16.පෙරහුරුව

141 12 0
                                    

විවාහ උත්සවයට දින පහකට පමණ පෙර නේත්‍රගේ අවසන් ඇඳුම් අඩු පාඩු බැලීම යෙදී තිබුණි. නුගේගොඩ එම මැහුම් කරුවන් සතු විසල් ප්‍රදර්ශනාගාරය වෙත යනවිට උදෑසන දහය පමණ විය.
එදා අදීරා දෙවෙනි මනාලියන්ගේ පාවහන් පිලිබඳව ඇති වූ සංවාදයෙන් පසුව නේත්‍ර උත්සවයේ සියළුම බර සහ වගකීම් ඔහු මතට ගත්තේය. අදීරා සිතුවේ ඔහුට එය වඩා හොඳින් සිදු කර හැකි නිසාවෙන් ඔහු එය පවරා ගත්තා කියායි. එනමුදු සත්‍ය වශයෙන්ම සිදු වුයේ අදීරා පීඩනයක් යටතට පත් වෙනවා දැකීමට නේත්‍ර රිසි නොවීමයි.ඇයට පමණක් තීරණය කර හැකි දේ පමණක් ඇයට ඉතිරි කොට ඉතිරි සියල්ල ඔහු විසඳුවේය.
එනිසාවෙන් විවාහ උත්සවය ලඟා වන විට අදීරාගේ මනස නිදහස් විය. ඇයට වගකීම පැවරුනේ ඇගේ සහ දෙවෙනි මනාලියන්ගේ පමණයි.

නේත්‍ර සුදානම් වී එන තෙක් අදීරා ඒ මේ අත ඇති වෛවාරන්න ඇඳුම් බලමින් කල් ගත කලාය.
ඔහුව පළමුවෙන්ම ඇය දුටුවේ ඉදිරියේ සිටවා තිබු විසල් කැඩපතිනි.
කළු පැහැ කබාය සහ කලිසමෙන් සැරසී එක් අතකින් අනෙක් අතේ මැණික් කටුවේ බොත්තම් කාසයක තුලට බොත්තම් යවමින් පැමිණෙන ඔහු නෙත ගැටුණු පමණින් අදීරාට හුස්ම අමතක විය.
මෙතරම් කඩවසම් ඔහු ඇත්තටම ඇයගේමද... ආඩම්බරයක් මෙන්ම හෙළි නොකල ආදරය උතුරා යෑමට දරන වෑයම වේදනාවක් ලෙසින් ඇයට දැනින.
හැරී දුවගොස් ඔහු සිප ගන්නට තරම් හැන්ගීමක් පහළ වූ බැවින් ඇය යටි තොල සපා ගෙන අහක බැලුවාය.
ඉන් පසුව ඔහු දෙසට හැරුනාය.

" ශේප් නේද? " නේත්‍ර ඇගෙන් විමසා සිටියේ විශාල කැඩපත අභිමුව සිට ගනිමින්.ඒ මේ අත හැරෙමින් ඇඳුමේ අඩු පාඩු සොයන නේත්‍රව අදීරා ඇසි පිය නොහෙලා නැරඹුවාය.

ඉක්බිති ඇය කෙල බිඳක් ගිල ගත්තේ උගුරට දැනෙන වියලි බව නිසාවෙන්.රැලි පිට රැලි සිතට  ගලා එන සියල්ල.. දැනෙන සියල්ල ඔහුට පැවසිය නොහැක.ඒවා එසේම තිබුනාවේ.

එසේම තිබුනාවේ කියා සිතුවත් එයින් දෝතක් ඇගේ දෙනෙත් වලට කාන්දු වීම වැලක්විය හැකි වුයේ නැත. ඇඳුමේ විත්ති විමසන්නට ඇය දෙස බැලු නේත්‍ර වචනයෙන් නොකියවුනු ඒ දෙනෙතේ පැහැදිලිව සටහන්ව ඇති ආශාව මුසු අගය කිරීම හැඳින ගත්තේය.
මින් පෙර ඉතිහාසයේ කවදාවත් නොවූ පරිදි ස්ත්‍රී නෙත් යුගලක් ඉදිරියේ නේත්‍ර මුදලිගේට බිම බැලින.ඉක්බිති ඔහු දෙබැම උස් කොට සිනහ පිරි නෙත් පමණක් ඔසවා ඇය දෙස බැලීය.
විදා ගත් දෑස් වලින් අදීරා බලා උන්නේ ඔහුගේ රුවට සහ කුඩා සංචලනයන්ට වශී වීය.
ඇගේ සමනලයින් බිහි වුයේ ආදරයේ වර්ණ මතිනි.එහෙත් දැන් දැන් ආගන්තුක පැහැයන් ඒ තටු වෙනම ආකාරයකට‍ සිතුවම් කරයි. සමනලයින් පෙරට වඩා දඟකම් පායි.සුරතල් වීමට මාන බලයි..කියා ගනු බැරි හැන්ගීම් කරපින්නා ගෙන අහසේ කරකැවෙයි .නොතේරෙන යමක් බලාපොරොත්තු වෙයි.රාත්‍රියේ ඇගේ සිහින අතර සැරිසරයි.

නේත්‍රාදීර ( Completed )Where stories live. Discover now