🤍
කොහොමද ඔගොල්ලොන්ට. මේක ටිකක් අමුතු ටයිප් එකේ කතාවක්. තාම එන්ඩින් එක සෑඩ් කරන්නද හැපි කරන්නද හිතලා නෑ. ගොඩක් ඉඩ තියෙන්නේ ඕපන් එන්ඩින් එකකට.
මේක මට හදිස්සියේ ආපු අදහසක්. මම ටිකක් ජපන් කියන පැත්තට වැඩි අවදානයක් දෙන කෙනෙක්. ඉතින් එහෙම පොඩි වැඩක් කරද්දී තමයි මේ ඔයිරන් වරියන් ගැන දැන ගන්න ලැබුනේ.වර්තමාන ජපානයේ ගැහැනු සහ පිරිමි දෙගොල්ලොම මේ වෘත්තිය තුල ඉන්නවා.
Oiran කෙනෙක් කියලා කියන්නේ ජපානයේ අතීත සමාජය ඇතුලේ මුදලට ගනිකා වෘත්තීයේ නියලුන වර්තමානයේ නීත්‍යානුකූලව එක වෘත්තිය කරන පිරිසක්. වර්තමාන ජපානයේත් මෙගොල්ලො ඉන්නවා.
ගොඩක් අය හිතන්නේ ගේෂා කෙනෙක් කියන්නේ ගනිකාවක් කියලා උනාට ඇත්තටම ගේෂා කෙනෙක් කියන්නේ නාට්‍යාංගනාවකට. ඒ කියන්නේ මුදලට නැටුම් ගැයුම් සහ ආහාර පිලිගැන්වීම් සංගීත භාණ්ඩ වාදනය කරීම් වගේ කරන අයට. හැබැයි oiran කෙනෙක් gesha කෙනෙක්ට වඩා වෙනස්.
Oiran කෙනෙක්ට විනෝද වෙන්න ආහාර පාන සපයන්න වගේ දේවල් නෑ. ඒගොල්ලොන්ට තියෙන්නේ තමන්ගේ පාරිභෝගිකයා තමන්ව මුදල් දී වෙන් කරගත්තට පස්සේ ඒ පාරිභෝගිකයා සතුටු වෙනකන්ම අදාලා සේවාව සපයන්න විතරයි. ඒකට එගොල්ලෝන්ට අදාලා මුදල කාලසීමාවට අනුකූලව ලැබෙනවා.
මේ කතාව ගොඩක් ලොකු දිග කතාවක් නෙමෙයි. කෙටියෙන් තියන ගොඩක් දුර ඇදෙන කතාවක් නෙමෙයි.
සමහර විට අප්‍රකාශිත එකට කලින් මේ කතාව ඉවර වෙන්නත් පුලුවන්.
වෙලාව ලැබෙන විදිහට දෙකම අප්ලෝඩ් කරන්නම්
මේ කතාව මම හිතේ තියාගෙන හිටියට අලුත් අදහසක් නිසා මේ කතාව මග ඇරෙයි කියලා හිතලා තමයි මේක මම අප්ලෝඩ් කරනවා කියලා හිතුනේ.
මේකත් ස්ට්‍රේට් කතාවක්.
කැමතිනම් එකතු කරගන්න කියලා ඉල්ලනවා.
හැම කෙනෙක්ටම ජීවිතේ තෝරාගැනීම් ලැබෙනවාද...
බිදුනු කතකට ආදරය උරුම නැද්ද...
වැරදි හමුවේ පිරිසිදු පිරිමින්ම පමනද......
වෘත්තීය ගනිකාවක්වූ ඇයට ආදර උරුම නැද්ද...
අසාධාරණ ඇයගේ ජීවිතය කෙසේ ඉදිරියට යයිද.....
එන්න එකතු වෙන්න මේ සත්සුකීගේ කතාව.
එක රැයකට නුඹ මගේ කරගෙන
කාසි වලට මං කොහොම මනින්නද
නුඹව හඬවන නුඹව රිද්දන
එහෙම දේවල් නෑ හිතේ මගේකරකාර බැඳගෙන මගේ කරගෙන
නුඹ සිරකරගෙන හීන මවන්නට
මං වෙනුවෙන් තටු සිඳදාලන්නට
එහෙම දේවල් නෑ හිතේ මගේඅයිතිවාසිකම් නැති නිවහල් වූ
සෙනෙහස ගලනා මනසක් ඇති වූ
මිනිසුන් බිහිවූ පොලොවක් නම් එය
කාසි වලට නුඹ දෙන්නේ කොහොමදආදරෙ කියලා හිත පිලිගන්නට
නුඹ තනිකර මගෙ වෙන්නම ඕනෙද
තණ්හා ආශා නුඹ ගැන මොකටද
එහෙම දේවල් නෑ හිතේ මගේමේ ජපන් සමාජයේ ඔයිරන් වරියක් වීමට වූ ඈගේ කතාව සිංහල කතුවරියක් වන නත්සුමේ වන මාගේ කෝනයෙන්...
▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️▪️
YOU ARE READING
Oiran
Romance"The grace and sophistication of an oiran set her apart as a cultural icon in Edo Japan." This is a story of Oirans.💔 "私はあなたの愛しています...." -satsuki- "Love is not fair to everyone...." Start. 09/Aug/2024 End. No copying or...