36.අවසන් තරණය

120 13 11
                                    

අදීරා යලිත් තනි වුවාය.

ඇගේ සිහින් සිරුර ඉකි ගැසීම් සමගින් ගැස්සින.හුස්ම මදි විය.කෙතරම් වේලාවකට පසුවද නොදැන ඇය නිසල වුවාය.
වරක්‌ නේත්‍රට රිදෙන නිසාවෙන් ඇයට පෙර ඔහුගේ නික්ම යෑම සිදු වුවහොත් යෙහෙකි යැයි අක්කාට පැවසුවා මතකය. එහෙත් එය දැකීම කිසි සේත් පහසු නොවේ.
සෑම විටම ඇය බැරිස්ටාව සහ පීලි අතර දෝලනය වෙයි.බැරිස්ටා වෙන් ආරම්භ වී පීලි මතින් අවසන් වෙයි.
එතැනින්ම ආරම්භය ඇයි...
පීලි මතින්ම අවසන් වන්නේ ඇයි..
එය චක්‍රයකි.

ඇය බොහෝ වේලා කල්පනා කලාය. බැරිස්ටාව ඇගේ ජීවිතයේ මං සන්ධියකි. වසර ගණනක් ඇය ඒ මග හැරුණු හමු වීම සිහි කරමින් තැවුනාය. නේත්‍ර සමගින් විවාහ වුවාට පසුවත් එදා මග නොහැරියා නම් සිතමින් දුක් වුවාය.
ඇගේ සිතුවිලි ඒ සිදු වීම වටා සැරිසැරීමට පුරුදුව ඇත.

රේල් පීලි මත සිදු වූ ඛේදවාචකය දැන ගත් දා පටන් ඇය එය සියල්ලන් මත ඇති කල බලපෑම පිලිබඳ සිතුවාය.එම සිදුවීම සියල්ලන් මත ඇති කල බලපෑම වටහා ගත්තාය.
නේත්‍රගේ.. සෙහස්ගේ.. මිහින්ගේ.. දහරාගේ ජීවිත උඩු යටිකුරු කලේ දුම්රියයි.
දහරා නේත්‍රගේ ජීවිතයට ඇති කල බලපෑම අදීරා වෙතද පැමිණියෙය.
ඇගේ මනසේ මෙම සිදු වීම් විසල්ය. එසේ වී ඇත්තේ මෙම සිදුවීම් වලට ආරුඩ කර ඇති වැදගත්කම නිසාවෙනි.එම සිදු වීම් නැවත නැවතත් සිතිම නිසාවෙනි.එයින් මිදිය යුතුය.නැතිනම් යලි යලිත් මෙම ස්ථාන අතර දෝලනය වීම සිදු වනු ඇත.

පිහි ඇනුම සිදු වූ දිනට හෝ ඊට පෙර දිනට යාමෙන් පලක් නැත.ඉවත් කල යුත්තේ පිහි ඇනුමට හේතු වූ දෙයයි.නැතිනම් එයත් කෙදිනක හෝ යලිත් සිදු වනු ඇත.

මේ සියල්ල.. සෙහස්, මිහින්, නේත්‍ර... භ්‍රමනය වුයේ දහරා වටාය.සිදු වීම් ගොඩ නැගුනේ ඇය වටාය.
සැබවින්ම නේත්‍ර එතරම් ඇයට ආදරය කලේ දහරාගෙන් ලත් අප්‍රසන්න අත්දැකීම හේතුවෙනි.
එසේ නම් දහරා වෙනස් වුවහොත් සියල්ල නිවැරදි වෙයිද..
දහරාගේ ජීවිතයේ වැඩිම බලපෑමක් ඇති කල සිදුවීම ඇගේ දෙමව්පියන් අහිමි වීමයි.
එයට හේතුව සුනාමිය.
ඇගේ අම්මා.. තාත්තා ඉතුරු වුයේ නම්..

නේත්‍රාදීර ( Completed )حيث تعيش القصص. اكتشف الآن