අත්හරිනු මා....
වළලු පැළඳි නෘත්යා ගේ හස්තයෙන් රාජ්කුමාර් විශ්වනාත් අල්ලාගෙන ඇදගෙන යනවා.
විශ්වනාත් යන වේගය ට ඔහු යන මග ඔස්සේ සමනලිය ප්රාණය විරහිත අයුරින් වේගයෙන් ඇදිල යනවා.
කිසිවෙක් ට හඬ උස් නොකරන සමනලිය වේගවත් තියුණු කටහඬකින් ඔහුව අත්හරින ලෙස විශ්වනාත් හට අනතුරු අඟවනවා.
කෙතරම් අනතුරු ඇඟවුවත් එය කනකට හෝ නොගන්නා විශ්වනාත් රාජකීයයන් හා ඔවුන්ගේ අවසරය සහිත පුද්ගලයන් හට පමණක් ඇතුල් වීමට අවසර ඇති නෘත්ය මණ්ඩපය වෙතට සමනලිය ඇදගෙන ගොස් වේගයෙන් විසි කරද්දි, සමනලිය නර්තන මණ්ඩපය මැද බිම ඇද වැටුණා.නුඹ කාශිවල පිහිටි ඒ ගෙපැලෙ මිදුලේ පොද වැස්සේ නෘත්යයේ යෙදුනු හැටි දුටු මා....
නුඹ කෙරේ උමතු වුණා.. හහ... හහ...
ඒ උමතුවෙන් මා නුඹ හොයාගෙන එද්දි, නුඹ ශිවගේ ස්වයංවරය ට සම්බන්ධ වෙලා...
මගේ උමතුව කෝපයකට හැරුණා ප්රියාවී...බිම වැටුණු සමනලියගේ නිකටෙන් රිදෙන්නට අල්ලාගත් විශ්වනාත් ඔහුගේ දෙනෙත් දෙස එක එල්ලේ බලමින් පවසද්දි ඒ දෙනෙත් වල පැවති රාගය සමනලිය දුටුවා.
ඔහුට අවැසිව ඇත්තේ ශිව මරා හෝ තමාව අයිති කර ගැනීමට බව සමනලියට දැන් වැටහෙනවා.විශ්වනාත් ඔහුව ගෙනැවිත් අත්හැරි වේගය හේතුවෙන් බිම ඇණුනු සමනලියගෙ දෑතෙ පළදවා තිබූ වීදුරු වළලු යුගල බිඳී ගිහින් සමනලියගෙ වළලුකරෙන් ලේත් ගලනවා...
ඒත් විශ්වනාත් ගේ නම් ඒ ගැන කුමන අවධානයක් වත් පැවතුනේ නැහැ.
විශ්වනාත් ගේ දෙනෙත් ඒ මොහොතේත් සමනලියගෙ රෝස පෙති වන් සිනිඳු දෙතොල් අතර සක්මන් කරද්දි, රිදෙන්නම අල්ලාගෙන සිටි නිකට නිසා වේදනාවෙන් පිරුණු කඳුලැල් බර නෙත් වලින් සමනලිය හොරෙන් මග බැලුවෙ කොයි ම හෝ මොහොතක ශිව තමාව ගලවා ගැනීමට පැමිණේවි යැයි සිත යටින් බලාපොරොත්තු වෙමින්.
විශ්වනාත් ගේ ග්රහණය මදක් බුරුල් වූ සැනින් සමනලිය තම සිහින් වේදනා දෙන හස්තයට උපරිම ජවය ගෙන විශ්වනාත් ගේ කම්මුල හරහා වේගවත් පහරක් එල්ල කරද්දි විශ්වනාත් මදකට වේදනාවෙන් දෙනෙත් වසා ගත්තා.නුඹට එතරම් හයියක්....?
ආ... නුඹ ඔය පෙන්වන්නෙ නුඹගෙ ශිව ගෙ සවිය නොවේද නෘත්යා...
නමුත් නුඹේ අවාසනාව.. ශිව නුඹ සිතන තරම් නිර්භීත අයෙක් නොවෙයි..
මේ මාව පිළිගනු... මා නුඹව...
කුසුමක් අයුරෙන් ප්රවේසම් කරන්නම්...
![](https://img.wattpad.com/cover/361653665-288-k981177.jpg)
YOU ARE READING
නෘත්යා... JIKOOK NONFICTION ✔️
Non-Fictionනර්තනයේ යෙදෙන දෙව්ලියන් පැරදූ සුරූපී චන්ද්රයා කවුරුන්දැයි මම සොයා ගිය ගමන අවසන් වූයේ ඒ චන්ද්රයා මගේ ළයෙහි සඟවාගෙන ආදරය කිරීමට පටන්ගෙන යැයි මා මොහොතකටවත් සිතුවේ නැහැ.... ~ යුවරාජ්.... ඔබේ ප්රේමය නොවන්න මට ජීවත් වෙන්න හේතුවක් නැහැ... සියල්ල අහිමි...