Prologue

1K 122 53
                                    

'අහිංසකත්වය, පාරිශුද්ධත්වය සහ නව ආරම්භයන්' සංකේතවත් කරන ඩේසි මල් කෙතරම් නම් සුන්දර ද?

ඒ සුන්දරත්වය දහවල් හිරු එළිය නිසා තවත් වැඩි වෙලා පෙනුණා.. පුංචි ඩේසි මල්, අවටින් හමන සිහිල් සුළඟට නටමින්, තමන් දෙසට මෙතරම් වෙලා යොමු වෙලා තිබ්බ ඇස් වල අයිතිකාරයාට සිලි සිලි හඬින් සිංදු කියන්න පටන් ගත්තේ ඒ ඇස් වල වගේම තොල් වල මහත් වූ ආදරණීය හිනාවක් තවරන්න උත්සාහ කරන ගමන්..

දහවල් ආහාරයට පෙර සුපුරුදු විදිහට ගන්න කෝපි කෝප්පෙක රස බලමින් ප්‍රතාපවත් කාන්තාවක් ප්‍රධාන මාලිගාවට පසෙකින් වූ ගෙමිදුලේ ඇවිදිමින්, පිපුණු සුදු පාට ඩේසි මල් වල සුවඳ විඳිමින් ඉන්න විදිහ පෙනුනෙ ඇය වටා හිටපු සේවිකාවන්ටත් ඇයගෙ සුන්දර ලේලියටත් විතරයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දහවල් ආහාරයට පෙර සුපුරුදු විදිහට ගන්න කෝපි කෝප්පෙක රස බලමින් ප්‍රතාපවත් කාන්තාවක් ප්‍රධාන මාලිගාවට පසෙකින් වූ ගෙමිදුලේ ඇවිදිමින්, පිපුණු සුදු පාට ඩේසි මල් වල සුවඳ විඳිමින් ඉන්න විදිහ පෙනුනෙ ඇය වටා හිටපු සේවිකාවන්ටත් ඇයගෙ සුන්දර ලේලියටත් විතරයි..

ඇය, රටේ මව් රැජිනිය ඇත්තටම ලස්සන කාන්තාවක්.. රවුම් මුහුණක් සමඟ සෑම විටම හිනවෙන හීනී ඇස්, උස් වුන නහයක් සහ ලා රෝස පාටින් හැඩ වුණු හීනි පිරුණු තොල් එක්ක ඇයට තිබුණෙ ගාම්භීරත්වය මිශ්‍ර වුන ලස්සනක්..

"අම්මා.. කවුද මේ ඩේසි මල් වැව්වේ??"

තද රතු හීල්ස් වැටුණ කැළලක්වත් දකින්න නැති කකුල් දෙකක්, දණහිස වෙනකම් ⁣දික් වුන ගවුමක්, එක උරහිසකින් පැන්නුන ගවුම් අත, උරහිස් වෙනකම් දික් වුන කරාඹු යුගලය, තද රතු පාට ගෑවුන දෙතොල්, උස් වුන නහය, හීනි ඇස්, දෙකට බෙදලා පීරලා හෙයාර් බෑන්ඩ් එකකින් එකට එකතු කරලා බෙල්ල පිටි පස්සෙන් තද වෙන්න ගැට ගහල තිබ්බ කෙස් වැටිය, රතු පාටින්ම හැඩ උන නිය⁣පොතු එක්ක මව් රැජිනගෙ ලේලියට ගෙනාවේ වෙනස්ම විදිහෙ ලස්සනක්. ලස්සනකට වඩා ඒක සරාගීත්වයක්..

KING'S SECRET PROPERTY | VKOOK 21+ [Under Editing]Where stories live. Discover now