🍁 𝓟𝓪𝓻𝓽 - 02 🍁

191 28 22
                                    

" වෙල් එළියේ වෑ කන්දේ දුව පැන නැටුවාලූ...,
   දෙවැට දිගේ යන එන කොට ඉඟිබිඟි පෑවාලූ...,

කොයි දේසේ හිටියත් නුඹ මගෙමයි කීවාලූ...,
මගේ රන්කඳ මතක නේද අපි දෙන්නා යාලූ...

කොළොම්පුරේ නුඹ ඉන්නා ඉසව්වේ..,
කිරිල්ලියෝ ඉගිලෙනවලු නිදැල්ලේ..."

ඩෙස් එකටත් තට්ටුවක් දාගෙන මායි මගේ හොඳම යාලුවා උන ලියේල් ඌයි කරේ සින්දු කියන එක.., අහ් ම්..වැරදී මම සින්දුව කියනවා.., අරූ තමයි තට්ටුව දාන්නේ. පොඩ්ඩක් එහෙන් මෙහෙන් ඌ මගේ සින්දුවට හරියට බීට් එක දෙන්නේ නැති තැන මාත් තට්ටුවක් දාගෙන ගානට පදමට සින්දුව කියාගෙන හිටියා... හෙන ගහන්න වගේ වේවැලක සද්දයක් ඩෙස් එකේ වැදුනා. ඒ වැදුන පාර දෙයියනේ කියලා ඇඟට එහෙම වැදුනා නම් දෙයියනේ සෙත්තපෝච්චි සාමි....

ඒ වෙන කවුරුත් නෙමෙයි අපේ පන්තිභාර ටීච.. මේ වෙලාවේ අපිට තිබ්බේ පීටී පීරීයඩ් එක ඉතින්, සෙල්ලම් කරන්න කම්මැළි කමට ගියේ නැහ්. අහ් ම් මෙහෙමයි කම්මැළි කමම නෙමෙයි. අපේ පීටී උගන්නන සර් හෙන හොඳයි අප්පා. එයා මේ ගෑණූ ටීචර්ස්ලා වගේ නෙමෙයි අපි එක්ක හෙන ෆිට්. මෙයාලට අපිව දැක්කත් ඇති සාරි පොට ඉනේ ගහන් දුවන් එන්නේ අපිට නෙලන්න... අර අතේ වේවැලත් වරදින්නෙම නැහ්.... අහ් මොකද්ද කිය කිය හිටියේ මං.., අහ්.., අපේ පීටී සර් ඉතින් එයා හෙන ෆ්‍රෙන්ඩ්ලී අපිට පිටට තට්ටුවක් එහෙම දාගෙන හෙන ශේප් එකේ අපිව මේන්ටේයින් කරන්නේ පොර.... අපි ඉතින් හෙන ලව් සර් ට....

" මොකද යක්කුනේ මේ බෙරිහන් දෙන්නේ..
අහ්, අර අනිත් පන්ති වලට උගන්නනවා...තොපිලා මෙහෙම කෑගැහැව්වම අර ළමයි කොහොමද ඉගෙන ගන්නේ...

"තොපි කියන්නේ තොපිලා වගේම වෙන්න කියලද ඒ පොඩි උන්ටත්... "

දැන් මොකද්ද තියෙන විෂය...!!! "

"මිස් මේ දැන් තියෙන්නේ පීටී "

ඒ වෙන කවුරුත් නෙමෙයි ඒ ඉන්නේ අපේ පැන පැන සර්විස් අපේ පන්ති මොනිටර දිනෙත්...

" අහ් ඇයි අද ජානක සර් ඇවිල්ලා නැද්ද..."

" නැහ් මිස් සර් අද නිවාඩු ද කොහෙද "

මන්දාරම් වැහි..🍃Where stories live. Discover now