එදා බ්‍රහස්පතින්දා දිනයක්, මමයි මගේ යාලුවෝ වගයකුයි ඉස්කෝලෙ වැඩකට එකතු උනා. අපි ගියේ තව යාලුවෙක්ගේ වලව්වකට. අක්කර තුනක් පමණ වූ ගස් වැල් වලින් සරුසාර ලස්සන වත්ත මාගෙ හිත මනා සෙයින් ඇඳ බැඳ තබා ගැණුනි.
" කට්ටියම වත්ත පහලට යමන් එතන ඉඩ තියෙනවා හොඳට අනික නිස්කලංකයි"
වලව්ව අයිති යාලුවා මෙසේ පැසවීමත් සමග අපි සියල්ලන්ම පහලට ගියෙමු.
ඒ යන විටත් ඔහුගේ තව මිතුරන් කිහිප දෙනෙකු පැමිණ තිබුණද මම එයින් එක් අයකු මින් පෙර හඳුනා ගෙන නොසිටියෙමි.
"ඔන්න එහෙනම් කට්ටියම ඉන්නවනේ දැන් කෙලින්ම වැඩේට බහින්නයි තියෙන්නේ"
චනිතු පැවසුවේය. ඔහු අපේ කණ්ඩායම් නායකයාද විය.කෙසේ නමුත් දිගින් දිගටම මාගෙ නෙත් යොමු වූයේ මා මින් පෙර නොහඳුනන ඒ ඇගේ රූපය දෙසටය. බැලූ බැල්මට සිනිදු සමක් සහිත, නිල්වන් රවුම් දෙනෙත්, නළල මත පිහිටි කුඩා උපන් ලපය ද මාගේ හිත කුල්මත් කරන්නට සමත් විය.
මද වේලාවකට පසුව අප සියල්ලන්ම වත්ත පහළට එකතු වී වැඩ ආරම්භ කළහ. මේ වන විටත් මගේ හිත අර තරුණිය ඩැහැගෙන අවසන්ය." රවීෂා මට ඔය පොත් ටික දෙනවද " ඒ මාගෙ මිතුරියක් වන හෙසඳි පැවසුවේ ඒ මාගේ හිත දිනා ගත් තරුණිය දෙසට හැරෙමින්ය. එකවරම මගේ හිත නිසොල්මනේ වූයේ රුවට ගැලපෙන නමක්ද ඈ සතු වීමත් සමගය. එයින් ඈ අංගසම්පූර්ණ වූ තරුණියක් බව මට හැඟුණි.
දහවල් ආහාරය සඳහා අපි වලව්ව තුළට ගිය අතර සියලු දෙනා කෑම මේසයේ වාඩි වී සිටි නමුත් රවීෂා එහි නොවීය. මා ඇය කොහේදැයි විපරම් කරන අතර තුර ඈ කෑම මේසයට පැමිණ ඉඳ ගත්තේ
" කට්ටියම එහෙනම් කමු නේද " කියමිනි.
මට එයින් හැඟී ගියේ මදක් කෑම රුචියක් ඇති ලස්සන කෙල්ලෙක් ලෙසය. අප සියල්ල ආහාර ගැනීමෙන් අමතුරුම මට හදිසියේම ගෙදර යන්නට වුණි. සියල්ලටම යන ලෙස හඟවා අවසානයේ
" රවීෂා අපි යනවා බායි " කියා ඇයටද පැවසුවේ පෙර සිටම ඈ දන්නා අයෙකු ලෙසිනි. ඈද පෙරලා " ආ හරි පරිස්සමෙන් යන්න" යැයි පැවසුවේය.
ඉක්බිති මා ඉන්පසු නැවත නිවස කරා පැමිණියේද ඈ ගැන වරින් වර සිතමිනි.
කෙසේ වෙතත් ගෙදර පැමිණි මාහට ඇයගේ දුරකතන අංකය සොයා ගැනීම එතරම් අසීරු කාර්යක් නොවූවත් ඈ සමග කතා කරන්න සාධාරණ හේතුවක් මා සතු නොවීය. නමුත් කෙසේ වෙතත් මාගෙ හිත තුල මේ වන විටත් ඈ කෙරෙහි ආදරයක් හට ගෙන ඇති බව වැටහුණි. එහෙත් මාහට එයින් මිදීමට තරම් අකමැත්තක් නොවීය.
කෙසේ වෙතත් පසු දිනන උදෑසන ශිෂ්‍ය නායක රාජකාරි යෙදෙන මොහොතේ මට ඇයව මුණ ගැසුණු අතට එකවර " ගුඩ් මෝනින් කොහොමද ? " යැයි කියවුණි.
ඇයද පෙරලා " ගුඩ් මෝනින්, අවුලක් නැහැ. " කියා පිටත්ව ගියාය.
නැවත පාසල් අවසානයේ රාජකාරි පැමිණි පසු මා ඈ දෙස බලා සිටියෙ ඈ කෙරෙහි වශී උනා සෙයිනි. මද වේලාවකට අනතුරුව එකවර ඈ මා දෙස හැරි බැලුවේ එතරම් සුහද මුහුණකින් නොවූ අතර මා ක්ෂණිකව ඇයට නොතේරෙන ලෙස මාගේ දෙනෙත් ඈ දෙසින් ඉවත් කර ගත්තේ බලාපොරොත්තු කඩ වූ සිතිනි.කෙසේ නමුත් මට අවශ්‍ය වූයේ දවසම උනත් ඇගේ හුරුබුහුටි රුව දෙස බලා සිටින්නටය.
එදින හවස් වරුවේම ඈ ගැම සිතමින් ඉන්නා අතරතුර මට මගේ යෙහෙලියව මතකයට පැමිණියහ. පසුව ටෙලිග්‍රෑම් වෙත ගිය මා ඈ හට මැසේජයක් දමා යමක් කියන්නට ඇතැයි පැවසීය...
