18.

117 17 12
                                    

"දශකයකට ආසන්න කාලයක් ත්‍රස්තවාදීන් යටතේ පැවති යෝකර්ස් තීරය කපිතාන් ජියොන්ගේ මග පෙන්වීම යටතේ මෙරට නාවික හමුදාව විසින් මුදා ගන්නා ලදී "

අත රැඳි පුවත්පතෙහි මුල් පිටුවෙම වූ ශීර්ෂපාඨයට අවධානය යොමු කළ ඔහු පසුව එය පසෙකින් තබා දල්වා ගත් දුම් වැටියෙන් නැගෙන දුම ජනෙල් කවුළුවෙන් පිටතට මුදා හැර බර හුස්මක් පහත හෙළුවා...

ඔහු ගමන් ගන්නා මාර්ගය දෙපස යෝධ ෆයින් වනයක් . මීදුම අතරින් පෙනෙනෙ ඒ යෝධ ෆයින් වනයේ මහා ගුප්ත අඳුරු බවක් ඒ තුළ ගැබ් වී තිබුනා . එය ඔහුගේ මනස තරමක් ව්‍යාකූල කිරීමටද සමත් වුණා.

කෙමෙන් කෙමෙන් නැගෙනහිර ප්‍රදේශයේ සිට ගල් අඟුරු දුම්‍ රිය බටහිර මුහුදු සීමාවට ගමන් කරනවා . පෙර වූ නොසන්සුන් බව කෙමෙන් මඟ හැරී යද්දී ඔහුට මග හැරුණු ඔහුට නුහුරු නොවන පරිසරයට ඔහු නැවත වරක් ළඟා වෙනවා...

ගල් අඟුරු දුම්රිය හඬ නංවා ප්‍රධාන වේදිකාවේ තිරිංග තද කරද්දී දුම්රියේ සිටි මගීන් එකා දෙන්නා බැගින් බැස යනවා . ඔවුන් සැමගේ මුහුණු වල ඇති නැවුම් බව වසන්තයේ මුල භාගයේ පිපුණු සුවඳවත් බ්ලූ බෙල් මල් වැනියි .

සෙනඟ අතරින් ඔහුත් ඔහුගේ ගමන් මලුද රැගෙන දුම්රිය වේදිකාව ගොඩ වුණා...

ඔහු දෑස් වසාගෙන මඳ වෙලාවක් කොපුල් වල දැවටී ගමන් කරන ඒ කාඨෝර හුළඟ වින්දා . ඉන්පසු මැදිරියට සමුදුන් ඔහු කඩ වීදිය දිගේ ඔහුගේ නිල නිවස කරා ගමන් කරන්නට වුණා .

නමුත් එක්තරා ස්ථානයක ඔහුගේ හම් සපත්තු එකවර නතර වුණා . ඒ වයසක කාන්තාවක් . කඩ වීදියෙහි  යන්තමින් ඇටවූ කුඩා කූඩාරමක් තුළ කඳුකරයෙන් ගෙනා නොයෙකුත් මල් වර්ගයන් අලෙවි කරන ඇය ඉතාමත් වයෝවෘද්ධ කාන්තාවක් .

එහි වූ නොයෙකුත් මල් වර්ගයන් අතුරින් ඔහුගේ ඇස් විශේෂයෙන්ම කූඩාරමෙහි පැත්තක තිබූ එක් ආකරර්ෂණීය මල් පොකුරක් වෙත යොමු වුණා . එය විශේශයි. රතු පැහැ ප්‍රංශ රෝස මල් පොකුරක් මැද එකම එක තනි සුදු පැහැ ප්‍රංශ සුදු රෝස මලක්.

Goldie

මල් පොකුර අතට ගත් ඔහු එහි වූ සුදු රෝස මල ස්පර්ශ කරමින් මිමිණුවා...

Our Destiny Where stories live. Discover now