දෙවෙනි හමුවට අදීරා මනසින් සුදානම් වන අතර නිදා හුන් සමනලුන් කිහිපයක් අවදි වී තටු සලන්නට විය.අදීරාගේ ආත්මය ඔව්න්ගේ විචිත්‍රවත් ආගමනය සතුටින් විඳ ගත්තාය.
නේත්‍ර තමන්ව නැවත හමු වීමට අවශ්‍ය ලෙස දැනුම් දුන්නේ ඇයි කියලා අදීරාට සිතා ගැනීමට අසීරුය.ඇය සිතුවේ ඔව්න් අතර සන්නිවේදනය එයින් අවසන් කියාය.නේත්‍රගේ කෙටි පණිවිඩය ඇය පුදුම කලා.මෙන්ම ඇයව කැලබුවාය.නව සතුටක සේයාවකින් ඇගේ හදවත වැසිනි.සමනලුන්ගේ පියාපත් නව වර්ණ වලින් හැඩ විනි.කලක් පුරාවට දරා උන් ආදරණීය සිහිනයක් යථාර්තයක් බවට පරිවර්තනය වීමක පෙර නිමිතිද මේ ....ඔහුව සැබවින්ම ඇයටම හිමි වෙයිද.." මට හිතා ගන්න බැහැ.... ඇත්තටම හිතා ගන්න බැහැ " අදීරා තනිවම සිනාසුනාය... වටයක් දෙකක් අත් විහිදා කැරකුනාය...යහනේ වැතිරී කකුල් ගැසුවාය.. කොට්ටය බදා ගත්තීය..
ඉදිරියේ මුව පොව්වෙක් විලස එහෙට මෙහෙට පනින මනුෂ්‍ය දියණිය දෙස කැඩපත බලා උන්නේ උපේක්ෂාවෙනි . ඇය වැළඳ ගැනීමට සුදානම් වන්නේ සෙවනැලි රාශියක් සැඟවී ඇති හදවතක් රහිත ලෙසින් දිවි ගෙවන ජීවියෙකි .ඔහුගේ හදවත සියළු රිදවුම් රැවටීම් අතරත් මහ සයුරෙන් එපිට ස්පන්ධනය වෙයි.අදීරාට එය සතු කර ගැනීමට සත් සමුදුර තරණය කිරීමද ප්‍රමාණවත් නැහැ.මන්ද කිසි සේත් නතර නොවන කාලය වෙනස් කල නොහැකි නිසාවෙන්.
දෙවෙනි හමුවේදී හිඳ උන් මේසයට ඇයව දුර තියා නේත්‍රට දිස් විය.පළමු හමුවෙදී ඇය තුල කිසිම විශේෂයක් නැති ලෙස තමන් විග්රහ කලේ මන්ද කියා ඔහුටම සිතා ගැනීමට නොහැකිය.ඇය වෙතට ඇති ඔහුගේ ආකර්ෂණය කුමක්ද කියලත් ඔහුටම තේරුම් ගැනීමට නොහැකියි.
" සොරි මම ටිකක් පරක්කු වුණා.. වැඩ වගයක් තිබුනා " අදීරා සමාව අයදිමින් හිඳ ගත්තාය.
" කමක් නැහැ... මමත් ඇවිල්ලා වැඩි වෙලා නැහැ "
පළමු හමුවේදී අධික ලෙසට චංචලව තිබු දෑස් නිසලය.ඇයටම ආවේනික වූ අහිංසක කලබලයත් අවමය.ඇය යථා තත්වයට පැමිණ ඇති හැඩයි." වාව්.. මෙතන්ට ලස්සනට ඉර බහිනවා පේනවා.. " අදීරා පැවසුවේ වීදුරුවෙන් එපිටට දෑස් විහිදුවමිනි.
ඉන්දියන් සාගරයේ හතරෙන් තුනක් ගිලුණු රත් පැහැ ගෝලයෙන් විහිදෙන එලියෙන් මුහුදු රැලි දිලිසෙයි . ගාළු පාර දිගටම වාහනයක් පපසුපසින් වාහනයක් ඇදෙන නොනවතින පෝලිමකි.ඇතුලත වායු සමීකරනය කර ඇති නිසා වැසී ඇති සුඛෝපභෝගී ගිමන් හලේ අභ්‍යන්තරයට මුහුදු සුළඟේ කතාව නෑසේ.
![](https://img.wattpad.com/cover/369133329-288-k994366.jpg)
BẠN ĐANG ĐỌC
නේත්රාදීර ( Completed )
Viễn tưởngආදරය උදෙසා.. ජීවිතය උදෙසා.. කාලයේ නීති බිඳ හෙලු යුවතියක්..