එතන හිටිය පිරිමි ළමයට තිබුනේ නිල් පාට ඇස්...
ආර්යා රහසින් එහෙම කියනව ධවර්ණා ට හොදින් ඇහුනා...
අවසාන පඬිය හරියේදි දෙන්නටම දෙන්න ඇස් හිටින විදිහට ධවර්ණා agraste දෙස බැලුව...කිව්ව වගේම එයාට තියන්නෙත් අහසේ පාට ඇස්, සමහර විට දියකිදුරෙක් වෙන්න ඇති... පුරාවෘර්ථ වල කියවෙන විදිහට තවමත් කිදුරෝ මැරිලා නෑ...
එතකොට මේ ව්‍යාපාරිකයා ජලජ ජීවියෙක් ද...
මට මෙයා එක්ක හිටියොත් මූදු පැලෑටි කන්නත් වෙවී...ධවර්ණාගේ හිත මහා විසාල අදහස් කන්දකින් පිරිලයි තිබුනේ... ගොඩ එන්න නම් ඇසි පිය හෙලන්න ඕන, ඒත් ගැබුරු නිල් පාට ඇස් වලට කාවැදිලයි තිබුනෙ...
ධවර්ණා හෙප්පුවත් අරන් ළං වෙනකොට agraste නැගිට්ට...
ධවර්ණා හෙප්පුව එයාගේ අතින් තියලා දණ ගහලම වැන්දා...Agraste දැනන්හිටියේ නෑ මොනවද ඒ වගේ වෙලාවක කරන්න ඕන කියල... ඉතින් තාත්තා කිව්ව වගේම එයත් නැගිටින්න නැගිටින්න කියල කිව්ව... කොහොමටත් agraste ශ්‍රී ලාංකීය සංස්කෘතිය දැනන් හිටියේ නෑ එයා හැදුනේ වැඩුනෙ පවා canada වගේ රටවල් වල...
ධවර්ණා එක පාර නැගිට්ට... ඇයි එයාට නැගිටින්න කිව්වේ කියල ධවර්ණා දැනගෙන හිටියෙනෑ... අවම බුදුසරණයි!!!කියලවත් කිව්වේ නෑනේ... ධවර්ණා හෙප්පුව ගන්න අත් දෙක දික් කළාම... Agraste අත උඩින් මොකද්ද කොළයක් තිබ්බ...
"මේ මොකක්ද"කියන්න වගේ ඇය agraste දිනා කෙලින්ම බැලුව...
"මම fb එකේ දැක්කා, හෙප්පුව ඇල්ලුවම ඔප්පුව ඒක උඩින් තියන්න ඕන කියල "
ධවර්ණා ආයෙත් අම්මලා දිහා බලලා agrasteගේ දිහා බැලුව...
Agraste හොද confidence එකක් ඇතුව තමයි මේ හැමදේම කියන්නේ කියල වටේම අයට තේරුනා"ඕක මගේ Iraq වලින් ගත්ත අලුත්ම ඉඩමක්...
ඒකෙ ඔප්පුව ඔය තියෙන්නේ...
පහළින් තියන හිස්තැන් හැම එකටම අත්සන දාල දෙන්න... සාක්ෂි කරු විදිහට තවත් කෙනෙක් අත්සන් කරන්න ඕන "ධවර්ණා ආයෙත් එ ලියවිල්ල දිහා බලලා තාත්තා දිහා ටිකක් වෙලා බලන් හිටියා...
"පුතේ මේකයි.... Mmmm...
ඒක ඇත්තටම චාරිත්‍රයක් නෙවෙයි...හරි නම් මනමාලිගේ පැත්තෙන් තමයි දෑවැද්ද විදිහට මොනවා හරි දෙන්න ඕන...
ඔයා ඒ විදිහට ධවර්ණාගෙන් හරි අපෙන් හරි බලාපොරොත්තු වෙන දේවල් තියනවා නම් අපිට කියන්න "
![](https://img.wattpad.com/cover/370539956-288-k769472.jpg)
YOU ARE READING
කළු සුදු ප්‍රේමය 🤍🖤
Mystery / Thrillerසබ්බේ පෘථග්ජනා උන්මත්තා.... සෑම මිනිසෙකුම උන්මත්තකයෝය 🫀