දහවලට වුණත් ඉතා කාර්යබහුල කොළඹ නගරයේ මාවතක් දිගේ ඉදිරියට ඇදුනේ කලු පැහැති ඩිපෙන්ඩර් රථයක්....
වාහනයේ වේගය මදක් අඩාල වුණේ ජංගම දුරකථනයට ආ ඇමතුමක් හේතුවෙන් මාර්ගයෙන් ඉවත්ව වාහනය නැවැත්තු රියදුරු ඔහුට පැමිණි කෝල් එක ආන්සර් කර කනේ තබා ගත්තේය.
" සුදු පුතා කොහෙද ඔයා ඉන්නේ දරුවෝ මේ චුටි නැන්දලාත් ඇවිල්ලා ඉන්නේ "
" අයියෝ මමී මන් මඟ අනේ ඉන්නේ තව විනාඩි 15 කින් ගෙදර මන් "
" හරි හරි ඉක්මනින් එන්න හිරුණි ළමයාත් ඇවිල්ලා සුදු අයියා කෝ කියලා ඇහුවා "
" අයියෝ මේ මමී නැන්දලා ඇවිල්ලා තියෙන්නේ මඟුල් කපු කම් වලට නම් මන් එන්නේ නෑ "
" එහෙම දෙයක් නෑ සුදු පුතේ ඔයා ඉක්මනින් එන්නකෝ "
ෆොන් එක පැත්තකට දැමු ඔහු නැවත වාහනය ධාවනය කරන්නට පටන් ගත්තාය.
නමින් මොහු අභිරූත් දේව්ෂේන් ශාක්‍යසිංහය
ලංකාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරිකයෙක් වන තේමිය ශාක්‍යසිංහ ගේ හා ප්‍රසිද්ධ ශල්‍ය වෛද්‍යවරියක් වන කාවිතා සේනානායක ගේ එකම පුතුය කුඩා කාලයේ පටන් හොද පවුල් පසුබිමක් තිබුන නමුත් අනෙකුත් සල්ලිකාර දරුවන් වගේ සෙල්ලක්කාරයෙක් නොව නිහතමානී ගති පැවතුම් හා කාරුණික අයෙක් විය . එත් තරහා ගිය විට මොහු තරම් දරුණු පුද්ගලයෙක් ද තවත් නැත .
ඉතා සුවිසල් මැදුරක් ලඟින් වාහනය නතර විය. වාහනයේ හෝන් එක නාද කරනවාත් සමඟ සුවිසල් ගේට්ටුව දෙපසට විවෘත විය වාහනය නිවස ඉදිරිපිට නතර කර ඔහු වාහනයේ යතුර නිවසේ සේවකයෙක් හට ලබා දී නිවස තුළට ගමන් කළාය.
" චුටි මහත්තයා අන්න අර ගිනි බෝම්බේ ගෙදර ඇවිත් "
අභිරූත් නිවසේ සාලය දෙසට පිය නඟද්දි නිවසේ පරණම සේවකයෙක් වුණ ජිනදාස ඉදිරියට ආහ . කුඩා කාලයේ පටන් අභිරූත් ගේ පසුපසින් නිතරම සිටි මොහුට අභිරූත් සැලකුවේ තම පවුලේ කෙනෙක් ලෙසටය. ජිනදාසදට අභිරූත් වෙනුවෙන් පණ වුණත් දිමට හැකිය.
