හො.ම.ත.ග.යු. අම්මල දෙයක් කිව්වහම එවෙලෙම ඒ දේ කිරීමෙන් පසුවට පැමිණෙන දීර්ඝ වාග් මාලාවක් නවත්වා ගත හැකි බව
හතර දෙනාම ඒක අත්දැකීමෙන්ම දන්නව වgay. එහෙට මෙහෙට දුව දුව අස් කරනනෙ ඔය යස අගේට
මටත් මොකෝ මාත් පාඩුවෙ ඇඳුනුයි ටවල් එකයි අරන් නාගන්න ගියා
පැය බාගෙකින් විතර එලියට එද්දි මගෙ slavesල ටික කාමරේ තිබ්බටත් වඩා හොඳට අස් කරල"දැන්නම් බඩත්ගිනියි බන් මේක අස් කරලම"
"උබ ඉතින් කොහොමත් කන බනේමනෙ"
"ආ..ආ..ආ... තෝත් නොකාම ඉඳීයි අපි මොනවහරි කන්ඩ ගෙනාවොත්. අනේ නිකන් පලයන් බන් යන්ඩ"
"යන්නෑ යකෝ අද මෙහෙ ඉන්ඩ ආවෙ මං"
"එහෙනම් මාත් ඉන්නව ශානො උබත් හිටාම්"
"මං ඉන්නව කොහොමත්"
"එල එල බොක්ක"
"ජනිය නම් කොහොමත් ඉන්නවනෙ"
"හ්ම්ම්"බස්සා බසු වචනෙන් උත්තර දුන්නා
මං මේ නිකන් අහන්නෙ ඒ උනාට මගෙන් අහන්න ඕන්නැද්ද අද අපි ඉන්නද කියලවත්
අත්දැකීම් නෑ සගෝලා සමහරවිට මෙහෙම වෙන්නැති නේහ් හොඳම යාලුවො හැසිරෙන්නෙ
මාත් ඔලුව පිහ පිහ ගිහින් ඇඳ උඩින් වාඩි උනා
"දැන් උබල කොහෙද නිදියන්නෙ? මේකෙ පස් දෙනෙක්ට ඉඩ නෑනෙ"
"ඇයි මේ ගෙදර තව කාමර නැද්ද එක ඇඳක ගුලිවෙලා නිදියන්ඩ පයිත්තියන් කියල හිතුවද"
"ආහ් ඔව්මයි අමතක උනානෙ හිහී
ගෙවල්වලට කිව්වද"
"අපෝ ඕක කියන්නත් දෙයක් යෑ බන් අද ඉන්න තමා ආවෙ කියල අම්මල දන්නව"
"හ්ම්ම් හ්ම්ම්ම් එහෙමත් එකක්ද"අරුන් තුන්දෙනත් එක්ක කතා කර කර ඉද්දි මගෙ අතේ තිබ්බ තුවාය එකපාරට ඇදිලා ගියා. බලද්දි අලු වලහා ඒක අරන්නෙ මුට මොකටද මගෙ තුවාය
හිත හිත ඉන්ඩ හම්බුන්නෑ මූ ක්රියාවෙන්ම කරල පෙන්නුව ඇයි ගත්තෙ කියල
මේකා දමාගෙන මගෙ කොණ්ඩෙ පිහින්න ගත්තනෙ. කොණ්ඩෙ පිහිනවටත් වඩා බෙල්ල ගලවන්ඩ හදනවද මන්දා(ඔව්වා යාලු උනාටත් පස්සෙ කරන වැඩ නේත මං අහන්නෙ)
"ඕයි ඕයි හිමින් පිහපන් මගෙ බෙල්ල.... මගෙ බෙල්ල යකෝ"
"ඕහ් සොරි සොරි"
YOU ARE READING
ඉනා (Non-Fanfic) (On Hold)
Fantasyකෙල්ලෙක් accident එකකින් පස්සෙ එයා කියව කියව හිටපු කතාවක චරිතයක් උනොත් මොනවා වෙයිද? ඒකත් මේන් කපල් එකේ ටොප්ගෙ ළඟම යාලුවෙක් වෙලා. ප්රශ්නෙ තියෙන්නෙ මේ කෙල්ල ඒ ජීවිතේට කොහොම හැඩගැහෙයිද කියල. මොකද කෙල්ල කොල්ලෙක්ගෙ ඇඟකටනෙ ඇවිල්ලා තියෙන්නෙ. ඒ වගේම ඒ කෙල...