" වළාකුළු වියන් තනාලා.....
ඉරේ රැස් නිවා දවා
වසන්තේ අරන් ඇවිල්ලා.....
මගේ සඳ උදා වුණාවළාකුළු වියන් තනාලා.....
ඉරේ රැස් නිවා දවා
වසන්තේ අරන් ඇවිල්ලා.....
මගේ සඳ උදා වුණාඅනේ.....මං බලාන උන්නා.....
යළිත් ඔබ එතැයි කියා ..... "" stop ශානුල්ය....."
" අහ් ? "
" පිච් අවුට් ගියා කොල්ලො....වසන්තේ අරන් ඇවිල්ලා කියන තැන එකපාරටම බොග් ගාලා කියලා නවත්තන්න එපා ! "
" අහ් හරි මිස්."
" හ්ම්. එතකොට තෙතුල් ගාන්ට කියන්න ඕනි හරි ද? මොකද මේ ඉවෙන්ට් එක තමා මේන්ව හදලා තියෙන්නෙ. ඒනිසා කිසිම අඩුපාඩුවක් වෙන්න බෑ. "
" තේරුණා මිස්."
" ම්ම්....අදට එති. ගෙදරදි හොදට ප්රැක්ටිස් කරන්න. හෙට සෙනසුරාදා උනාට කමක් නෑ උදේම ස්කෝලෙට එන්න ඉවෙන්ට් වලට ඉන්න හැමෝම! "
" තේරුණා ටීචර්......"
ආට් ඩේ එකට සති තුනයි! අපි හැමෝම මැරීගෙන වැඩ කරනවා ඉතින්. එපාත් වෙනවා අෆ්ෆා සමහර වෙලාවට. අහ් අද කලින් ගෙදර යන්න ඕනි. අක්කව බලන්න කොල්ලෙක් එනෝලුනෙ ඉතින්. මසියා හොද එකෙක් උනොත් හොදයි.
ස්කෝලෙ 1:30 බෙල් එක ගහලා ගාථාත් කියන්න ගත්තා. ම්ම් මම Colombo 3 බෝයිස් ස්කූල් එකක යන්නෙ. එකපාරටම පල්හෑල්ලක් තියෙන කොට මොකාද මේ කියලා බැලුවද ? හහ්හ්හ්හාඅ..... මම ගැන කියන්න ඕනි ද ඉතින් ?
මම අංක එකේ හරකෙක්! අදටත් මම දැක්ක හොදම හරකා වෙන කවුරුත් නෙවෙයි ,
ශානුල්ය ආදේශ් ද සිල්වා
මම මේ වෙනකොට 13 වසරෙ ඉගෙන ගන්න අති උතුම් මනුස්සෙක්. විභාගෙට මාස5යි!
මගෙ ඩෑඩ් හෂාන් ප්රබුද්ධ ද සිල්වා. අහලා නැද්ද ඒ නම ? හව් සෑඩ්....එහෙනම් ඔයා ලංකාවේ කෙනෙක් නෙවෙයි! අපේ රටේ සංචාරක ක්ෂේත්රයේ ඉහළම නමක් දිනාගත්ත නම්බර් වන් බිස්නස්මන් කෙනෙක්. ලංකාවේ තියෙන ටොප් ටෙන් හොටෙල්ස් අතර පහක්ම තියෙන්නේ අපේ ඩෑඩ්ට. ඒවා පැත්තකින් තියහන්කො.....මම ෆුට් බෝල් ප්ලේයර් කෙනෙක්. අපෙ ස්කෝලෙ ගේම්ස් කැප්ටන් ඉතින් මම. අනෙ මන්ද ඉතින් ඒනිසාම කෙල්ලො , කොල්ලො අඩුවක් නැතුව කෙළ පෙරනවා. අහ් ඩෑඩ් නිසා තව ඇටන්ශන් එකත් වැඩි මට. අමොර් නේද ? මම ඉතින් කොහොමත් හැන්ඩ්සම් පොරක්.
YOU ARE READING
Lilac || ලයිලැක් ♾ ||
Fanfiction❤️ : අන්සතු ඔබ වෙත මගෙ හිත බැඳිලා ඔබ ගැන සෙනෙහස හිත තුළ පිරිලා සම්මතයෙන් පිට ප්රේමෙක වෙළිලා මඟ හැර යන්නට බැරි ලෙස බැඳිලා 💚 : සෙනෙහස උතුරන වදනට සිත් වී ඔය නෙතු අද්දර නවතිනු රිසි වී දැන දැන හිමි නොවනා බව නොදනී මම තව තව ඔබ වෙත පෙම්...