ටේහ්‍යුන්ග් එලෙස මිතුරාගේ කරමතින් කිම් මැදුර වෙත යද්දී, ජංකුක් මනෝ ලොවක තනි උනා නොවිය හැකිද?
(කිම් මැදුර කියද්දී මින් මැදුර මතක් වෙන්නේ ඇයි මට?)
ටේහ්‍යුන්ග්ගේ සුරතල් ක්‍රියා මතකයට නැගී මුව අගට ගත් සිනහවකින් ජංකුක් හට වෙන වූ ඔහුගේ Gyeonbok මාලිගයට පිවිසියේය.
ඔහු තම කුටියට ඇතුලු වීමට ප්‍රථම ආලින්දයේ වාඩි වී ඉතා අලංකාර රාත්‍රී අහස දෙස බලා නැවත මනෝ ලොවකට පිවිසියේය. ඔහු එම මනෝ ලොවෙහි කෙතරම් දුර ඇවිද ගියාද කියතොත්, ඔහුගේ උද්‍යානයෙහි ඔහු හා ටේහ්‍යුන්ග් රුවැති තවත් කුඩා දරුවන් දෙදෙනෙකු සමඟ කෙලි සෙල්ලම් කරන අයුරු මැවී පෙනුනි.
""ඔහුගේ මුහුන කෙතරම් ප්‍රියජනකද? ආදරනීයද? නොවෙද?""
"හ්ම්ම්... සුන්දරයි" ජංකුක් තවම හීන ලොවෙහිය. පෙම මූනෙන් වෑහේය.
""හහ් හහ් හා😂😂😂... මම දැන ගතිමි. රසකැවිලි හා සෙල්ලම් බඩු රැගෙන දෙද්දීම... ඔබ නැහැ කවදාවත් මටවත් එසේ සලකා..."" ඒ මින් යුංගී. ජංකුක් සිහිනෙන් මෙන් පිලිතුරු දී ඇත්තේ යුංගීටය. අහෝ කරුමෙක මහත. දැන් ඉතින් එය යුංගී හට අවුරුද්දකට සිනා සීමට ඇතිය.
🐰"ඔබ🤨.... වැටහුනා නම් අගෙයි. මුග්ද බිලාලයා... මගේ සිහින ලොවේ බිලාල වෙස් ගත් දුශ්ටයා... මා ඔහුගේ අත් අල්ලා ගැනීමට තනද්දීමයි ඔබ මගේ සිහින ලොව බිද දැමුවේ. ප්‍රේමයක අගයක් නොදත් මුග්දයා... වයසට ගොස් සැරයැටියෙන් යනතුරු ඔබට නම් පෙමක් නැහැ හමු වන්නේ." තමාට වූ අවමානය මග හරවා ගැනීමට ජංකුක් යුංගී හට දෙස් තියන්නට විය.
🐱 "අතින් අල්ලා නැවතුනි නම් යෙහෙකි. දරු සුරතල්ද බැලූ අයුරකුයි මට නම් පෙනී ගියේ... අප බලා සිටිමුකෝ ඔබද මාද ඉක්මන් වන්නේ කියා....
ඉදින් මා පැමිනි වැදගත් පණිවිඩයත් ඔබගේ සිහින ලොව නිසා අමතකව ගියා..
අධිරජු ඔබව ප්‍රධාන මාලිගයට කැදවූවා.."
🐰"කුමක්ද? ඒ කුමක් සදහාද? පියරජතුමා දන්නවනේ මා ප්‍රධාන මාලිගයේ විසීමට කෙතරම් අකැමැති ද කියා...."
🐱" කාරනාව නම් නැහැ මට පැවසූවේ. ඇරත් එහි නවතින්න පවසනවා නොවේනේ. මෙතන සිට කල් යල් බලන වේලේ හැකි විගස ගොස් අධිරජු හමු වූවා නම් යෙහෙකිනේ."
YOU ARE READING
My White lotus
Historical Fictionසුදු නෙලුමක් කියන්නෙම පිවිතුරු බවේ සංකේතය. ඉදින් පිවිතුරු සිතක් ඇති ඔහු සුදු නෙලුමක් නොවන්නේ කෙලෙසද?