09

411 34 3
                                    

පොඩි ගැස්මක් හිතට ආවෙ මං හිතුවට වඩා ඉක්මනින් බාප්ප වැඩ පටන් අරන් කියල තේරුණු නිසා. චූටි මාම ඉස්සරහ මොන දේ කිව්වත් බාප්ප කියන්නෙ හිතක් පපුවත් නැති මිනිහෙක් විත්තිය මට වඩා දන්න කෙනෙක් නැතුව ඇති.

කොහොම උනත් කොල්ලගෙ කතාව A to Z අහගෙන මම කල්පනාවෙන්ම කාර් එක ඩ්‍රයිව් කලේ ටවුන් එකෙන් පොඩ්ඩක් එහාට.

අමුතු අමුතු මිනිස්සු මිනිස්සු ටවුන් එකේ දකිනවලු. මාරෝ මේ පොඩි එකෙක් අල්ලන්න ඔච්චර නටයිද කියල එවෙලෙ මට හිතුණත් මම ඒ හිතුව එක වැරදිලා තිබ්බා.

Hangout එකට යන්න මම ගත්තු තීරණේ හරිද කියල ආයෙ ආයෙම හිත මගෙන් අහද්දි වෙලක් අයිනෙ නිදහස් තැනක් බලල මං වාහනේ නතර කලේ එතනම ඉස්සරහ පොඩි පේස්ට්‍රි ශොප් එකකුත් තිබ්බ නිසා.

"ඕන දෙයක් කනව නේද? මං මොනා හරි ගේනකන් කාර් එකටම වෙලා ඉන්නෙ."

"සැර දෙයක් ඕනෙ කන්න. කූල් දෙයක් ඕනෙ බොන්න..."

"ම්ම්ම්"

චිකන් පෆ් වගේකුයි ෆිෂ් රෝල් තුනකුයි එක්ක ලෙමනේඩ් එකකුයි කෝක් එකකුයි ගත්තෙ ඕන දෙයක් කාල ඕන දෙයක් බොයිනෙ කියල. එහෙමම වාහනේට ගිහින් කෑම පාර්ස්ල් ටික නිකිල්ගෙ ඔඩොක්කුවට දැම්මෙ බීම බෝතල් දෙක සීට්ස් දෙක මැද ස්පේස් එකෙන් තියන ගමන්.

"මේ මොකටද අප්පා මෙච්චර කෑම? ඔයාට පිස්සුද අයියෙ? "

"මට නම් ඉතින් පිස්සු කියල තමුසෙ අද නෙමේනෙ දන්නෙ. එදා කැෆේ එකේදිත් ඕක මගෙන් ඇහුවනෙ."

නිකිල් අහපු ප්‍රශ්නෙට මම පරණ කෝන්තරේකුත් ඇදගෙන උත්තර දුන්නෙ කට කොනකට හිනාවකුත් ගන්න ගමන්. ඒක හෙන නක්කල් හිනාවක් කියල සයිඩ් මිරර් එකෙන් මට ම පෙනුනා.

ආදරෙයි තමා ඉතින් එහෙමයි කියල අවස්ථාව ආවම කියන්න තියන ටික නොකිය බෑනෙ. ඔය සිරා සරා සඳ වගේ ලව් කරන්න මේ විරා දන්නෙ නෑ. එච්චරා.........යිහ්

"ඔයා මගෙන් පලිගන්නවද අයියේ? එදා ගියත් හරි නිකමට මට මැසේජ් එකක්වත් දැම්මද හොඳින් ඉන්නවද අහල? ආදරේ නම් එහෙම පුලුවන් ද? අනික පොඩ්ඩක් තේරුම් ගන්න බැරිද මම ඒ වෙලේ බය උන නිසයි එහෙම කෑගැහුවෙ කියල"

Fierce Love: Taming the Gang Leader's Heart (On Hold)Where stories live. Discover now