"ඇයි අම්මා මුත්තු එහා පැත්ත සුද්ද කරන්නේ!!"
සෙනසුරාදා දවසක් නිසාම උදේ නවය වෙනකන් නිදාගෙන හිටපු රන්දෙණිය වලව්වේ හිච්චි අප්පෝ, එහෙම නැත්නම් හැමෝම කියන සුදු අප්පෝ ඇහුවේ සකුන්තලා මැණිකේගෙන්...
නිම්න සිහිලැල් රන්දෙණිය!! මුලු සෙංකඩගල පුරවරයම නිම්නව දන්නේ සුදු අප්පෝ කිව්වම, එහෙම නැත්නම් නිම්න අප්පෝ... ඉදලා හිටලා කීප දෙනෙක් හිච්චි අප්පෝ කියලත් කිව්වා....
නිම්නගේ අප්පච්චි විදුරංග රන්දෙණිය!! වෘත්තියෙන් වෛද්‍යවරයෙක්... අම්මා සකුන්තලා මැණිකේ... ගුරුවරියක් වුනත් නිම්නගේ උපතින් පස්සේ ඇය මවගේ සහ බිරිඳගේ වගකීම් වලට මුල්තැන දුන්නා.....
රන්දෙණිය වලව්වේ මහ මුදියන්සේ තමයි විදුරංග දොස්තර මහත්තයාගේ අප්පච්චි, එහෙම නැත්නම් නිම්නගේ සීයාප්පච්චි.... රත්නවාසල රන්දෙණිය නිළමේ ගැන නොදන්න කෙනෙක් සෙංකඩගල හිටියේ නෑ.... ශ්‍රීමති රත්වත්තේ...රත්නවාසල මුදියන්සේ ගේ ආදරනීය බිරිද, නිම්නගේ ආච්චම්මා......
නුවර බහිරව කන්ද පහු කරලා ඉස්සරහට යද්දි අස්ගිරිය පේන මානේන් බෝධි විහාරය ලගින් හැරිලා අනිවත්ත පැත්තට හැරිලා ටික දුරක් යද්දි පටන් ගන්නේ රන්දෙණිය වලව්වට අයිති ඉඩම් යාය.....
අක්කර අටක් පුරා පැතිරුණු වලව්වට අයත් ඉඩමේ හරි මැද තමයි රන්දෙණිය වලව්ව ගොඩනගලා තිබුනේ.....
රත්නවාසල දෙමහල්ලන්ට දරුවෝ දෙන්නයි.. .විදුරංග රන්දෙණිය වැඩිමලා වෙද්දි බාලයා උනේ සුලක්ඛනා රන්දෙණිය.... රන්දෙණිය දෙමහල්ලන්ගේ ජීවිතේ ඉර හද වුනේ විදුරංගයි සුලක්ඛනා යි.... ඒත් මීට අවුරුදු විස්සකට කලින් විදුරංගගේ හොදම යාලුවා වුන දේව් අග්‍රවාල් කියන ඉන්දියන් ජාතිකයා රන්දෙණිය වලව්වේ පුර හඳ ඉන්දියාවට අරගෙන ගියාට පස්සේ රන්දෙණිය දෙමහල්ලෝ සුලක්ඛනා නමින් දානයක් පවා දුන්නා.....
"ඔයාගේ නැන්දි අයියත් එක්ක ලංකාවේ පදිංචියට එනවා!!"
සකුන්තලා මැණිකේ හිනා වෙලා කිව්වත් නිම්නගේ මූනේ හිනාවක් තිබුනේ නෑ..... අප්පච්චි ට නන්ගි කෙනෙක් ඉන්නවා කියලා දැනගෙන උන්නත් නිම්න කවදාවත් එයාගේ නැන්දාව හැබහින් දැකලා තිබුනේ නෑ....ඒකට හේතුව සුලක්ඛනා ගේ පින්තූරයක් වත් රන්දෙණිය වලව්වේ ඉතිරි වෙනවට රත්නවාසල මුදියන්සේ කැමති වුනේ නැති එක....
YOU ARE READING
__සිහිලැල් වස්සානේ__ (Taekook nonfiction)
Non-Fiction"උබයි මමයි සහෝදරයෝ සුදු අප්පෝ, ඔය හිතේ තියෙන මනස්ගාත අතෑරලා දාපං" _අක්ෂිත් වස්සාන අග්‍රවාල්_ "සහෝදරයෝ නෙවෙයි ආකී අපි දෙමස්සිනෝ, අමතක කරන්න පුලුවන් දේවල්ද අපි අතරේ සිද්ධ වුනේ ආ!!!" _නිම්න ස...