" හිත හදන්නට වාරු නෑ..
නුඹ දකින්නට හේ-.......කඩේ මුල්ලක උස සෝකේස් එක මුදුනේ තියලා තිවුනු කලු පාට පුංචි රේඩියෝවෙ එකපාරම ප්ලේ උනේ අර අන්ජිතගේ සින්දුවක්..විනාඩි ගානක ඉඳලම සුදු ගවුමක රැලි කිහිපයක් එක්ක ඔට්ටු වෙවී ඉඳපු මගේ ඇගිලි හිටි පාරම නතර වුණේ මටත් හොරාට විත්තිය මට දැනෙන තත්පර ගානක් ගියේ නැහැ..
ලොකු හුස්මක් එක්කම මැෂින් ඉදිකටුව ළඟින් ඔලුව උස්සපු මං මැෂිම ඕෆ් නොකරම අඩියට දෙකට සෝකේස් එක ළඟට පැන ගත්තා.. තව ටික වෙලාවකින් සින්දුවේ ඊළඟට ඇහෙන වචන ටික ආයෙම අහන්න තරම් මටත් වාරුවක් කොහෙද..ඉඳිකටු තුඩෙන් මහලා මහලම .. මැහුම් පාරවල් ගිය හිතත් දැන් හරියට එම්බ්රොයිඩර් කරපු ගෙත්තමක් වෙලා..මැහුම් එක දෙක අස්සෙන් රතු පාට පෙරෙන්නත් බැරි නෑ...කොහොම උනත් මේ ඇසලෙ හීතල නිසාම පෙරෙන ලේ බිංදුත් කැටිවෙන්න තප්පරයක් යන්නෙත් නැහැ...
අනික , හිටි ගමන් හීන් බෝවිටිය පෙත්තක් දෙකක් එක්ක කහින්නත් පුරුද්දකට ගිය පෙනහල්ලත් ...අර ඒකපාර්ශ්විකයි කියන ලෙඩකට පුරුදු වෙලා..මම නොදන්න හනාහකියක් කොහෙද ? මම හැමදාම ඔය කියන කොන්ශුගෙන් අහන්නෙත් මේකත් මොන විදියෙ පරීක්ෂණයක්ද ?
ජීවිතේට හිතන් ඉඳියෙ නැහැ අවුරුදු විසි පහෙන් හයෙන් මල් පෙත්තකට හුස්ම හිරකරගන්න..මං අහන්නෙ මේක ඇත්තටම ඒකපාර්ශ්වික මලක්ද !?
"නෑනෙ....හැමදේකම කැරලිකාරයා උඹම උනු එකේ , බෝවිටිය මල් පෙත්තක් නාස් කුහර දිගේ එන වේදනාව දරාගන්න බැරි නම් ඒකෙ ඇති වැඩේ මොකක්ද ?"
හ්ම්ම්හ්...හැමදාම වගේ ආයෙම ප්රශ්නයන් අහන්න බැරිවෙන්නම මගෙ හිතම මාව දන්ඩනයක හිරකලා..ඒකත් අර හීනිම නූලකින් ...
වේදනාව වැඩිම මගෙ හිත තනියමම හීන් නූලෙන් මහගෙන අගිසෙන් එයාම ගැටිය දාගෙන එකපාර අදිනකොට..
ලේ හතරවටෙට විසිවෙලා යන සද්දෙත් මගෙ අභ්යන්තරෙන් මටම ඇහුනා....මටම පුදුමයි...ඒ මාතෘකාව ළඟදි මගෙ හිත මටම දොස් කිය කියා මටම විරුද්ධයි !!පුදුම වෙන්න දෙයක් නැහැ..! ආදරේ දැනෙන එක කල් ඉකුත් උනාම එන වේදනාව මටත් කලියෙන් දරාගන්නෙ හිතම වෙනකොට..හිතට ආපිට දොස් කියාගන්න මට කොහෙන් ආපු හයියක්ද...
YOU ARE READING
දේවි (𝐃𝐄𝐕𝐈)
Non-Fictionනුපුරුදු කළු පාට හීන පොදියක් එලි කරන්නට මං තැනුව , අනවසරට ලියැවුනු ගීත අසම්මතය !! දේවි......