් ඉවර කරපු ගමන් තමයි ජොබ් එකට යන්න පටන් ගත්තෙ.. මිතුන්ට ඉන්නෙ අම්මයි අක්කයි විතරයි.. කොල්ලගෙ තාත්තා පොඩි කාලෙම නැති වෙන්නෙ ප්‍රසිද්ධ ඇක්සිඩන්ට් එකකින්.. ඒ කිව්වෙ බලපුලුවන්කාර මිනිහෙක්ගෙ කීමට ටිපර් එකකින් වෙන වාහනයක් හිතලම හප්පද්දි විසි වුනු වීදුරු කෑල්ලක් මිතුන්ගෙ තාත්තගෙ පපුවම පසාරු කරගෙන ගිහින් එතනම නැති වෙලා තිබ්බෙ තාත්තා වැඩ ඇරිලා පයින් ගෙදර එන ගමන් ඉද්දි...

ඒ දවස් වල කන්නෙ බොන්නෙ නැතුව හූල්ල හූල්ල හිටියෙ මිතුන් එයාගෙ තාත්තා එයාව දාලා ගිය එකට.. දැන්නන් අව්ලක් නෑ.. කොල්ලා දැන් ලොකුයිනෙ.. තාත්තා මතක් නොවෙනවා නෙවෙයි ඒත් පව්ලෙ බර කරට ගන්න ඕනි එයා නිසාම මිතුන් මහන්සි වෙලා වැඩ කරනවා..

ඔය අස්සෙ ඉතින් මිතුන්ට පාලු මකන්නනන් කට්ටිය ගොඩයි.. පලවෙනි කෙල්ල සෙට් කරගනිද්දි වයස පහලවයි.. ඊට පස්සෙ ඉදන් මේ වෙද්දි කෙල්ලො විස්සක් විසිපහක් විතර....

පෙනුම ගැන කිව්වොත් උසයි.. 5.8ක් වගේ.. හමේ පාට සුදු.. කෙට්ටුවට උසට සුදුවට ඉන්න නිසාම තමා මෙච්චර අවධානේ හම්බෙන්නෙත්.. අනික පොඩි සෙල්ලක්කාර ගතියක් ඒ ඇස් වල හැමතිස්සෙම වගේ තිබ්බා.. මසල්ස් දාපු කට් උන ඇගක් නොවුනත් ඒ කෙට්ටු ගතිය තුල ලස්සන හැන්ඩ්සම්කමටම කෙල්ලො වහ වැටුනා..

ම්ම්ම්... සෙක්ශුවල් ඔරියන්ටේශන් එක ස්ට්‍රේයිට්... කෙල්ලො විතරයි හරිද...

අක්කායි අම්මයි ගෙදර ඇදුම් මහනවා.. අක්කට 27යි.. බදින්න තමයි හිතන් ඉන්නෙ..




ශෙරාන් නිම්න විජේසිංහ

අවුරුදු 30යි.. පව්ලෙ කවුරුත් නෑ… රහස් ගොඩක්… එයා මොනවා කරනවද කියලා එයාම තමා දන්නෙ.. පෙනුමනන් ඉතින් කියන්න කිසිම වරදක් නැති හැන්ඩ්සම් කොල්ලෙක්.. කෙල්ලො එකට සීයක් දාගන්න පුලුවන්කම තිබ්බත් එයාට ඕනි දේ දෙන්න හැමෝටම පුලුවන්කමක් නෑ..  එකම එක්කෙනෙක් එහෙම හම්බුනොත් ලොකු දෙයක්… සමහරවිට දැනටම හම්බෙලාදත් මන්දා.. මොකද කොල්ලා ටිකක් ට්‍රැක් අවුට් යනවා මේ දවස්වල… පොඩි එක්ස්පෙරිමන්ට් එකක් කරලා බලමු කියලා කරගත්ත දෙයක් නිසා තමයි මේ දවස්වල රෝමියො වගේ වෙලා තියෙන්නෙ.. වැඩේ කියන්නෙ රොමෑන්ටික්කම පෙන්නන්න දන්න මනුස්සයෙක් නෙමෙයි මෙයා...

You've reached the end of published parts.

⏰ Last updated: Apr 23 ⏰

Add this story to your Library to get notified about new parts!

SECRET NOTES (ON HOLD)Where stories live. Discover now