09 කොටස

56 5 0
                                    

                                 

"කෝ දැන් දුන්නද ඇප්ලිකේෂන් එක??"
"ඕ....දුන්නා...අනිද්දා ඉදන් ප්‍රැක්ටිස්ලු"
"ම්ම්ම්...ඒනම් බිසී වෙයි නේද ගොඩක්??"
"ඔව් නේද??අනේ පැහැසර මට ඔයාලව හම්බෙන්න බැරි වෙයිද??"
"බලමුකො එහෙම වුනොත් අපි හරි එන්නම්කො"
"මාව බලන්නද??"
"ම්ම්...."
"අනේව් පැහැසර මන් ආතරෙයි ඔයාට"

අකේන් එකපාරටම මගෙ බෙල්ලෙ එල්ලුනා .

අනේ යකෝ මට කටේ තීන කෙල ටික ගිලින්නත් අමාරු වුනා . මේ මනුස්සයා මාව මරන්න හදන්නෙ එක එක වෙලාවට මහ අමුතු විදිහෙ වැඩ කරලා .

එයා මාව තද කරලා බදාගෙන ඉදියත් , මම එයාව ඇල්ලුවෙ නෑ .

"ම්ම්....හාකො . දැන් යන්නෙ පන්තියට නේද ?? වෙන කොහෙවත් යන්නෙ නෑනෙ"
"අපි කැන්ටිමට යමුද මට බඩගිනීනෙ"
"යමුකො යමුකො එහෙනම් . මටත් ලබන සතියෙ ඉදන් ස්විමින් ප්‍රැක්ටිස් දාලා"
"ඔයා ස්විමින් කරනෝද පැහැසර?"
"ම්ම්ම්..."

අපි දෙන්නා හිමීට කැන්ටිමට ආවා . අපි එද්දි ඊයෙ ග්‍රවුන්ඩ් එකේදි කේස් එකක් ඇද්ද විතේන්ලා කැන්ටිමේ ඉදියා . මමනම් නිකමටවත් උන් දිහා බලන්නෙ නැතුව අකේන් එක්ක ගිහින් ඇතුළෙන් ඉද ගත්තා .

"ආ මල්ලී කන්න ඇවිත් වගේ...."

ඒ ගස් බල්ලො ටික අකේන් දිහා බලාගෙන හිනා වෙවී කෑ ගහන්න ගද්දි එයා ඒ දිහා බලන්න හැදුවත් මම එයාගෙ මූන මගෙ පැත්තට හරෝ ගත්තා .

"ගනන් ගන්න එපා වුන් කියන ඒවා . එක එක බල්ලො බිරුවට අපි ඒවා අහන් ඉන්න ඕනෙ නෑනෙ.. මොනාද කන්න ඕනෙ??"
"ම්ම්ම්....මට පෑන් කේක් එකකුයි කිරි පැකට් එකකුයි ඕනෙ"
"එච්චරද ඕනෙ තව මොනාහරි ඕනෙනම් කියන්න"
"එපා ඒ ඇති දැන් තීන්නෙ පොඩි බඩගින්නක් පස්සෙ ලොකු බඩගින්නක් ආවොත් කියන්නම්"
"හාකො හකො . මාර බඩගිනි ඒවා"
"ඒම තමා...ආ සල්ලි"
"අනේ ඔන්න ඕක තියාගන්නවා පණ්ඩිත නොවී"
"අනේ පැහැසර ඔයා ඊයෙ බස් එකටත් සල්ලි දුන්න මට ඒ සල්ලිත් දෙන්න බැරි වුනා..."
"ඉතින් මොකද??"
"ඉතින් කියන්නෙ මන් ඔයාට ණයයිනෙ ගොඩාආආආආ......ම්හුක්...අනේව්"

අකේන් කටත් හෝ ගාලා ඇරගෙන මොනාද කියවන නිසා මම එයාගෙ තොල් දෙක තද කරලා අල්ල ගත්තා වෙද්දි ඒකගෙ මූණ බලන් ඉද්දි ඇඹුල් කරගත්තා .

සොයමි නුඹෙ රුව {𝐎𝐧𝐠𝐨𝐢𝐧𝐠}Where stories live. Discover now