Chap 6

30 2 0
                                    

අපි හැමෝටම නවතින්න බුක් කරලා තිබ්බේ Grand Oriental Hotel එක....ඒක මාරම ලස්සන ඉන්ටීරියර් ඩිසයිනිග් එකක් තියන හොටෙල් එකක්....මමයි යුවෙනුයි තීර්ථයි මෙහෙ කලින් ඇවිත් තියනවා.....ඒක නිසා අපි තුන්දෙනාටනම් මෙතන හොදටම හුරුයි....අපි යද්දී අනිත් ස්කූල්ස් වල ළමයිත් ඔක්කොමලා වගේ ඇවිත්....සමහර අයනම් මම අදුරන අය....නිකේත් අයියලා ගිහින් රූම්ස් බුක් කරන ගමන් හිටියේ....ඒත් හැමෝටම තිබ්බේ හොටෙල් එකේම ඉතිරි වෙලා රූම්ස් දෙකයි මටයි, කියෝමිටයි මෑම්ටයි බුක් කරලා තිබ්බ ඒවා ඇරෙන්න....නිකේත් අයියට යුවෙන් එක්ක ඉන්න බෑ කියලා, තනි කාමරක් ඕන කියලා වූ එතන හෙන පිස්සුවක් නටන්න ගත්තා...පස්සේ උට එක කාමරේක තනි අයිතිය අපිට දෙන්න උනා... මෑම්ගේ රූම් එක තීර්ථටයි යුවෙන්ටයි දීලා මෑම් එයාගේ යාලුවෙක්ගේ එකකට ගියා....හැබැයි මෙතන තියන ප්‍රශ්නේ නිකේත් අයියගේ ලෙඩේ අපේ pgyටත් තියන එක, උටත් යන තැනක ඇත්තම් තනි එකක්ම ඕන....මගෙයි කියෝමිගෙයි කාමර දෙක තියෙන්නේ එක ළග, රූම් එකේ බැල්කෙනියට ගියපුවාම එහා පැත්තේ රූම් එකේ බැල්කෙනි එක පේනවා මෙහෙ ඇවිල්ලම ඕක යුවෙන් හොදටම දන්නවා...ඒක නිසා උට දුන්න කාමරේ ඉන්න බෑ කියලා මගෙ කාමරේට කඩන් පැන්නා අන්තිමට මට මගෙම කාමරෙන් එළි බහින්න උනා මේකා නිසා එසේ මෙසේ දුකක් නෙමේ මම විදින්නෙ දැන් පලකෝ මේ බෑගුත් උස්සන් පල්ලෙහට....මම හෙමීට යුවෙන්ටයි තීර්ථටයි දුන්න රූම් එක හොයාන ගියා කොහොම හරි ගේමක් ගහලා කාමරේ හොයාගෙන දොරට ගැහුවත් දොර ඇරියේ නෑ...පස්සේ මම හොටෙල් කී කාඩ් එකෙන් දොර ඕපන් කරගෙන ගියත් තීර්ථනම් එතන හිටියේ නෑ ගමන් මහන්සියට වඩා මට බඩගිනියි යකෝ.....අර මෑම් අපිට කන්නවත් මොකුත් ඇරගන්න බහින්න දුන්නේ නෑ මල් කැඩිල්ලකට ලැහැස්ති වෙලා එන මාසේ මගුල තියන නිසානේ මේ සේරම මම වොශ් එකක් දාගෙන හෙටට ඕන ඇදුම් ටිකක් හදලා වයිට් කලර් සුදු ශෝටකට තද දුඹුරු පාටට හුරු ශර්ට් එකක් ඇදලා කැශුවල් ස්ලිපර්ස් දෙකකුත් දාගෙන වැවිලා තියන කොන්ඩෙට චූටි බන් එකකුත් දාගෙන, වොලට් එකයි ඇරගෙන ඩිනර් එක ගන්න තැනට ගියා කොහොම හරි මම යද්දී ඔක්කොම ඇවිත් මම යනවත් එක්කම කියෝමි මට අත වනලා එතෙන්න එන්න කියලා කිව්වා මමත් ඉතින් ගිහින් ඉදගත්තා ඉදගෙන විනාඩියක් යන්න උනේ නෑ ඕගනයිසින් කමිටි එකේ හෙඩ් සුපුරුදු දේශනාව දෙන්න ගත්තා.....

Red Tulips Where stories live. Discover now