Chapter 1

105 9 10
                                    


" එතකොට පියාණනි..රජතුමා සදාකල් සහකරුවකු නොමැතිවද දිවි ගෙවනුයේ..? "

පුංචි දැරිවිය විමසුවෙ තම පියා දෙස තම උද්‍යෝගිමත් දෑස් යොමාගෙන

" එසේයි ශැංහී..රජතුමා තම සහකරු මිය ගිය දිනයේ පටන් කිසිවෙකු හට ඔහුව ස්පර්ශ කිරීමට පවා ඉඩක් නැහැ දුන්නේ..ඔහුගේ ප්‍රේමය වදනින් පවසා නිම කල නොහැකි තරම්.."

" කවුරුන්ද පියාණනි ඒ..කවුරුන්ද රජුගේ සහකරු..රජු දැක තිබුනද නැහැ මා කිසි දිනක ඔහුගේ සහකරු දැක ඇත්තේ.."

දියණියගේ ගැටලුවත් සමග සිටුවරයාගේ මතකය ඇදී ගියේ වසර ගණනාවක් ආපස්සට..ඒ රාජ්‍යයේ ස්වර්ණමය යුගය..ජ්‍යොංශිං රාජ්‍ය ස්වයංපෝෂිතව..සතුට සාමය පිරී ඉතිරී ගිය සමයයි

විසිවසරකට පෙර
ජොයැංශිං අදි රාජ්‍යය

" ශාඕ..කුමරුණි නවතින්න..දිවයන්නෙපා..කුමරුණි !"

සේවිකාවන් පසුපස දිව්වෙ කෙලිලොල් කමින් පලතුරු බදුනත් කුඩා දෑතින් ඔසවාගෙන දුවන කුඩා ශාඕ කුමරුගෙ පිටුපසින්..කුඩා කල අහිංසක කමට සිටියද කෙමෙන් කෙමෙන් වැඩෙද්දි ශාඕ කුමරු තරන් කෙලිලොල් තරුණයෙක් ජෙයාංශිං රාජ්‍යයටම නැතිවුනා..

" නොහැකී..නතරවිය නොහැකී ජී..ශුවාන්.. යුවරජුන් මා එනතුරු බලා සිටිනවා..මා කෙසේද සෙමෙන් ගමන් කරනුයේ..කෙසේද මා අපගේ අනාගත රජුන්ගේ කාලය කා දමන්නේ..මා හටනම් කිසිවිටකත් එයනම් කල නොහැකී..මා කෙසේද මාගේ ස්වාමියා කුසගිනිව තබනුයේ ම්ම්

කුමරුන් තමන්ගෙ පාද ඉක්මන් කරල ආවෙ යුවරජුන්ගෙ කුටියට..කුටියට යන්නත් කලින්ම පුංචි කුමාරය කුමරුන්ගෙ කුටිය අසල ඉන්න සෙබලුන්ට දැම්මෙ හුරතල් ගනයේ එරවිල්ල..ම්හ් ම්හු මන් කියුවෙ දරුණු ගනයේ එරවිල්ලක්!!

" යුව රජුන් කුටිය තුල සිටීද.."

" එසේයි කුමරුණි ඔහු ඔබ එනතුරු මගබලා සිටිනවා.."

යුවරජු ඔහු එනකන් මග බලන් සිටින බව දැනගත්ත ශාඕ කුමරුන් තමන්ගෙ සේවිකාවන් දෙස බැලුවෙ දවා අලුකරන බැල්මකින්

You've reached the end of published parts.

⏰ Last updated: Jul 12 ⏰

Add this story to your Library to get notified about new parts!

" 𝐔𝐍𝐑𝐄𝐐𝐔𝐈𝐓𝐄𝐃 𝐋𝐎𝐕𝐑 "Where stories live. Discover now