හිමකැටිති වැටෙන්න ඔන්න මෙන්න සීතලක් එක්ක පුංචි පොද වැස්සක්...
අදත් හරියටම ක්ලාස් ඉවර වෙද්දි ....
මේ ටිකේම මෙහෙමයි දරාගන්න බැරි සීතල අපේ පැත්තෙ මිනිස්සුන්ට කවමදාවත් අමුතු දෙයක් නොවුනත් , ක්ලාස් ඉවර වෙන වෙලාවට වැස්ස පටන් ගත්තු එකට ගොඩක් ළමයි උන්නෙ වැස්සත් එක්ක අමනාපෙන්..
ඒත් මේ ගෑනු ළමයා කවදද වැස්සට බැන්නෙ...හීත හිරිකඩ වැස්ස කොයිතරම් නම් රොමාන්තිකද අප්පා..තාම පෙම්වතෙක්වත් උන්නෙ නැතත් මෙහෙම වැස්සක් එන වෙලාවට එහෙම කෙනෙක් එක්ක කුඩයක් යටින් තුරුල් වෙලා යන විදිහ.... හිතද්දිත් හිත හිරිවැටෙනවා..
අම්මටයි අප්පච්චිටයි කීකරු දෝණි පොඩ්ඩ උන මට කොහෙන්ද ප්‍රේමවන්තයො ...අම්මො මෙහෙම හිතන බව දැනගත්තොත් මාව ඉතිරි කරන එකක් නෑ...හම ගහලාදාවි...
"සුදු මොකෝ බං හිතන්නෙ වැස්ස දිහා බලන් ....උඹ එනවද අපි එක්ක යන්න , නැත්තම් අපි යන්නද ...."
ඒ මගේ හොදම යාළුවා යශිරු ...අම්මිලා අප්පච්චිලා මට දාලා ඉන්න ගාඩ් මෙයා තමා...පොඩි කාලෙ ඉදන්ම මගේ නැට්ට වගේ...අපේ අප්පච්චිලා හොදම යාළුවො ... දෙන්නා එකතු උනොත් කියවන්නෙම බිස්නස් ගැනයි තේ වතු ගැනයි...ආපෝ මටයි යශිටයි නමි ඕවා වහ ...
"ඌයි යශී කම්මුල් මිරිකන්න එපා හරකො.."
" අනේ සුදු ඉතින් බෝල වෙලා තියෙද්දි මිරිකන්න හිතෙනවානේ..."
ඔය යශිගෙ විහිළු ... අහන් ඉන්න මනුස්සයෙක් වැරදියට හිතුවත් මේ හරක් පැටියගෙ කටට බ්රේක් නෑ කියන්න මං දන්නවා...මොඩයෙක්...
"යනවා යන්න ..."
"උඹ එන් නෑද ඉතින්..."
"නෑ මට කෝච්චියෙ එන්න හිත අදත්..."
YOU ARE READING
හිතවන්ති 💕🌺
Non-Fictionහීනයකි මට ආදරේ හැගෙනවා මට ජීවිතේ හීනයට ළග ජීවිතේ දැනෙනවා ඔබෙ ආදරේ ....🌺💕