[ ] 🧡" පීසී .. දානවා මෙන්න මේකව කූඩුවට .."
ඉන්ස්පෙක්ටර් ගේ අණ පීසී ක්රියාත්මක කලා .
💜️" ඒ.. මචං එහෙම කරන එක හරි නෑ නේ .. අපි එක ඉස්කෝලේ එකටනේ ඉගෙනගත්තේ .. "
හිර කූඩුවට දැමූ පුද්ගලයා මෙලෙස කෑගහන්න පටන් ගත්තේ කෙසේ හෝ කූඩුවෙන් එලියට පැමිනීමටයි .
🧡" එක ඉස්කෝලේ කොහොම ඉගෙනගත්තත් , මම පොලිස් ඉන්ස්පෙක්ටර් කෙනෙක්.. තමුන් පාරේ පොකට ගහන හොරෙක් .. "
මහ රෑ 12 ටත් කිට්ටුකරලා තිබ්බ වෙලාවේ , පොලිස් ස්ටේශන් එකේ හිටපු කිසි කෙනෙක්ට ලොකු රාජකාරියක් තිබ්බේ නෑ , තැන් තැන් වල වැටිලා නිදි කිරනවා ඇරෙන්න .
💜️" උබ බලපංකෝ බං .. පැය 24 ක් යන්නත් කලින් මං මේ කූඩුවෙන් නිදහස් වෙනවා .. "
🧡" බම්බුව තමා .. "
💜️ " බම්බුව නෙමේ බං .. මං ජෝන් .."
🧡" කවුද බං තොට ඔය නම දැම්මේ ..? "
ඉන්ස්පෙක්ටර් එහෙම ඇහුවේ කට කොනකින් හිනාවෙන ගමන් .
💜️" මේකනේ බං ලොක්කා .. පොකට් ගැහුවත් අපි හොරු ... හොරෙක්ට තමාගේ ඇත්ත නමින් හොරකමේ යන්න බෑ නේ .. ඒ නිසා තමා මේ බොරු නම .. "
එහෙම කියපු ජෝන් සිනාවෙන ගමන් සිර කූඩුවේ වට පිට බලලා , යකඩ කූරු වලින් හදලා තියෙන දොර ඉස්සරහා ඉදගත්තා .
ඉන්ස්පෙක්ටරුත් වැදගත් වැඩක් නැති නිසා පුටුවක් ඇදගෙන ඇවිත් හිර කූඩුවට අඩි පහ හයක් ඈතින් තියලා ඉදගත්තා .
පොඩි කාලේ එකම ඉස්කෝලේ එකට ඉගෙන ගත්තු යාලුවෝ දෙන්නෙක් නැවත ආපසු හමු උනේ අවුරුදු 5 කට පමන පසුවයි .
🧡" උබට මොකද්ද බං උනේ .. ? "
ඉන්ස්පෙක්ටර් ඒ විදිහට කතාවට මුල පිරුවා .
🧡" ඉස්කෝලේදි මට වඩා හොදට ලකුනු ගත්ත එකා දැං මගේ ඉස්සරහා හිර කූඩුවක බිම ඉදගෙන ඉන්නවා.. "
එසේ කියූ ඉන්ස්පෙක්ටර් පුටුවේ ඇන්දට හේත්තු විය .
💜️" හරි බං ඉදහං කියන්නම් .. උබ මීට අවුරුදු 5 කට විතර කලින් මෙහෙන් ගියානේ මහලොකු වැඩිදුර අද්යාපනය පිණිස ..
YOU ARE READING
Golden
Action❤️" අනේ පවු .. මේ අර මහලොකු 'GOLDEN' සමාගමේ අධ්යක්ශක JEON JUNGKOOK නේද ඔහුම ඌරෙක් වගේ බත් හැලියේ බැහැගෙන කන්නේ ..? " JIMIN එසේ කියද්දී JK තම අතෙහි තිබූ ගෑරප්පුවෙන් JIMIN ට දමලා ගැසුවා . එය ගොස් JIMIN ගේ හිසකෙස් අතර රැදුනා . මෙය දුටු සියල්ලන්ටම සිනහ...