වෙනදා වගේ ඒ පපුව උඩ පහල යන්නෑ කියලත් මං දැක්කා.ඒත් මං ඇත්ත පිළිගත්තෙ නෑ. කොටින්ම මට ඒ ඇත්ත පිළිගන්න බෑ
කොහොමද පිළිගන්නෙ ඒ ඇඟ තාමත් රස්නෙයිනෙ. සමහරවිට හුස්ම ගන්න අමාරු හින්දා හුස්ම ගන්නව ඇත්තෙ හිමින් වෙන්නැති. ඒකයි මට හුස්ම ගන්නව පේන්නැත්තෙ. CPR...... CPR කරොත් එයාට පොඩ්ඩක් ලේසි වෙයි නේද
එහෙම හිතපු මං එයාගෙ කටට මගෙ කට තියල හුස්ම දෙන්න ගත්තා. ඒත් පපුව තද කරන්න ගියෙ නෑ. ඉළැ ඇට කැඩිලනම් ඒවා හාර්ට් එකේ ඇනුනොත් එහෙම තවත් අමාරු වෙනවනෙ.
එහෙම කරල මං ආයෙ එයාගෙ මූණට තට්ටු කරල කතා කරා. ඒත් ඉනා ආයෙ කතා කරේ නෑ එයාට සිහිය නෑනෙ
ඇම්බියුලන්ස් එක ඇවිල්ලා එයාව අරන් යනකනුත් මං හිටියෙ එයාගෙ මූණට තට්ටු කර කරමග දිගට හොස්පිටල් යනකනුත් මං පැරාමෙඩික්ගෙන් අහ අහ ගියේ එයාට ගොඩක් අමාරුද කියල. මොකද එයාලා ඉස්සෙල්ලම ටිකේ කලබලෙන් වගේ ඔක්කොම ප්‍රථමාධාර ටික දුන්නට හොස්පිටල් එකට ළං වෙද්දි මොකවත්ම කරේ නෑ. මට සංසුන් වෙන්න කිව්වා විතරයි.
ඇයි මුකුත් කරන්නැත්තෙ එයා අමාරුවෙන්නෙ හුස්ම ගන්නෙත්
"එයාට හුස්ම ගන්න අමාරු ඇතිනෙ අනේ ඔක්සිජන් මාස්ක් එක හරි දාන්නකෝ"
මං එහෙම කිව්වහම පැරාමෙඩික් මං දිහා දුකෙන් වගේ බලන් ඉඳල ටිකකින් මාස්ක් එක දැම්මා
ඒ දැම්මට පස්සෙ මං එයාගෙ ඔලුව අත ගගා එයාට කතා කරා
"මැණික බය වෙන්න එපා අපි දැන් හොස්පිටල් එකට ළඟයි හරිද තව පොඩ්ඩක් ඉවසල ඉමු හොඳේ"
එයා මුකුත් කිව්වෙ නෑ කියන්න බෑනෙ සිහි නැති වෙලානෙ
ආයෙ හොස්පිටල් එකට යනකන්ම ඇම්බියුලන්ස් එක අස්සෙ ඇහුනෙ එකම එක සද්දයක් විතරයි. ඒ එයාට සම්බන්ධ කරල තිබ්බ මොකක් හරි මැෂින් එකකින් එන බී.............. ගාන සද්දෙ විතරයි
මං එවෙලෙ denial stage එකේ හිටපු හින්දා වෙන්නැති ඒ සද්දෙයි ඒ මැෂින් එකේ ගිය තනි ඉරයි මං සම්පූර්ණෙන්ම ignore කරා. හරියට එහෙම එකක් එතන තිබ්බෙ නෑ වගේ.
YOU ARE READING
ඉනා (Non-Fanfic) (On Hold)
Fantasyකෙල්ලෙක් accident එකකින් පස්සෙ එයා කියව කියව හිටපු කතාවක චරිතයක් උනොත් මොනවා වෙයිද? ඒකත් මේන් කපල් එකේ ටොප්ගෙ ළඟම යාලුවෙක් වෙලා. ප්රශ්නෙ තියෙන්නෙ මේ කෙල්ල ඒ ජීවිතේට කොහොම හැඩගැහෙයිද කියල. මොකද කෙල්ල කොල්ලෙක්ගෙ ඇඟකටනෙ ඇවිල්ලා තියෙන්නෙ. ඒ වගේම ඒ කෙල...