ඇගට දැනුන අමාරුවත් එක්ක මං හෙමීට ඇස් අරිද්දි මං හිටියෙ අම්මාගෙ තුරුලේ..
" කන්හා.."
" අම්මා..ඌ මාව කන්න ගියේ අම්මා.."
මං බයේ වෙව්ලන ගමන් අම්මට තවත් තුරුල් උනා..
" හරි හරි කන්හා බය වෙන්න එපා අම්මා ඉන්නවා නේ.."
එයාගෙ ඇගිලි මගෙ කොණ්ඩ ගස් අස්සෙන් සනීපෙට එහෙ මෙහෙ යද්දි ටික ටික මගෙ හිතට සැහැල්ලුවක් දැනුනා..
ඒක හීනයක්ද..ඒ සතා..ඌ මාව කන්න ගියේ..
" ඇගට අමාරුයිද.."
" ටිකක් අම්මා.."
" වෙච්ච දේවල් ගැන හිතන්න එපා දැන්.."
" හ්ම්ම්.."
නොහිතා ඉන්නෙ කොහොමද..රාජ් මට රිද්දන හැම පාරම ඒක රිදෙන්නෙ මගෙ හදවතට..
" කන්න මොනා හරි අරන් එන්නද.."
මං හා කියන්න ඔලුව වැනුවා..උදේ ඉදන් මුකුත් කාලා නැති නිසා බඩගිනි..
මාව කොට්ටෙන් හාන්සි කරවපු අම්මා ඔලුවත් අත ගාලා කාමරෙන් එළියට ගියා..
ආයෙත් කලින් වගේමයි..මට මොනාද උනේ කියන්න අම්මා මගෙන් ප්රශ්න කරේ නෑ..එයා එහෙම කරද්දි ඒක මගෙ හිතට නොසෑහෙන්න වද දෙනවා..
ට්රීං..ට්රීං..ට්රීං..
මේසෙ උඩ තිබ්බ ෆෝන් එක රින් වෙනවා ඇහෙද්දි මං අමාරුවෙන් නැගිටලා ෆෝන් එක අරන් ආපහු ඇදෙන් වාඩි උනේ කෝල් එක ආන්ස්වර් කරන ගමන්..
" හැලෝ.."
" .......... "
" හැලෝ කව්ද මේ.."
" උබ හොදින්ද.."
දෙයියනේ අසූර්..
පලවෙනි වචනෙන්ම එයාගෙ කටහඩ මට අදුර ගන්න පුලුවන් වෙද්දි මං ෆෝන් ස්ක්රීන් එක දිහා බලලා ආයෙත් ෆෝන් එක කනේ තියා ගත්තා..
" ම්ම්ම්.."
" මේවට පැටලෙන් නැතුව පාඩුවේ ඉන්නවා..කලරාජ් අතින් උබ මැරෙනවා බලන්න ඕන් නෑ මට.."
" ඕවා කියන්නනම් ගත්තේ මට අහන්න ඕන් නෑ කෝල් එක කට් කරන්න.."
මං කරන්න ඕනි මොකක්ද කියන එක ගැන කාගෙන්වත් උපදෙස් ඕනි උන් නැති නිසා මං ගියෙ කෝල් එක කට් කරන්න..
YOU ARE READING
කලරාජ්
Actionගොඩක් උන්ට යක්ෂයෙක් වගේ පේනවා ඇතී..ඒත් මේ අත්වල නිර්දෝශී මිනිස්සුන්ගෙ ලේ ගෑවිලා නෑ.. යක්ෂන්වත් ආදරේට හීලෑ කරන්න පුලුවන් කියලා පෙන්නලා දුන්නෙ ඒ නිල් පාට ඇස්දෙක..ඒත් මොකක්දෝ කරුමෙකට ඒ ඇස් වෙනුවෙන් ආදරේ ලියන්න තහනම් උනා..