14.

142 25 14
                                    

එය සීත කාලයේ ආරම්භය . ඉදිරියට පැමිණීමට නියමිත දවස් බොහෝ දුෂ්කර වෙවී . සාගරය ආසන්නයේ කැප්ටන්ගෙ කුඩා නිවස පිහිටා තිබෙන නිසා නිවස ඇතුළත උණුසුම් කරන්න කැප්ටන්ට ඇත්තටම ලොකු වෙහෙසක් දැරීමට වෙයි . ඉතින් උදෙන්ම පෝරණුවට දර ගේන්න මුහුදු සීමාවට ටිකක් එහායින් තිබුන කුඩා වනාන්තරයට කැප්ටන් පිටත් වුණේ ඒකයි . කදුකරයේ තරම්ම විශාල උසට වැඩුණු ශාක නැතත් දරට ගන්න පුලුවන් තරමේ ශක්තියකින් යුක්ත කදන් සහිත ශාක ඒ ලදු කැලෑවේ ඕන තරම් තිබුනා .

කුඩා පොරවක් අතට අරන් ඒ වෙනකොටත් සුව නින්දක හිටිය හිතුවක්කාර කිදුරු පැටියගේ සුව නින්දට බාධාවක් නොකර කැප්ටන් හිමීට නිවසෙන් පිටතට ආවා . ඒත් කැප්ටන්ට පියවර දෙකක් පමණ යන්න පුලුවන් වෙන්න ඇති ඕන නම් ....

කැප්ටන්...

කැප්ටන්ට ඉදිරියට තබපු පියවර පසුපසට ගන්න ඒ කටහඩ විතරක්ම ප්‍රමාණවත් වුණා . බර හුස්මක් පහත හෙළපු කැප්ටන් දැනටමත් සීතල විදිහට පිටුපාලා ඉන්න තමන් දෙසට හැරී තියෙන නිල් දෑස වෙත තමන්ගේ තද කළු දෑස් යොමු කළා .

දුහුල් ධවල පැහැ රාත්‍රී නිදන ඇදුමකින් සැරසී සිටි ගෝල්ඩි කැප්ටන්ගේ නිවසේ පිවිසුම් දොර අසලට වී කැප්ටන් දෙස බලාසිටිනවා . ඔහු කැප්ටන් හා අමනාපයෙන් බව පෙන්වීමට විය හැකියි ප්‍රංශ රෝස මල් පෙත්තක පැහැය ගත් තොල් පටවල් නොපිටට පෙරළාගන නෝක්කාඩු බැල්මකින් කැප්ටන් දෙස බලාසිටින්නේ...

ඔයා ඇත්තටම නරකයි කැප්ටන්...මම නිදි අතරෙ කොහේ යන්නද මේ සැරසුණේ අහ්...

ඔහෝ...සිටියේ ඔබ සුව නින්දකනේ...පුංචි දේවදූතයෙක් ලෙස නිදා සිටි ඔබේ සුව නින්ද කඩා දාන්න සිත දුන්නේ නෑ මට...

ඇරත් මම යන්න හැදුවේ කැලයට...සීත කාලය එනවා ගෝල්ඩි... පෝරණුවට දර රැගෙන එන්න ඕනේ...ඉතින් මා සමග ඔබ ගොස් කුමක් කරන්නද ?

මූණට වැටිලා තිබුන ගෝල්ඩිගේ රන් පැහැ කෙහෙරැල්ලක් මී පැණි පැහැ කන්පෙත්තක පිටුපස රඳවන ගමන් කැප්ටන් මුමුණද්දී කැප්ටන් දෙසට පියවරක් ඉදිරියට තබපු ගෝල්ඩි කැප්ටන්ගේ ගෙලවටා   සිය දෑත් එකිනෙක පටලවා ගත්තා .

Our Destiny Where stories live. Discover now