𝐏𝐀𝐑𝐓 18

109 12 4
                                    

" කවුද ජියෝන් සෝනා කියන්නේ??"

මොකක්ද?? ඔම්මා කිව්වේ ජියෝන් සෝනා කියලද???

"ජියෝන් සෝනා?? කවුද ඒ??"

මෙච්චර වෙලා දොර දිහා බලන් හිටිය මම ඔම්මගේ පැත්ත හැරිලා එහෙම ඇහුවා..මගේ හාට්බීට් එකේ සද්දේ වැඩි වෙනවා මටම ඇහෙනවා..ඔම්මා කොහොමද සෝනා ගැන දන්නේ???

" කවුද කියලා තමයි මමත් අහන්නේ පාක් ජිමින්.."

ඔම්මා එහෙම කියන ගමන් කොහෙන්ද මන්දා නිව්ස් පේපර් එකක් අස්සක තිබිලා ඇදලා ගත්‍ත ෆොටෝස් සෙට් එකක් මේසෙ උඩ විසිරිලා යන විදියට දැම්මා..එක ෆොටෝ එකක් විසි වෙලා මගේ කකුල් දෙක ගාවටම ආවා..ඒකේ හිටියේ මමයි සෝනයි...කොලේජ් එක ඇතුලෙදි මම සෝනගේ ගාව බිම දණ ගහන් එයාගේ සපත්තුවක ලේස් එකක් ගැට ගහනවා..

අයි මෙස්ඩ් අප්ප්ප්!!! මම දැන් මොකක්ද කරන්න ඕන දැන්න්????

" ඒ කෙල්ල කවුරු උනත් ඔයාලා අතරේ තියෙන සම්බන්දේ මොකක් උනත් ඒක වහාම නවත්තල දාන එක ඔයාටයි ඒ කෙල්ලටයි දෙන්නටම හොදයි පාක් ජිමින්..ඔයා සාමාන්‍ය මනුස්සයෙක් නෙවෙයි පරම්පරා ගානක් තිස්සේ එන ලොකු කම්පැනි එකක අනාගත අයිතිකාරයෙක්!! ඒක මතක තියන් වැඩ කර---"

මට ඔම්මා අන්තිමට කියපුවත් ඇහුනේ නෑ මොකද මම ඒ වෙද්දිත් හෙල්මට් එකත් පොලේ ගහලා කුඩු පට්ටම් කරලා මගේ රූම් එකට ඇවිත් ඉවරයි..

" ආහහ්හ්....ඩෑම්ම්න්න්න්...ඔම්මා කොහෙන්ද සෝනා ගැන දැන ගත්තේ!!!!!! ෆොටෝස් සෙට් එකේ හැටියට කීයටවත්ම මේක අද ඊයේ දැන  ගත්ත එකක් වෙන්න නම් බෑ...ඒ මොන මගුලක්වත් දැන් වැඩක් නෑ මම කොහොමද එලියට යාගන්නේ???"

පිස්සෙක් වගේ කාමරේ එහෙට මෙහෙට ඇවිදින ගමන් මම කල්පනා කලේ එලියට යා ගන්න විදියක් ගැන...ආයිශ් ගෝඩ්ඩ්ඩ්ඩ් මම මොකක්ද කරන්න ඕන??? වෙලාව පහමාරත් වෙලා!!!!

ටේ...ටේ!!! ඔව් ටේ!!

" හෙලෝ ටේ මට උදව් කරපන් හදිස්සියක්ක්!! "

මම ඉක්මනට කෙටියෙන් ටේට විස්තරේ කිව්වා..මුලින්ම ඌ කිව්වේ ඌ ගිහින් සෝන ඉන්නවද කියලා බලලා ඉන්නව නම් සෝනව ගෙදරට ඇරලවන්නම් කියලා...ඒත් මගේ තියෙන අදික හිතුවක්කාර කම හින්දා මට කොහොම හරි සෝනව අදම හම්බුවෙන්න ඕන උනා..ඔව් මට බෑ තවත් ඔම්මගේ පදේට නටන්න!! අන්තිමේදි ටේ මම මොනා හරි ගේමක් ගහන්නම් කියලා කෝල් එක කට් කලා..

𝐄𝐕𝐈𝐋 𝐏𝐑𝐈𝐍𝐂𝐄  ||𝗣𝗝𝗠||Where stories live. Discover now