Chapter 02❤️

196 40 44
                                    

••••••••••••••••••••••••••••••••••••••

"එහෙනම් ඔක්කොම වැඩ ටික හොඳට කරගන්න...
මම දන්නවනෙ මගෙ පුතා ගැන.කවදාවත් ඔයාට වරදින්නෙ නෑ සුදූ.... පරිස්සමෙන් ගිහින් එන්න.ලන්ච් ටයිම් එකට පුලුවන් නම් මට කෝල් එකක් ගන්න සුදූ.."

"හරි අම්මා.. අම්මත් පරිස්සමින් ඉන්න හොදේ.."

"හා..හා.. මේහ්හ්... එව්වයින් වැඩක් නෑ.. වැඩ කරන තැනින්වත් සුදු නෝනෙක් අරන් එනව හරිද !!"

"ආපෝ..... මොනාත අම්මෙ මේ කියන කතන්දර ආහ්හ්... මොන අම්මද දෙයියනේ තමන්ගෙ පුතා හා හා පුරා කියල රස්සාවකට යන පලවෙනි දවසෙම කෙල්ලෙක් උස්සන් වරෙන් කියන්නෙ... අනික මේ බදින වයසක්ත ඒයි...."

"යාලු වෙච්ච ගමන් බදිනවද බන්?? අනේ මන්දා.. අනික මන් ඔයාගෙ මූඩ් එක ෆික්ස් කරන්නයි එහෙම කිව්වෙ සුදූ..

පලවෙනි දවසෙම පරක්කු නොවී දැන්වත් ගියානම් නරකද මැණිකේ.."

"ම්හුක්.."

"ඒ පාර මොකද ආහ්හ්... "

"අනේ අම්මා... ඔයාගෙත් දැන් මට අඩු සැලකිලි නේහ්හ්... "

"අපෝ... එනවා එනවා මෙහාට නාකි මගුල.."

ඇත්තටම මට මේ වගේ වෙලාවල් වලට හිතෙනවා මම තමයි මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම මනුස්සය කියල.මගේ අම්මා තාමත් මට සලකන්නෙ මොන්ටිසෝරි ලමේක්ට වගේ වෙනකොට මමත් අම්මා ලඟ හැමදාමත් උපරිමේට්ම හුරතල් උනා.අම්මයි මායි ඒ කාලෙ ඉදලම හැසිරුනේ හොදම යාලුවො වගේ.මගේ එක රහසක් ඇරෙන්න අනිත් හැම දෙයක්ම මම අම්ම එක්ක ඒ දවස් වල ඉදන්ම බෙදා ගත්තා. ඔව් ඔව් දැන් උබර්ලා හිතපු දේ තමයි මම අම්මගෙන් හන්ගපු එක්ම දේ.යෝහ්හ්හ්හ්............
මම කොහොමද යකෝ අම්මට කටක් ඇරල කියන්නෙ අම්මෙ ඔයැයිගෙ සුතූ අවුරුදු ගානක් තිස්සෙ රෑට රෑට කොල්ලෙක් එක්ක කිස් කරනව හීනෙන් දකිනවාය,ඒ නිසා කා ගැනවත් හිතක් පහල වෙන්නෙ නෑය ,කියල .අම්ම මට පොල්ලකින් දමල අරින්න කලින් මාව මෙන්ටල් හොස්පිටල් අරන් යයි හීනෙන් විතරක් දැකපු එකෙකුට ලව් කරනව කියල.හැබැයි එහෙම කරන එකේ පොඩි සාදාරන ගතියකුත් තියනව. මොකද මටවත් තාම හිතා ගන්නබෑ මම ගේ ද කියලවත්. මොකද මට අර හීනෙන් පේන පලගැටියට ඇරෙන්න වෙන කෙල්ලෙක් ගැනවත් මොකෙක් ගැනවත් හැගීමක් ඇති වෙලා නෑ.

DREAM⚜️🌹[TAEKOOK💜️💚] ✅Where stories live. Discover now