මගේ එක්කෙනා කවුද ?
11 කොටසමල්වලින් සැරසුන හාරිතාගාරයෙන් පිටතට නවිදු එද්දිම සවිදු දුවගෙන ඔහු ඉදිරියට ආවා. කොල්ලා ගෙල ඇල කර බැලුවේ නවිදුට පිටුපසින් පැමිණි ඉන්දි දිහා. ඇය හා මුවපුරා හිනාවුන සවිදුගේ දෑස් ඊගාවට නවිදු දෙසට යොමුවුනා.
' අයියා..මට කතා කරන්න ඕනේ..' ඔහු කිව්වේ ඉන්දි දිහාත් හොරෙන් බලමින්. සවිදුගේ බැල්මෙන්ම ඉන්දි තේරුම්ගත්තා ඔහු නොකියා පවසන්නේ ඇයට ඉවත්වෙන ලෙස බව.
' ඔයා මල්ලි එක්ක කතා කරලා එන්න..' නවිදුගේ උරහිස අතගාගෙනම සිනහාවී කියූ ඉන්දි නිවස දෙසට ඇවිද ගියේ ඇය යන දෙස බලා සිටි කොල්ලෝ දෙන්නාම ඔවුනොවුන් දෙස බලද්දි.
' මොකක්ද වෙන්නේ මෙතන...ඉන්දිත් ආපු නිසා මං හිතුවා ඔයාලා දෙන්නා සෙට්ල් ඩවුන් වෙලා ඇති කියලා..ඒත් අයියා මට අමුත්තක් තේරෙනවා..' නවිදු දෑස් අහකට හරවාගත්තේ සවිදුගේ වචන ඉස්සරහා. ඔහු මවාගත් හ්හිනාවකින් නැවත සවිදු දිහා බැලුවා.
' දැන් ඒ සේරම හරි මල්ලි...' ඖ කිවුවේ සවිදුගේ පිටට තට්ටුවක් දාමින්.
' හ්ම්ම්ම්..ෂුවර් නේද අයියා...මට ඔයා අවුලෙන් වගේ පේනව..වුන දේවල් වුනා..ඒවා අමතක කරලා අලුතෙන් පටන්ගන්න පුළුවන්නම් හොදයි..ඒත් අයියා ඒවා හිත්වල තියාගෙන කසාද බදින්න හිතන්නවත් එපා..මේ කෙහෙල්මල් බිසනස් නිසා මැරේජ් එකකට යන්න හිතන්න එපා අයියා..ඔයා ඕනාවට වඩා බිස්නස් ඔළුවේ තියාගෙන වැඩියි..' සවිදු ඔහේ කියවද්දි නවිදු බලාගෙන හිටියේ දෙතොල්වල තිබූ මදහස පොඩ්ඩක්වත් අඩු නොකර.
' සවී කවද්ද මෙච්චර ලොකුවට හිතන්න ගත්තේ..' ඔහු හිනාවුනේ දෑස් පුංචි කරමින්.
' ඉන්දියි මායි හැමදේම තේරුම්ගන්න බලනවා. ඒත් ඉක්මනට මැරේජ් එක ගන්න එක ගැන පොඩ්ඩක් ආයේ හිතන්න වෙනවා...' ඔහු කියා අවසන් කරේ දිගු සුසුමක් හෙලමින්. සවිදු හිසවනා ඔහු කියූ දෙයට සවන්දුන්නා පමණයි. සවිදුගේ උරහිසට උඩින් ඔහු ඈතින් සිටිනා ඉන්දි දිහා බලපු කොල්ලා ඒ දෙසට ඇවිද ගියේ සවිදුගේ පිටට තට්ටුවක් දමමින්.
' සවී මොකද කියන්නේ නවිදු...' ඉන්දි අහද්දි කොල්ලා හිස දෙපසට සලාගෙනම ඉස්සරහාට වුනා.