හිමකඳු 18

689 100 20
                                    

හිමකඳු 18 🏔️

සුපවයිසර් ගෙ කතාවෙන් මට තේරුනේ එයාට එකපාරටම ඒකට හා වත් එපා වත් කියන්න බැරි ගතියක්. සීනියර් ලෙක්චරර් ලා එක්ක කතා කරලා මට ඒ ගැන දැනුම් දෙන්නම් කියන අනියමාර්තෙන් අපේ කතාව නතරවුනා. එතනින් එහෙමම මගෙ මේසෙට ගිහින් වැඩ කරන්න පටන් ගත්තත් හිතට කිසිම උනන්දුවක් තිබ්බෙ නැ වැඩ කරන්න. ඒත් නොකර බැරි කමට වැඩ ටික කලා. මං එක්ක වැඩ කරපු උන්ට මගෙ වෙනසක් තේරිලා ඒ ගැන ඇහුවත් හිනාවෙලා නෑ මොකුත් නෑ කියලා මම හැමදේම හිතේ හිරකරන් හිටියා..

හවස ට්‍රාන්ස්පෝට් එකේ ගෙදර යනගමනුත් මට කල්පනා උනේ රස්සාවෙන් අයින් වෙන එක නම් අපරාදයක් කියලා. ඒවගේ ලොකු කම්පැනි එකක රස්සාවකට පැනගන්න එක මාරම අමාරු දෙයක්. ඒත් අරුන් අයියා, රනුක් අයියා එක්ක මට ආයෙ ආයෙ ගැටෙන්න වෙන්නෙ ඒ රස්සාව නිසා නම් ඒ රස්සාවෙන් මට ලැබෙන්නෙ මානසික ආතතියක් විතරයි. ඉස්සරහට තීරණයක් ගන්න එක කල් දාලා මම ලොකු හුස්මක් පිට කලා. ගෙදර යනකොට හතට කිට්ටුයි. හිතේ ප්‍රශ්න හැම එකම එක මොහොතකට හරි යටගහන්න පොඩි එකෙක්ට තියෙන්නෙ මාර මැජික් බලයක්. මං ගෙදරට ගොඩ වෙන්නත් කලින්ම ඈත තියාම ගුල්ලිමටාව දැක්කම මූනට හිනාවක් ආවෙ ඉබේටමයි. මිනිහා මොනවද කරන්නෙ කියලා හරියටම මම ලඟට ගියාම.  කලිසම් කොටේකුත් ගහගෙන ඉස්සරහා කෑල්ලට වෙලා මිනිහා මැටි ගොඩක් අනනවා. මං ඉතින් හිත හදාගත්තා. මොන්ටිසෝරි ටීචර් ලගෙ පිල්ලියක් උස්සන් ඇවිල්ලා ඇති කියලා.

" මොනවද කරන්නෙ ගුල්ලි මටා"

" සතෙක් හදනවා"

" තනියෙන්?"

"ම්ම්....ඔව් ඉතින්. අනික් ළමයින්ට නම් එයාලගෙ අයියලා තාත්තලා උදව් කරනවලු. මං ඉතින් සේරම තනියෙන් කරගන්නෙපැයි"

මට තේරුනා මෑන්ස් මේ හදන්නෙ එකපාරටම වැඩේ නොකියා අනුකම්පාව දිනාගෙන මම ම අහලා ඒක හදලා දෙන තැනට මාව පත් කරන්න කියලා. උඩට ඇඳුමකුත් නැතුව මැටි බෝලයක් රෝල් කර කරා ඉඳලා එකපාරටම පිට කැහුවා. පිට පුරා මැටි ගෑවුනා. මං හිතන්නෙ මදුරුවෙක් කාලා වෙන්ඩ. මාත් ඉතින් එකපාරටම අනුකම්පාව පෙන්නන්න ගියෙ නැ.

හිමකඳු Where stories live. Discover now