Chapter 1

7 2 0
                                    

ධවර්ණා... එනම් ධවල වර්ණය හෙවත් සුදු පැහැය...

බොහොමයක් දෙනාට නොපෙනුනත් ඇයට හරි අපූරු ලස්සනක්‌ තිබුනා
ඒකට අමුතු ලස්සනක්‌ කියන්නත් බැහැ, ලෝකයා විසින් ලස්සනයි යැයි පිළිගත් අංග ලක්ෂණ නිවැරදිව පිහිටීම නිසාම ඇයට ඒ සුන්දරත්වය ලැබුණා...

නමුත්... නිහතමානී නොවන අධිතක්සේරුව සහ අධිමානය ඇයට නොඅඩුව ලැබී තිබුනා...

සෙංකඩගල නුවර තුරුණු විය ගෙවන ඇය, තම වෙහෙසකර ගමනට මැදි වියේදී තිත තබන බවට පොරොන්දු වී සිටියා...

ජීවිතේ,
අපි ආස දේවල්
තිබිලා නැති වෙන එක

ඒක ,

නොලැබීමට වඩා දරුණුයි🤍...

පෙනෙන සියල්ල
සත්‍යක් කියා සිතුවාට
අප සියල්ලන්ම මිනිසුන්ය
වෙස් මුහුනු පැලදි
නිහඩ පුද්ගලයා ගුප්තය
තම හැගීම් අසුරු සැනෙකින් සගවන
ගුප්ත මිනිසාට හිතක් නැත
පොදු විවහාරයයි සමාජයෙ
නමුත්
ඒ ගල් මිනිසාටත් හිතක් නැතිද
කාලයකට පෙර මිනිසුන්ම මරා දැමූ

🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍🤍

"චූටි දු.... මං උඩට එන්න කලින් නැගිට්ටේ නැතොත්...."

ඒ ධවර්ණා ගේ අම්මා ජෙශෝ ශෝලන්කි සිංහවංශ... පළමු පන්තියේ කාන්තාවක් වු ඇයට ද්විත්ව පුරවැසි භාවයද හිමිව තිබුනා,

ම වයස අවුරුදු 31 ක්‌, 30 ක්‌, 28 ක්‌ ලෙස පිලිවෙලින් වයස් ඇති දරුවන් 3න් දෙනෙක් ඇයට සිටියා...කේෂ් තීව්ර්ය සිංහවංශ, ඔහු මේ වන විට තම පියාගේ(ප්‍රතීෂ් සිංහවංශගේ) ව්‍යාපාර කටයුතු සමග සම්බන්ධ වී සාර්ථකව කල් ගෙවයි.. යම්කිසි හේතුන් කිහිපයකට වරින් වර විදේශ ගතව සිටිමට සිදු වුවද මේ වන විට මවු රට තුළ කාර්යබහුල අවිවාහක දිවියකට හුරු වී සිටිනවා...ඔහුගේ නැගණිය වන බ්‍රිට්නි ෆෙරෝ සිංහවංශ විවාහක එක් දරු මවකි... අනෙක් නැගණිය වන ධවර්ණා ප්‍රාතිහාර්යා සිංහවංශ, අවිවාහක වෘතීය ඉංජිනේරු වරියක් ලෙස කල් ගෙවයි...🖤

"අනේ මට බෑ! මං එන්නෑ...
මට ඕන්නෑ ඔය එක එක නාකි මනමාලයෝ...
මං බදින්නෙත් නෑ!! දෙය්යන් පල්ලා! බුදුන් පල්ලා! විශ්වාස කරනවා නම් විශ්වාස කරන්න... නැත්තන් මට වැඩකුත් නෑ "

කළු සුදු ප්‍රේමය 🤍🖤Where stories live. Discover now