" කලරාජ්.."
" වද දෙන් නැතුව පලයන් අසූර්.."
මහ රෑම වැස්සෙ මුහුද අයිනට වෙලා ඔහේ මුහුද දිහා බලන් ඉන්න මට අසූර් කතා කරද්දි මං ඌට බැනලා එලව ගත්තා..
මහ මුහුදත් කැලබිලා මගෙ හිත වගේම..වැහි වතුරට මූණ දිගේ ගලාන යන්න ඉඩ ඇරියෙ මගෙ ඇස්වල කදුලු කවුරුත් දකින්න ඕන් නැති නිසා..දකින උන් හිතයි ඒ වැහි වතුර කියලා..මං අඩන්න කැමති මිනිහෙක් නෙවෙයි..ඒත් සමහරවිට මේ වැටෙන්නෙ අවුරුදු ගානක් හිර කරන් හිටිය කදුලු වෙන්න ඇති..දරා ගන්න බැරිම තැන ඒවා මගෙ පාලනෙන් ගිලිහිලා කම්මුල් දිගේ පල්ලම් බහිනවා..ඉකි ගැහෙන් නෑ කන්හා කදුලු ගලනවා විතරයි..
උබෙ හිතේ මං ගැන ආදරයක් මීට පස්සෙ නැති වෙයි කන්හා..කොහොමත් අපි දෙන්නට ආදරේ කරන්න තහනම්..මගෙ අතින් උබට උන වැරැද්දට පුලුවන්නම් මේ යක්ෂයාට සමාව දියන්..මිනිස්සු බිව්වම සිහිවිකල් වෙනවා කියලා කිව්වට මං හිතුවෙ නෑ ඒ තරම් සිහියක් පතක් නැති වෙයි කියලා..
" කලරාජ්.."
" කියපන්.."
ආයෙත් අසූර් ඇවිත් මගෙ උරහිසට අත තියලා මට කතා කරද්දි මං ඌට උත්තර දුන්නෙ කලකිරීමෙන්..
" පොඩි එකාගෙ මිනිය තාම හොස්පිටල් එකේ.."
" උගෙ අම්මා ලගින්ම වල දාපන් අසූර් ඒකගෙ මිනිය තියන්නවත් තැනක් නෑ නෙ මට දැන්.."
" ඔයා නැතුව මිනිය දෙන් නෑ අපිට.."
" හ්ම්ම්..එළි උනාම යන්.."
" කලරාජ්.."
" මොන හු#තක්ද යකෝ.."
" රන්දීශ්ගෙ බොඩිය වැල්ලෙ තිබුන් නෑ.."
" ඌ මැරිලද හිටියේ.."
" දන් නෑ.."
අසූර් උත්තර දුන්නෙ හිතේ වේදනාවෙන්..මට බැරි උනොත් උබ හරි ඌව ආදරෙන් බලා ගනින් අසූර්..
" ඌට මුකුත් වෙන් නෑ..කවදාවත් කතාවක ප්රධාන චරිතෙ මැරෙන් නෑ නේ ඒ වගේ ඌත් ආපහු එයි මගෙන් පලි ගන්න බලාගෙන.."
මගෙ මූණෙ වේදනාත්මක හිනාවක් ඇදෙද්දි අසූර් මට එහා පැත්තෙන් වාඩි උනා..
YOU ARE READING
කලරාජ්
Actionගොඩක් උන්ට යක්ෂයෙක් වගේ පේනවා ඇතී..ඒත් මේ අත්වල නිර්දෝශී මිනිස්සුන්ගෙ ලේ ගෑවිලා නෑ.. යක්ෂන්වත් ආදරේට හීලෑ කරන්න පුලුවන් කියලා පෙන්නලා දුන්නෙ ඒ නිල් පාට ඇස්දෙක..ඒත් මොකක්දෝ කරුමෙකට ඒ ඇස් වෙනුවෙන් ආදරේ ලියන්න තහනම් උනා..