Chapter 05

12 3 2
                                    

දවල් නිදාගත්තට පස්සෙ ජිමින් ඇවිත් ඇහැරවන කන්ම මට මැරුනා වගේ නින්ද ගියා.ජිමින් මාවත් එක්කන් පහලට ගියේ රෑට කන්න මන් යද්දි නම්ජින් දෙන්නා වාඩි වෙලා හිටියා මන් ඒ දෙන්නටත් හිනාවක් දීලා කෑම මේසෙන් වාඩි උනා.

දැන් අඩුයි නේ ටේ.

ඔව් හියුන් නින්දක් දැම්මට පස්සෙ නම් ෆිට් .

අහ් එහෙනම් කෑම බෙදාගන්න ටේ හොදට කන්න ඕනෙ හරිද.බබා අනිත් හතර තාම නෑනෙ.කෝල් එකක් දීලා බලන්න.

මන් කෝල් කලා තව විනාඩි පහකින් මෙතන කියලා කිව්වෙ.

අහ් එහෙ...

කියනකොටම ඇවිත්.

ජින් හියුන් කා ගැනද මන්දා අහද්දි ජූන් හියුන් ඒ කියපු අය විනාඩි පහෙන් මෙතන කියලා කිව්වහම් ජින් හියුන් මොනාද කියන්න ගියත් ඒ එක්කම වගේ අපිට ඇහුනෙ කාර් එකක වගේම බයික් දෙකක සද්දෙයි.මන් හිතන්නෙ අර කුකීද බුකීද ආවා.මාත් කෑම බෙදාගන්න එකත් නවත්තලා බලන් හිටියේ හියුන්ලා කියපු කුකීව බලාගන්න .මන් බලන් ඉද්දිම දොරෙන් ඇතුලට ආවේ අර තඩි හාවා ජේකේ.ඊට පස්සෙ තව තුන් දෙනෙක් හිනා වෙවී ඇතුලට ආවේ  ඒ තුන් දෙනා දැකලා මට පපුවේ අමාරුවක් හැදෙන්න ආවා වගෙයි දැනුනේ.ඒත් ඒ තුන් දෙනාගෙන් මැද්දෙන් අනිත් දෙන්නා එක්ක මොනාද කියව කියව එන කෙනා දැකලා මගෙ ඇස් නලලට ගියා වගේම ක්ශනිකව   මන් බැලුවෙ ජිමින් දිහා.අගෙයි උට්ටො අගෙයි මන් හිතුවා වගේම ජිමිනත් කන්ෆියුස් .ඒකා කොච්චර කන්ෆියුස් ද කියනව නම් කට හෝස් ගාලා ඇරිලා කටේ ගහන් හිටිය හැන්ද මහ සද්දෙන් පිගානට වැටුන එකවත් තේරුනේ නෑ.ඒ සද්දෙට හැමෝම ජිමින් දිහා බැලුවත් ජිමින් තාමත් බලන් ඉන්නෙ එයාගෙ සදාදරනීය ඔප්පා දිහා.

ජිමින් ...ජිමින් ...දරුවො මොකද උනේ...ටේ මේ මොකද මේ කොල්ලට වෙලා තියෙන්නෙ.

ආම් මේ මේ මේකයි මේ...ජිමින්  ඔප්පා අරයා මේ...

මොනාද ටේ කියන්නෙ ඒ පාර ඔයාටත් අසනීපද.

ජින් හියුන් ජිමින්ට කතා කරත් මේකා නෙවෙයි ඇහි පිල්ලමක්වත් ගැහුවේ ඒ නිසා බය උන හියුන් මගෙ න් ජිමින් ට මොකද උනේ අහද්දි මුට වෙලා තියෙන දේ කියාගන්න බැරුව මාත් ගොත ගැහුවා.ඒ අස්සෙ ඔක්කොම දැන් බලන් ඉන්නෙ බය වෙලා වගේ ඉන්න ජිමින් දිහා.මන් ජිමින් ගෙ ඔප්පා දිහා බලලා නම්ජුන් හියුන් දිහා බලද්දි එයාට තේරුනා කියන්න වගේ ලස්සන ට හිනා උනා.

Forgotten memories (On Hold)Where stories live. Discover now