"උබට ලැජ්ජ නැද්ද බැල්ලියෙ කොල්ලො කාමර අස්සෙ දාගන්න?" අම්මා කම්මුකටම පාරක් දෙද්දි මං පුපුරු ගහන ඇස්වලින් එයා දිහා බැලුව්ර් කම්මුල අල්ලගෙන.
"ඔයා හිතනවා වගෙ ජරා දේවල් වුනේ නෑ. අනික දොර ලොක් කරලා තිබ්බෙ නෑ."
"ඌ හිතන්නෙ මේ ගෙදර ඉන්නෙ පොන්නයො කියලද අපි නැතිවෙලාවට ඇවිත් කෙලින්ම කෙල්ලන්ගෙ කාමරවලටම රිංගන්න? ආපහු වරෙන්කො ඌ"
"එයා ආයි එන්නෑ" කියාගෙන මං කාමරේට ගිහින් දොර ලොක් කරන් එතනම බිම වාඩිවෙලා අඬන්න ගත්තෙ දවස් ගානක කඳුළු එලියට දාන ගමන්.
බස් එකේ ජැක් ගහන්න ආපු කාලකන්නියට බස් එක මැද්දෙම බැනලා නුගේගොඩින් බහිද්දි අටට ළඟයි. නෙතුවි බයවෙලා වගේ මං දිහා බලන් ඉඳිද්දි මං ඒකි දිහා බැලුවා.
"ඇයි?"
"සැර යකෝ!"
"ඔය හොඳයි අපේ පුංචා එකපාරක් බස් එක මැද්දෙ කුඩයක් කැඩෙන්න ගහලා තියෙනවා" මං හිනාවෙවී ගානක් නැතුව කියද්දිත් නෙතූගෙ මූනෙ හැඟීම්වල වෙනසක් නෑ.
ක්ලාස් එකට ගිහින් වාඩිවෙලා ටිකකින් පරන යාලුවෙක් මගෙ පිටිපස්සෙන් වාඩිවෙද්දි මං ඒ ගැන විනාඩියකට කල්පනා කලත් , මාත් එක්ක මූනට මූන කතා කරන්න ඒකිට ගටක් නෑ කියලා දැනන් හිටපු හින්දා මං පාඩුවෙ වැඩේ කරන් ගියා. ටිකකින් ආපු තව කෙල්ලෙක් එක්ක ඒකි මට පිටිපස්සෙ ඉඳන් මහ හයියෙන් කියවනවා ඇහෙද්දි නම් මං ඒවාට අවදානෙ දුන්නෙ ඇත්තටම පට්ටම ඩිස්ටර්බ් වුනු නිසා.
මට බඩු සෙට් වෙලා කියලා තේරුනේ ඒකි ඒකිගෙ යාලුවෙක් එක්ක මං ඒකිගෙන් ආදෙව්ව උදුර ගත්තා කියලා මගෙ නම නොකිය මට බනිද්දි. පිටිපස්ස හැරිලා කෙස් වල්ලෙන් ඇදලා දෙකක් කියන්න හිතුනත් උන්ගෙ ගානට වැටෙන්න ඕනෙ නැති නිසා මං කට වහන් පාඩුවෙ හිටියා.
ආදෙව් අච්චර පස්සෙන් ගිහිල්ලත් ඒකිගෙ යාලුවන්ගෙ කීම් අහන්න ගිහින් ඒ කොල්ලව නැති කරන් , අන්තිමට හැමදේම මං කලා වගේ බනින විදිහ මං ටිකක් වෙලා අහන් හිටියා. මිනිස්සු ඔහොමමයි. හැමදාම කලේ කාටහරි බ්ලේම් කරලා පැත්තකට වුන එක. මට කොල්ලෙක් හින්දා කාත් එක්කවත් තරඟ කරන්නවත් , තරහ වෙන්නවත් ඕනෙ නොවුනට කාලයක් ළඟම යාලුවො කියලා හිතන් ආස්රේ කරපු මිනිස්සුන්ගෙ පහත් ගති එලියට එද්දි ඇත්තටම මං කලකිරුනා.
"මොකද්ද අවුල?" මං බර කල්පනාවෙ ඉන්නව දැකලා නෙතූ මට ළංවෙලා අහද්දි මං ඔලුව වැනුවා. ටිකකින් කාර්ඩ් මාර්ක් කරන්න එලියට ගිහින් නෙතුවි ආපහු මොකද්ද ප්රශ්නෙ කියලා මගෙන් අහද්දි මං ඒකිට සිද්ධිය කිව්වා. නෙතූගෙ කටටත් බ්රේක් නෑ කියලා දන්න නිසා මං කට වහන් ඉන්න කියලා කිව්වත් එදා දවසෙ නෙතූගෙ කටිනුත් එහාටයි මෙහාටයි හින්ට් ගොඩක් පාස් වුනා.
ස්ට්රෙස්ම දවසක් !
YOU ARE READING
Once In A Life Time [Nonfiction - Completed]
Non-FictionNot one in a Million But Once in a lifetime ©️delyth_hael 2024/07/07